Highlights
- ඔස්ට්‍රේලියාවේ සුදුසුකම් ලත් වැඩිහිටි ජනගහනයෙන් සියයට 80 කට කොවිඩ් එන්නත ලබා දීමෙන් පසු lockdown කිරීම් සහ ප්‍රාන්ත සීමා වසා දැමීම අවසන් කරන ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉල්ලා සිටිනවා.
- එහිදී බටහිර ඔස්ට්‍රේලියාව වැනි ප්‍රාන්තවලට මහාධිකරණ අභියෝගයන්ට පවා මුහුණ දීමට සිදු විය හැකි බවට අනතුරු අඟවා තිබේ.
- වික්ටෝරියා ප්‍රාන්තයේ දෛනික කොවිඩ් ආසාදිතයින් ප්‍රමාණය ක්‍රමිකව ඉහළ නගින බැවින් ප්‍රාන්තය යළි විවෘත කිරීම පිළිබඳ නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කළ නොහැකි බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති පවසයි.
- දැඩි lockdown නීති යටතේ මිනිසුන් දුක් විඳින ආකාරය ගැන ඇසීමට ප්‍රාන්ත අගමැතිනියට අවශ්‍ය නැති බව Canterbury-Bankstown නගරාධිපති Khal Asfour චෝදනා කරයි.