මෙවර අයවැයේ එක් ප්‍රධාන අවධානයක් යොමු වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණ පද්ධතියට සිදුකරන වෙනස්කම් වෙතයි. රට තුළ පවතින සේවක හිඟයට පිළියම් ලෙස, වඩාත් උසස් අධ්‍යාපනයක් ඇති, වැඩි කුසලතා සහිත, තරුණ සංක්‍රමණිකයන්ට ප්‍රමුඛතාව ලබා දෙන ස්ථිර සංක්‍රමණ වැඩසටහනේ මුළු ස්ථාන සංඛ්‍යාව 185,000ක් ලෙසම පවත්වාගෙන යන්න රජය තීරණය කර තිබෙනවා. ඒ අතරින් සියයට 70කට වැඩි ප්‍රමාණයක් කුසලතා සහිත සංක්‍රමණිකයන් සඳහා වෙන් කිරීමට නියමිතයි. විශේෂයෙන්ම ආබාධිත ප්‍රජාව, බහුසංස්කෘතික ප්‍රජාව, සහ ස්වදේශික ජනතාව වෙනුවෙන් කටයුතු කරන සංවිධාන, මෙවර අයවැය තම ප්‍රජාවන්ට බලපාන ආකාරය පිළිබඳවත් අදහස් පළ කර තිබෙනවා. මේ ගැන වැඩිදුර තොරතුරු තමයි අද කාලීන විග්‍රහයෙන් අපි ඔබ වෙත ගෙන එන්නේ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






