ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 සැප්තැම්බර් 06 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- එක්සත් රාජධානියෙන් ඔස්ට්‍රේලියාවට තවත් Pfizer එන්නත් මාත්‍රා 450,000 ක්.
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් පාලන හා ප්‍රාන්තය යළි විවෘත කිරීමේ ආකෘතිය මේ සතියේදී නිකුත් කෙරේ.
- ගතවු පැය 24 තුළ වික්ටෝරියා ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් 246 ක්.
- ACT හි 12 වසර පාසල් සිසුන්ට කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා සති දෙකක කාලයක්.
- ගතවූ පැය 24 තුළ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් කිසිදු කොවිඩ් ආසාදිතයෙකු වාර්තා නොවෙයි.
- ඇෆ්ගනිස්තානයෙන් පළා යන ඇෆ්ගන් සරණාගතයින් පිළිගන්නා ලෙස පාප් වහන්සේ ලෝකයේ රටවලින් ඉල්ලයි.
- චීනය මුල් තැනට ගෙනෙමින් ටෝකියෝ පැරාලිම්පික් උළෙල සාර්ථකව නිමා කෙරේ.
Share






