ඔස්ට්‍රේලියාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2021 නොවැම්බර් 22 වන දා සඳුදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දීමට ඉහත ඡායාරූපය මත ඇති speaker සලකුණ මත click කරන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුව මේ වසරේ අවසන් වරට අද යළි රැස්වෙයි.
- කොවිඩ් එන්නත් විරෝධි විරෝධතාකරුවන්ට සහය දැක්වුවා යයි ඔස්ට්‍රේලියානු අගමැතිට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති යළිත් දොස් පවරයි.
- දෙසැම්බර් 15 ට පෙර කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින්ට කොවිඩ් නීති ලිහිල් කිරීම නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති ප්‍රතික්ෂේප කරයි.
- තම මව සමඟ මෙල්බර්න් සිට හෝබාර්ට් වෙත ගමන් කළ මාස 18ක පිරිමි ළමයෙකුට කොවිඩ් ආසාදනය වෙයි.
- Northern Territory හි තවත් කලාප දෙකක් lockdown කරයි.
- SBS මාධ්‍ය ජාලයෙන් නොමිලේ නැරඹිය හැකි තවත් රූපවාහිනී ප්‍රවෘත්ති නාලිකාවක්.
- පලස්තීන ප්‍රහාරකයෙකු විසින් ජෙරුසලමේදී ඊශ්‍රායල ජාතිකයෙකු මරා දමා තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කරයි.
- ශ්‍රී ලංකා - කොදෙව් පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදීම නයක් දිමුත්ගෙන් අගනා ශතකයක්.
- ICC තරග තීරකවරුන්ගේ ප්‍රධානී රංජන් මඩුගල්ලේගෙන් නව ලෝක වාර්තාවක්.
Share






