Aged Care සේවකයන්ට වසර දෙකකින් ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි නවතම මාර්ගය මෙන්න

Australian PR Pathway Opens for Aged Care Workers

Source: Getty / Getty Images/FotografiaBasica

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දුන් නව Aged Care Industry Labour Agreement හෙවත් Aged Care කර්මාන්තයේ නව ශ්‍රම ගිවිසුම යටතේ Aged Care සේවකයින්ට වසර දෙකකින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට හැකි මාර්ගයක් මධ්‍යම රජය විසින් විවර කර දී ඇත.


ඔස්ට්‍රේලියාවේ Aged Care සේවකයින්ට වසර දෙකකින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට හැකි මාර්ගයක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විවර කර තිබේ.

මේ බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිවේදනය කර ඇත.

Aged Care සේවකයින්ට වසර දෙකකින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දුන් නව Aged Care Industry Labour Agreement හෙවත් Aged Care කර්මාන්තයේ නව ශ්‍රම ගිවිසුම යටතේ Aged Care සේවකයින්ට වසර දෙකකින් ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා ගැනීමට හැකි මාර්ගයක් මධ්‍යම රජය විසින් විවර කර දී ඇත.

මෙම නව ශ්‍රම ගිවිසුම මගින් Aged Care අංශයේ සේවය කිරීම සඳහා සුදුසුකම් ලත් සේවකයින් විදේශයන්හි සිට සෘජුව බඳවා ගැනීම විධිමත් කරන බවද මධ්‍යම රජය පවසයි.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

Aged Care අංශයේ රැකියා කිරීමට අවශ්‍ය සුදුසුකම් ඇති ඔස්ට්‍රේලියානුවන් නොමැති විට අදාළ සේවා යෝජකයන්ට මෙම නව ගිවිසුම භාවිත කර සේවකයින් ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගත හැකිවේ.

ඔස්ට්‍රේලියානු Aged Care සේවා සපයන්නන්ට දැන් මෙම නව ශ්‍රම ගිවිසුම ලබා ගැනීම සඳහා අයදුම් කිරීමට හැකියාව ඇත.

මෙම ගිවිසුමට ප්‍රවේශ වීම සඳහා, සේවා යෝජකයින් ප්‍රථමයෙන් අදාළ වෘත්තීය සංගමය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹිය යුතුය.

Employer Nomination Scheme හෙවත් 186 වීසා වැඩසටහන යටතේ ස්ථිර පදිංචිය සඳහා විදේශගත ශ්‍රමිකයන්ට අනුග්‍රහය දැක්වීමටද මේ හරහා හැකියාව ලැබේ.

ඒ සඳහා සෘජු care වෘත්තියකයෙකු ලෙස ඔස්ට්‍රේලියාවේ අවම වශයෙන් වසර දෙකක පූර්ණ කාලීන සේවා පළපුරුද්දක් අදාළ අයදුම්කරුවන්ට තිබිය යුතුය.

එම වසර දෙකක සේවා පළපුරුද්ද ලබා ගැනීමේදී එකම සේවා යෝජකයකු යටතේ සේවය කිරීම අනිවාර්ය නොවන අතර නිශ්චිත වීසා ඛාණ්ඩයක් යටතේ එම අයදුම්කරුවන් සිටීම අවශ්‍ය නැති බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

පහත සඳහන් වෘත්තීන්වල පුරප්පාඩු පියවා ගැනීම පිණිස මෙම නව ශ්‍රම ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවේ Aged Care සේවා සපයන්නන් හට 482 වීසා සඳහා විදෙස් ශ්‍රමිකයින්ට වීසා අනුග්‍රහය දැක්විය හැකිය.

  • Nursing Support Worker
  • Personal Care Assistant
  • Aged Carer
  • Disabled Carer

නමුත් එහිදී අදාළ පුරප්පාඩු පියවා ගැනීම පිණිස ඔස්ට්‍රේලියාව තුළ එම සමාගම සැබෑ උත්සහයක් ගත් බවක් පෙන්විය යුතු බවද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

ප්‍රධාන සහන

  • Employer Nomination වීසා වැඩසටහන හරහා වසර දෙකකින් පසුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට හැකිවීම.
  • වීසා අයදුම්පත් සලකා බැලීමේදී ප්‍රමුඛත්වයක් ලැබීම.
  • අධාපනය ලැබීමෙන් පසුව රැකියා පළපුරුද්ද ලබා තිබීම යන කොන්දේසිය අදාළ නොවේ.
  • අදාළ ප්‍රජා භාෂා කුසලතා ඇති ශ්‍රමිකයින් සඳහා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ සහන ලැබීම.
  • වාර්ෂික වැටුප අවම වශයෙන් ඔස්ට්‍රේලියානු ඩොලර් 51,222 ක් ඉපයීම හෝ ඔස්ට්‍රේලියානු වෙළඳපොළ වැටුප් අනුපාතයට සරිලන ප්‍රමාණයක් ඉපයීම හෝ යන දෙකින් වැඩි වැටුපක් ගැනීම.

වීසා අයදුම් කිරීමේදී සලකා බලන ප්‍රධාන අවශ්‍යතා

  • අදාළ වෘත්තියේ Australian Qualifications Framework හෙවත් AQF Certificate III හෝ ඊට සමාන හෝ ඊට ඉහළ සුදුසුකමක් තිබිය යුතුය. ඔබට මාස 12 ක අදාළ සේවා පළපුරුද්ද හෝ අර්ධකාලීනව ඊට සමාන සේවා පළපුරුද්දක් ද තිබිය යුතුය.
  • ඔබ විදේශයකදී ඔබේ අධ්‍යාපන සුදුසුකම් ලබාගෙන ඇත්නම් Australian Nursing and Midwifery Accreditation Council හෝ Australian Community Workers Association මගින් අනුමත කළ skills assessment එකක් ලබාගත යුතුය. විධිමත් සුදුසුකම් වෙනුවට ඔබ සේවා පළපුරුද්ද ඉල්ලා සිටින්නේ නම් මෙයද අදාළ වේ.
  • අවම වශයෙන් IELTS 5.0 හෝ ඊට සමාන ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතා මට්ටමක් තිබිය යුතුය. සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ aged care සේවා සපයන්නන් විසින් භාවිතා කරනු ලබන ඉලක්කගත ප්‍රජා භාෂා කුසලතා ඇති සේවකයින්ට අවම වශයෙන් IELTS 4.5 හෝ ඊට සමාන අගයක් අවශ්‍ය වේ.

 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now

Aged Care සේවකයන්ට වසර දෙකකින් ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි නවතම මාර්ගය මෙන්න | SBS Sinhala