Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේ Tax Return යොමු කරන විට මුදල් වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන අයුරු පිළිබද ATO එකෙන් උපදෙස්

Annual Tax Return

Australians lodging their tax returns are being warned against Tax scammers Source: Getty / Getty Images/Marilyn Nieves

මෙම බදු සමයේදී මුදල් වංචාකරුවන්ගේ හැසිරීම් පිළිබඳව විමසිලිමත් වන ලෙසත් තම පුද්ගලික තොරතුරු පිළිබඳව විමසිලිමත් වන ලෙසත් ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ගෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉල්ලා සිටියි.


ඔස්ට්‍රේලියාවේ එක් මුල්‍ය වර්ෂයක් අවසන් වන විට සහ ආදායම් බදු කාලය ළං වන විට බදු වංචාකරුවන් විසින් බදු ගෙවන්නන්ව ඉලක්ක කර ගැනීමේ වැඩි සම්භාවිතාවක් පවතී.

මෙම බදු කාල සීමාව තුළ ඉහළ පෙළේ වංචා ක්‍රියාකාරකම් සහ නව බදු වංචාවන් ඔස්ට්‍රේලියාව පුරා ව්‍යාප්ත වනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයද අපේක්ෂා කරයි.

බදු වංචාකරුවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස රජයෙන් ඉල්ලීමක්

මෙම බදු සමයේදී මුදල් වංචාකරුවන්ගේ හැසිරීම් පිළිබඳව විමසිලිමත් වන ලෙසත් තම පුද්ගලික තොරතුරු පිළිබඳව විමසිලිමත් වන ලෙසත් ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ගෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉල්ලා සිටියි.

2021-22 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයට බදු ගෙවන්නන්ගෙන් මුදල් වංචා පිළිබඳ පැමිණිලි 20,000 කට වඩා ලැබී ඇති අතර 2022-23 දී දැනටමත් පැමිණිලි 19,843 ක් ලැබී ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.

———————————————————————————

පුද්ගලාරෝපණ වංචාවන් හෙවත් යම් පුද්ගලයෙකු හෝ නිලධාරියෙකු හෝ ආයතනයක් හෝ ලෙස පෙනී සිටිමින් සිදුකරන වංචාවන් බොහෝ විට බදු කාලය තුළ දක්නට ලැබෙන බව මධ්‍යම රජයේ සහකාර භාණ්ඩාගාර අමාත්‍ය Stephen Jones පවසයි.

අදාළ වංචාකරුවන් ව්‍යාජ myGov පිවිසුම් පිටුවකට එවන link එකක් හරහා පුද්ගලයන් සම්බන්ධ කර ගන්නා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ලෙස ද පෙනී සිටිනු ඇතැයි ඔහු පවසයි.

අනතුරු ඇඟවීම්

වංචාකරුවන් බදු ගෙවන්නන් මුලා කිරීමට පහත උපක්‍රම භාවිත කිරීමට ඉඩ ඇති බවට මධ්‍යම රජයේ සහකාර භාණ්ඩාගාර අමාත්‍ය Stephen Jones පෙන්වා දෙයි.

සමාජ මාධ්‍යවල ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) ලෙස වංචාකරුවන් පෙනී සිටින අතර ඔබේ බදු සහ super අරමුදලේ ප්‍රශ්න සඳහා ඔබට උපකාර කිරීමට ඉදිරිපත් වනු ඇත. අවාසනාවකට, ඔවුන් ඔබේ පුද්ගලික තොරතුරු ඉන් බලාපොරොත්තු වේ.

“Refund” එකක් හෙවත් "ආපසු ගෙවීමක්" පිරිනැමීම සමඟ නොසැලකිලිමත් පුද්ගලයින් ආකර්ෂණය කර ගැනීමට හැකිය. එකම ප්‍රශ්නය නම් ඒවා ව්‍යාජ ඒවා වීමයි. ඔවුන් සාමාන්‍යයෙන් ඔබේ අවධානය ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ලෙස පෙනී සිටින අතර පසුව ඔබ වෙනුවෙන් 'ආපසු ගෙවීමක්' ඇති බවට ඔබට දන්වනු ඇත.

ඔබෙන් පුද්ගලික තොරතුරු රැස්කර ගැනීම සඳහා ඔවුන් හැකිතාක් දුරට ඔබව සංවාදයක නිරතව තබා ගැනීමට උත්සාහ කරනු ඇත.

දුරකථන ඇමතුම්, සමාජ මාධ්‍යවල පුද්ගලික පණිවිඩයක්, විද්‍යුත් තැපෑලක් හෝ කෙටි පණිවිඩයක් ඇතුළුව ඔබව සම්බන්ධ කර ගැනීමට සියලු වර්ගවල ක්‍රම මෙහිදී අදාළ වංචාකරුවන් භාවිතා කළ හැකිය.

 

බදු කාලය තුළ වංචාකරුවන්ගෙන් ආරක්ෂා විය හැකි ක්‍රම

  • ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය කිසිවිටෙක ඔබට ඔවුන්ගේ online සේවාවන් වෙත log වීමට link එකක් නොඑවන බව හෝ සමාජ මාධ්‍ය, විද්‍යුත් තැපෑල හෝ SMS හරහා පුද්ගලික තොරතුරු එවීමට ඔබෙන් ඉල්ලා නොසිටින බව සිහි තබා ගන්න.
  • ඕනෑම සැක සහිත දුරකතන ඇමතුමක්, කෙටි පණිවිඩයක්, විද්‍යුත් තැපැල් පණිවිඩයක් ඇත්නම් ReportScams@ato.gov.au හරහා ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයටහෝ Scamwatch වෙත පැමිණිලි කරන්න.
  • ඔබගේ සමාජ මාධ්‍ය ගිණුමෙන් සැක කටයුතු අයව මකා දමන්න හෝ අදාළ සමාජ මාධ්‍ය ගිණුම් අවහිර කරන්න
  • කිසියම් සම්බන්ධතාවයක් සැක සහිත බව පෙනේ නම් ප්‍රතිචාර නොදක්වන්න. ඒ වෙනුවට, ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ඔබ සමඟ කතා කළේ දැයි පරීක්ෂා කිරීමට 1800 008 540 යන දුරකතන අංකය අමතන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now