තම සිහින නිවහන වෙනුවට කුඩා නිවාස මිලදී ගන්න ඕස්ට්‍රේලියාවේ පළමු නිවාස ගැනුම් කරුවන් ගැන විස්තරය මෙන්න.

Couple holding a piggy bank in their new home. Home savings concept.

First Home buyers settling for small houses Credit: courtneyk/Getty Images

ඕස්ට්‍රේලියාවේ පවතින ඉතා ඉහල නිවාස මිල ගණන් හේතුවෙන් තම පළමු නිවස මිලදී ගන්නන් සඳහා ඉතා අසීරු තත්වයක් ඇති වී තිබේ. මෙහිදී බොහෝ දෙනාට දෙමාපියන්ගේ හෝ වෙනත් අයගේ උදව් නොමැතිව නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය මූලික තැම්පතුව ඉතිරි කරගැනීමේ අපහසු තාවයක් පවතී. මේ අසීරු තත්වය හමුවේ උවද සමහර පළමු නිවාස ගැනුම් කරුවන් තමන්ට අවශ්‍ය මූලික තැම්පතුව ඉතිරිකර ගැනීමට කටයුතු කර තිබෙනවා.


Sam Nielsen කියන්නේ තනියෙන් තමන්ගේ පළමු නිවාස මිලදී ගැනීමට කටයුතු කල අයෙක්. වයස අවුරුදු 28ක් වන ඔහු අවුරුදු 10ක් විවිද අවස්ථාවල නිවසක් මිලදී ගැනීමට කටයුතු කර තිබේ. Perth නුවර Call Centre කළමනාකරුවකු ලෙස සේවයේ නියුතු ඔහු කුලී නිවාස මිලගණන් ඉහල යාම නිසා දැඩි පීඩනයකට ලක්වූ අයෙක්. සතියකට $500 ක් ගෙවාවත් කුලී නිවසක් සොයාගැනීමට නොමැති බව ඔහු පවසා සිටී.

තම සිහින නිවහන මිලදීගැනීමට නොසිට කුඩා නිවසක් හෝ තට්ටු නිවසක් හෝ මිලදීගෙන නිවාස වෙළඳ පොලට අවතීර්ණ වීම ඉතා වැදගත්
Scott Partridge
පවතින දැඩි නිවාස අර්බුදය හේතුවෙන් නිවසක් මිලදීගැනීමට ඔහු අන් සෑම දෙයකටම වඩා ප්‍රමුඛතාවය දීමට කටයුතු කර තිබේ. මෙහිදී කොටස් වෙළඳපොලේ පැවති තම අනෙකුත් ආයෝජන විකුණා දමා, තම සියලුම ඉතුරුම් මුදල් එකතුකර අවශ්‍ය මූලික තැම්පතු රැස්කර ගැනීමට ඔහු කටයුතු කර තිබේ. මෙහිදී අවශ්‍ය 20% ක මූලික තැම්පතුව රැස්කර ගැනීමට නොහැකි උවද රජයේ First Home Owner's Guarantee වැඩසටහන හේතුවෙන් LMI රක්‍ෂණ ගාස්තු ගෙවීමකින් තොරව නිවාසය මිලදීගැනීමට ඔහුට හැකි වී තිබේ.

කෙසේ උවත් පවතින නිවාස මිල ගණන් යටතේ තමාට අවශ්‍ය නිවස මිලදී ගැනීමට ඔහුට නොහැකි වී ඇති අතර කාමර දෙකක තට්ටු නිවාසයකින් සෑහීමකට පත්වීමට සිදු වී තිබේ. කෙසේ උවත් නිවාස හිමිකරුවකු ලෙස නිවාස වෙළඳපොලට ඇතුලත් වීමට හැකියාව ලැබීම විශාල ජයග්‍රහණයක් බව ඔහු පවසා සිටී.

තම ආදායමේ 5%ක් හෝ 10%ක් ඉතිරි කිරීමට කටයුතු කලේනම් මින් පෙර නිවසක් මිලදීගැනීමේ හැකියාව ඔහුට පැවතුන බව ඔහු සඳහන් කර සිටී.
නිවසක් මිලදී ගැනීමේදී ධනවත් ව්‍යාපාරිකයින් සමග තරඟ කිරීමට සිදු උවද මෙම first home buyer scheme ක්‍රමවේදය යටතේ පහසුවෙන් නිවසක් මිලදීගැනීමට හැකි තත්වයක් පවතිනවා.
බැංකු නිලධාරියකු වන තිස් හතර හැවිරිදි Ash Kalia සහ ඔහුගේ බිරිඳ මේ ආකාරයෙන් තම පළමු නිවස මිලදී ගැනීමට අවශ්‍ය මූලික තැම්පතුව ඉතිරිකර ගැනීමට සමත් වූ Victoria ප්‍රාන්තයේ ජීවත්වන යුවලකි. මෙම මූලික තැම්පතුව ඉතිරිකර ගැනීම සඳහා තම ජීවන තත්වයේ යම් යම් වෙනස්කම් සිදුකල බවද ඔවුන් පවසා සිටී. විශේෂයෙන්ම එළියෙන් ආහාර මිලදී ගැනීම, කෝපි මිලදීගැනීම වැනිදා තම දෛනික පුරුදු වලින් ඉවත් කර සකසුරුවම් මානසිකත්වයක් සාදාගත් බව ඔවුන් පවසා සිටී.

කෙසේ උවත් තම සිහින නිවාස ලබා ගැනීමට ඔවුනට නොහැකි වී ඇති අතර පවතින නිවාස මිල ගණන් යටතේ ඔවුනට කාමර තුනේ නිවසක් $660000කට මිලදී ගැනීමට හැකිවී තිබේ. තමන් බලාපොරොතු වූ නිවාසය ලබා ගැනීමට නොහැකි උවද පළමු නිවාස ලබා ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව ඔවුන් පවසා සිටී.

රජයේ first home buyer scheme ක්‍රමය යටතේ තම පළමු නිවාස මිලදී ගැනීමට Sara and Pedro කටයුතු කර තිබේ. මෙහිදී ඉතිරි කිරීමට අවශ්‍ය වන්නේ 5%ක මුදලක් පමණක් බැවින් ඉතා පහසුවෙන් නිවාස වෙළඳපොළට ඇතුළුවීමට හැකි වූ බව ඔවුන් පවසා සිටී.

නිවසක් මිලදී ගැනීමේදී ධනවත් ව්‍යාපාරිකයින් සමග තරඟ කිරීමට සිදු උවද තමන් වැනි අයටද මෙම first home buyer scheme ක්‍රමවේදය යටතේ පහසුවෙන් නිවසක් මිලදීගැනීමට හැකි බව ඔවුන් පවසා සිටී.

ඔස්ට්‍රේලියාව තුල නිවාස වෙළඳපොලේ වර්තමාන තත්වය කෙබඳුද?

ඔස්ට්‍රේලියාවේ නිවසක මිල ගණන් $780000 දක්වා ඉහල ගොස් තිබේ. ඩොලර් මිලියන 1.069 ක මධ්‍ය නිවාස මිලක් සහිතව, සිඩ්නි මිලදී ගැනීමට වඩාත්ම මිල අධික නගරය බවට පත් වී ඇති අතර, ඉන් පසුව පසුව මෙල්බර්න් ($802,000), බ්‍රිස්බේන් ($801,000), ඇඩිලේඩ් ($723,000), හෝබාර්ට් ($662,000) සහ පර්ත් ($660,000) නගර පසුවේ.

මෙහිදී පළමු නිවාස ගැනුම් කරුවන්ගේ යම් ඉහල යාමක් දක්නට ඇති බව වාර්තා වේ. පෙර වසරට සාපේක්ෂව 13.2කින් පළමු නිවාස ගැනුම් කරුවන් ලබා ගන්නා බැංකු නය ප්‍රමාණය ඉහල ගොස් තිබේ.

කෙසේ උවත් දිගුකාලීනව නිවාස මිලදී ගන්නන්ගේ ප්‍රමාණය අඩු වෙමින් පවතින බව CoreLogic ආර්ථික විද්‍යාඥ Eliza Owen පැහැදිලි කර සිටී.

පළමු නිවාස ගැනුම්කරුවන් සියල්ලන්ටම පාහේ පවුලේ අයගේ උපකාරය හෝ මුද්දර ගාස්තු කප්පාදුව හෝ පළමු නිවස ගැනුම්කරුගේ ප්‍රදාන වශයෙන් රජයේ ආධාර ලබාගන්නා බව පළමු නිවාස ගැනුම්කරුවන් ට තම සේවය ලබා දෙන Mortgage broker කෙනෙක් ලෙස කටයුතු කරන Scott Partridge පවසා සිටිනවා. මෙහිදී තම සිහින නිවහන මිලදීගැනීමට නොසිට කුඩා නිවසක් හෝ තට්ටු නිවසක් හෝ මිලදීගෙන නිවාස වෙළඳ පොලට අවතීර්ණ වීම ඉතා වැදගත් බව Scott Partridge වැඩිදුරටත් පවසා සිටිනවා.

ඕස්ට්‍රේලියාව ගැන රසවත් කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් ඕනෑම පොඩ්කාස්ට් මාධ්‍යයක SBS සිංහල සර්ච් කරන්න. වැඩි විස්තර සඳහා www.sbs.com.au/sinhala වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service