Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

නිවාස ණය පොලී අඩුකරන දිනය ගැන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු පරස්පර විරෝධී මත කිහිපයක

A composite image of signage of Australia's 'big four' banks ANZ, Westpac, the Commonwealth Bank (CBA) and the National Australia Bank (NAB) signage in Sydney, Friday, Oct. 23, 2015. (AAP Image/Joel Carrett) NO ARCHIVING

Signage of Australia's 'big four' banks ANZ, Westpac, the Commonwealth Bank (CBA) and the National Australia Bank (NAB) Source: AAP / AAP Image/Joel Carrett

ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත කප්පාදුවක් මේ වසරේ සිදුවනු ඇති බවට බොහෝ දෙනා අපේක්‍ෂා කරනවා. කෙසේ උවත් ප්‍රථම පොලී අනුපාත කප්පාදුව එන දිනය ගැන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු පරස්පර විරෝධී මත දරන්න පටන් අරන් තිබෙනවා.


Published

By Dinesh Liyanage, Cameron Carr

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පොලී අනුපාත කප්පාදුවක් මේ වසරේ සිදුවනු ඇති බවට බොහෝ දෙනා අපේක්‍ෂා කරනවා. කෙසේ උවත් ප්‍රථම පොලී අනුපාත කප්පාදුව එන දිනය ගැන ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු පරස්පර විරෝධී මත දරන්න පටන් අරන් තිබෙනවා.


බොහෝ දෙනා මේ වසරේ ඔස්ට්‍රියාවේ ප්‍රථම පොලී අනුපාත කප්පාදුව සිදුවනු ඇති බවට අපේක්ෂා කරනවා. ආර්ථිකයේ පවතින විවිද සාධක මත ඕස්ට්‍රේලියානු මහබැංකුව විසින් මෙම තීරණය ගනු ලබනවා. කෙසේ උවත් පොලී අනුපාත කප්පාදුව සිදුවන දිනය සම්බන්දයෙන් ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර යම් පරස්පර විරෝධී මත දරනවා.

ANZ

ප්‍රථම පොලී අනුපාත කප්පාදුව මේ වසරේ පෙබරවාරි මාසයේ සිදුවනු ඇති බවට ANZ බැංකුව අනාවැකි පළකරනවා. කෙසේඋවත් පොලී අනුපාත කප්පදුකිරීම් දෙකක් පමණක් මේ වසර තුල සිදුවනු ඇති බවට ඔවුන් අනුමාන කරනවා.

Commonwealth bank

Commonwealth බැංකුවද පෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් එනු ඇතිබවට අනාවැකි පළකර සිටිනවා. මේ වසරේ පොලී අනුපාත කප්පාදු කිරීම් 4ක් සිදුකරනු ඇති බවට Commonwealth බංකුව අනාවැකි පල කරනවා.

Westpac

පෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් ඒ සඳහා මැයපෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු නොවනු ඇති බවත් ඒ සඳහා මැයි මාසය වනතෙක් බලා සිටීමට ඕස්ට්‍රේලියානුවන්ට සිදුවනු ඇති බවත් Westpac බැංකුව පවසනවා. කෙසේ උවත් මේ වසර තුල පොලී අනුපාත කප්පදුකිරීම් හතරක් සිදුවනු ඇති බවට Westpac බැංකුව ප්‍රකාශ කර සිටිනවා.

NAB

මයි මාසයේදී පළමු පොලී අනුපාත කප්පාදුව සිදුවනු ඇති බවත් මේ වසර තුල පොලී අනුපාත කප්පාදු කිරීම් 5ක් තමන් අපේක්ෂා කරන බවත් NAB අනාවැකි පළකර සිටිනවා.

පොලී අනුප්පාත කප්පාදු හරහා ඕස්ට්‍රේලියාවේ නිවාස හිමියන්ට කොපමණ මුදලක් ඉතිරි කර ගත හැකිද?

ඩොලර් ලක්ෂ 6ක නිවාස ණයක් ඇති ණය ගෙවීමට ඇති කාලය අවුරුදු 25ක් වන ණය හිමියකුට එක වරක් සිදුවන පොලී අනුපාත කප්පාදුවක් හරහා මසකට ඩොලර් 92ක් ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනවා. NAB බැංකුව අනුමාන කරන ආකාරයට පොලී අනුපාත කප්පාදු කිරීම් 5ක් සිදු උවහොත් ඉහත උදාහරණයේ සඳහන් කල පුද්ගලයාට මසකට $441ක් ඉතිරි කරගැනීමට හැකි වනවා. මෙහිදී පොලී අනුපාතය 6.23%ක් ලෙස අනුමාන කර කර ඇති අතර එක පොලී අනුපාත කප්පාදුවක් යනු 0.25ක ප්‍රතිශතයකින් මහබැංකුවේ පොලී අනුපාත අඩු කිරීමක් වනවා.

canster data.jpg

ඕස්ට්‍රේලියාවේ දිගුකාලීනව ඇති උද්දමන අනුපාතයේ සාමාන්‍යය 3.5% සිට 3.2% දක්වා අඩු වී තිබෙනවා. මෙම අගය 2%ත් 3%ත් අතර පවත්වා ගැනීමට මහ බැංකුව අපේක්ෂා කරනවා.

පෙබරවාරි මාසයේ පොලී අනුපාත කප්පාදුවක් සිදුවීමට වැඩි ඉඩකඩක් ඇති බවත් ඉදිරි සති කිහිපය තුල ලැබෙන උද්දමනය සහ විරැකියා අනුපාතය වැනි දත්ත හේතුවෙන් මෙම තත්වය වෙනස් විය හැකි බවත් ඕස්ට්‍රේලියාවේ මූල්‍යමය කටයුතු පිළිබඳව පර්යේෂණ සහ සැසඳීම් සිදුකරන Canstar ආයතනයේ දත්ත පිලිබඳ අධ්‍යක්ෂක Sally Tindall පෙන්වා දෙනවා. මෙනිසා ඕනෑම තත්වයකට මුහුණ දීමට නිවාස නය හිමියන් සූදානම් වියයුතු බව ඇය පවසා සිටිනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now