රැජිනකගේ රූපය සමඟ වසර 70 කට වැඩි කාලයකට පසු, ඔස්ට්‍රේලියානු මුදල්වල දැන් රජ කෙනෙකුගේ රූපය දිස්වීමට ආසන්නය.
Royal Australian Mint හෙවත් රාජකීය ඔස්ට්‍රේලියානු මුදල් මුද්‍රණාලය පසුගියදා ඔස්ට්‍රේලියානු මුදල් සඳහා වන තුන්වන චාල්ස් රජුගේ රුව නිරාවරණය කරන ලද අතර එය එළඹෙන නත්තල වන විට ඔස්ට්‍රේලියානු කාසිවල දක්නට ලැබේ.
චාල්ස් රජුගේ රුව දරණ පළමු කාසිය ඔස්ට්‍රේලියානු ඩොලරය වන අතර අනෙක්වා බැංකුවලින් ලැබෙන ඉල්ලුම මත පදනම්ව 2024 දී ක්‍රමානුකූලව නිකුත් කිරීමට නියමිතය.
තුන්වන චාල්ස් රජුගේ රුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ රජු සඳහා නිල රුව වන අතර එය ලන්ඩනයේ රාජකීය මුදල් මුද්‍රණාලය sවිසින් නිර්මාණය කරන ලද අතර එයට රාජකීය අනුමැතිය ද ලබා දෙන ලදී.
සම්ප්‍රදායට අනුකූලව, චාල්ස් රජු වමට මුහුණලා ඇති ලෙස කාසිවල දිස්වනු ඇත, අභාවප්‍රාප්ත දෙවන එලිසබෙත් රැජිනගේ පාලන සමයේදී ඇයගේ මුහුණත කාසිවල සටහන් කරනු ලැබුවේ දකුණට මුහුණලාය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔස්ට්‍රේලියානු කාසිවල රැජිනගේ මුල් රූපය මෙන්, මුදල් මත චාල්ස් රජුගේ පළමු රූපයේද ඔහු ඔටුන්නක් පැළඳ සිටින බවක් දක්නට නොලැබේ.
පළමු වටයේ මුදල් සංසරණයේ කොටසක් ලෙස චාල්ස් රජුගේ රුව සහිත ඩොලර් මිලියන 10 කට වැඩි කාසි රාජකීය ඔස්ට්‍රේලියානු මුදල් මුද්‍රණාලය විසින් බෙදා හරිනු ඇත.
මෙම නිර්මාණය අවසන් කිරීමට මාස 12 කට වැඩි කාලයක් ගත වූ අතර, බහුවිධ පරීක්ෂණ සිදු කිරීමට සිදු වූ බව එහි ප්‍රධාන විධායක නිලධාරී Leigh Gordon පැවසුවේය.
මුදල් මහා පරිමාණ නිෂ්පාදනයට යන විට රාජකීය ඔස්ට්‍රේලියානු මුදල් මුද්‍රණාලය විසින් නව කාසිවල අවසාන පරීක්ෂණ සිදු කරනු ඇත.

කලාතුරකින් දකින අවස්ථාවක්
බොහෝ ඔස්ට්‍රේලියානුවන් සිය මුදල් ඒකකයේ වෙනස් මුහුණුවරක් දකින පළමු අවස්ථාව මෙය බව සහකාර භාණ්ඩාගාර අමාත්‍ය Andrew Leigh පැවසුවේය.
1953 සිට, සෑම ඔස්ට්‍රේලියානු කාසියකම රැජිණගේ රුව තිබුණු බවද ඔහු පැවසීය.
තුන්වන චාල්ස් රජුගේ රුව සහිත විනෝදාංශයක් සඳහා එකතු කළ හැකි කාසි ලබන වසරේ මුල සිට විකිණීමට ඇති බවද වාර්තා වේ.s
එලිසබෙත් රැජිනගේ රුව රැගත් සියලුම කාසි තවමත් නීත්‍යානුකූල මුදල් ලෙස ඔස්ට්‍රේලියාවේ භාවිත කළ හැකිය.





