SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ car insurance දරාගන්න බැරිතරමට ගොඩක් ගණන් යන්නේ ඇයි

A busy multilane road with cars crossing an intersection
One reason behind the increased cost of vehicle insurance claims was a surge in car thefts in Victoria. Source: AAP / Joel Carrett

ඕස්ට්‍රේලියාවේ රියදුරන්ට තම Car insurance හෙවත් රථවාහන රක්ෂණ වාරික ඉහළ යන්නේ ඇයිද යන්න සහ ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි යමක් තිබේද යන්න පිළිබඳව දැනුවත් කිරීමක් සිදු නොවේ. මේ හේතුවෙන් රියදුරන්ට විශාල මිල වැඩිවීම්වල බර දැරීමට සිදුව තිබේ.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ රියදුරන්ට තම Car insurance හෙවත් රථවාහන රක්ෂණ වාරික ඉහළ යන්නේ ඇයිද යන්න සහ ඒ සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි යමක් තිබේද යන්න පිළිබඳව දැනුවත් කිරීමක් සිදු නොවේ. මේ හේතුවෙන් රියදුරන්ට විශාල මිල වැඩිවීම්වල බර දැරීමට සිදුව තිබේ.


Key Points

  • ඕස්ට්‍රේලියාවේ මෝටර් රථ රක්ෂණ වාරික උද්ධමනයට වඩා ඉතා වේගයෙන් ඉහළ යාම
  • රක්ෂණ සමාගම්වලින් පාරිභෝගිකයින්ට ප්‍රමාණවත් තොරතුරු නොලැබෙන බව ASIC ආයතනය පැවසීම

ඕස්ට්‍රේලියාවේ රියදුරන් තම වාරික මෙතරම් තියුනු ලෙස ඉහළ ගොස් ඇත්තේ මන්දැයි නොදැන මෝටර් රථ රක්ෂණය සඳහා ඩොලර් සිය ගණනක් වැඩිපුර ගෙවීම මේ වනවිට සිදු කරයි.

මෝටර් රථ රක්ෂණ සමාගම් පිරිවැය ඉහළ යාමට හේතු වන කරුණු පිළිබඳව සුළු විනිවිදභාවයක් පමණක් ලබාදීම මීට හේතුව වේ.

2025 ජූලි දක්වා මාස 12 තුළ මෝටර් රථ රක්ෂණ වාරික සියයට 8 කින් ඉහළ ගොස් ඇති අතර එය පුළුල් පාරිභෝගික මිල දර්ශකයේ සියයට 3 ක පමණ වැඩිවීමක්.

සමස්ත උද්ධමනය අඩු වී තිබියදීත් ගෘහස්ථ අයවැය මත පීඩනයක් මේ නිසා ඇති කරයි.

රථවාහන අලුත්වැඩියා කිරීමට වන අධික වියදම, බදු සහ සොරකම් කිරීම ඉහල යාම ඇතුළුව සාධක කිහිපයක් මෙම මෝටර් රථ රක්ෂණ වාරික මිලගණන් ඉහල යාමට හේතු වීතිබේ.

නමුත් රක්ෂණ සපයන්නන් ඔවුන්ගේ වාරික ඉහළ යන්නේ මන්දැයි ගනුදෙනුකරුවන්ට පැහැදිලි කිරීමට අපොහොසත් වී ඇති බව ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිසම (ASIC) පවසයි.

ඔවුන්ගේ වාර්තාවේ සඳහන් වන්නේ බොහෝ රක්ෂණකරුවන් අතිරේක ලේඛනවල සාමාන්‍ය පැහැදිලි කිරීම් පමණක් ලබා දුන් අතර, සමහරක් කිසිදු පැහැදිලි කිරීමක් ලබා දී නැති බවයි.

ASIC හෙවත් ඕස්ට්‍රේලියානු සුරැකුම්පත් සහ ආයෝජන කොමිසමෙහි සමාලෝචනයට ඇතුළත් වූ සහ වෙළඳපොළෙන් 72% ක කොටසක් නියෝජනය කරන රක්ෂණ සන්නාම අටෙන් කිසිවක්, රක්ෂණ වාරිකය ගණනය කළ ආකාරය පිටුපස ඇති ප්‍රධාන සාධක හෝ පෙර වසරට සාපේක්ෂව එහි වෙනසක් සිදුවූයේ මන්ද යන්න පැහැදිලි නොකරන බව හෙළිව තිබේ.

වාර්ෂික ගෙවීමකට වඩා වාරික වශයෙන් ගෙවීම සඳහා ගනුදෙනුකරුවන්ගෙන් වැඩි මුදලක් අය කරන්නේ ඇයිද පිළිබඳවත් පැහැදිලි කිරීමට රක්ෂනකරුවන් අපොහොසත් වී තිබේ.

මේ හේතුවෙන් වාරික පිළිබඳ තොරතුරු පැහැදිලිව සඳහන් කරන ලෙසත්, ඩාත් ප්‍රයෝජනවත් සහ සංසන්දනය කිරීමට පහසු කිරීම සඳහා අලුත් කිරීම සහ මිල ගණන් ලේඛන වැඩිදියුණු කරන ලෙසත් ASIC කොමිසම රක්ෂනකරුවන්ට සඳහන් කරයි.

ඕස්ට්‍රේලියානු රක්ෂණ කවුන්සිලයේ ප්‍රකාශකයෙකු සඳහන් කරන්නේ කාලගුණික තත්ත්ව නිසා ඇතිවන අනතුරු සඳහා වන වියදම් වැඩිවීම, රක්ෂණයට සම්බන්ධ බදු සහ අලුත්වැඩියා මෙන්ම වාහන අමතර කොටස් පිරිවැය ඉහළ යාම රට පුරා වාරික සඳහා පීඩනයක් එල්ල වී ඇති බවයි.

2020 සිට මෝටර් රථ හිමිකම් පිරිවැය සියයට 47 කින් සහ 2022 සිට ගොඩනැගිලි පිරිවැය සියයට 44 කින් ඉහළ යාමත් මේ සඳහා හේතු වී තිබේ.

මෙය ඉතා තරඟකාරී වෙළඳපොළක් වන අතර, සෑම පාරිභෝගිකයෙකුටම තමා සිටින රක්ෂණකරු සමඟ කතා කිරීමටත්, රක්ෂණය අලුත් කිරීමේදී වෙන රක්ෂණ සමාගම් වල මිලගණන් සංසන්දනය කරන ලෙසත් දිරිමත් කරන බව රක්ෂණ කවුන්සිලයේ ප්‍රකාශකයා පවසයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ මෝටර් රථ සොරකම් වැඩිවීම වාහන රක්ෂණ හිමිකම් සඳහා වන පිරිවැය වැඩිවීමට එක හේතුවක් වේ.

2025 දී වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් මිලියන 243 ක් වටිනා මෝටර් රථ සොරකම් සිදුව තිබේ.

—————————————————————————————————————-

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now