Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවේදී භාෂා පරිවර්තකයකු ලෙස රැකියාවක නිරත වෙන්න තියෙන අවස්ථා මොනවද?

Focus on Chinese Dictionary - 梦 Meng (Dream): Australia Explained – Translating and interpreting

Translating and interpreting use completely different skill sets. Source: Moment RF / Adrienne Bresnahan/Getty Images

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහොමයක් ශ්‍රී ලාංකිකයින් බොහෝ විට භාෂා දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් හොඳින් හසුරවනවා. ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල හෝ දෙමල භාෂා බොහෝ දෙනෙක් භාවිතා කරනවා. භාෂා එකකට වඩා භාවිතා කිරීමේ මේ හැකියාව ඔස්ට්‍රේලියාවේදී රැකියාවක් ලෙස හෝ අමතර අදායම් මාර්ගයක් උපයාගතහැකි සේවාවක් ලෙස භාවිතා කරන්න පුළුවන්. භාෂා පරිවර්තකයකු ලෙස ඔස්ට්‍රේලියාවේදී සේවා සැපයිය හැකි ආකාරය ගැන අද 'Australia explained' මේ විශේෂාංගයෙන් අපි ඔබවෙත තොරතුරු ගෙන එනවා.


Published

Updated

By Melissa Compagnoni

Presented by Dinesh Liyanage

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහොමයක් ශ්‍රී ලාංකිකයින් බොහෝ විට භාෂා දෙකක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් හොඳින් හසුරවනවා. ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල හෝ දෙමල භාෂා බොහෝ දෙනෙක් භාවිතා කරනවා. භාෂා එකකට වඩා භාවිතා කිරීමේ මේ හැකියාව ඔස්ට්‍රේලියාවේදී රැකියාවක් ලෙස හෝ අමතර අදායම් මාර්ගයක් උපයාගතහැකි සේවාවක් ලෙස භාවිතා කරන්න පුළුවන්. භාෂා පරිවර්තකයකු ලෙස ඔස්ට්‍රේලියාවේදී සේවා සැපයිය හැකි ආකාරය ගැන අද 'Australia explained' මේ විශේෂාංගයෙන් අපි ඔබවෙත තොරතුරු ගෙන එනවා.


Daim slide ua presentation: Qhia txog teb chaws Australia cov kev txhais lus thiab txhais ntawv.
Certified AUSLAN interpreters and translators are in demand. Credit: SolStock/Getty Images

Cov kev totaub zoo txog tej xwm txheej tshwm sim tam sim no yuav pab kom muaj peev xwm sib tham txog tej no.
Interpreting is immediate and reactive. Source: Moment RF / Witthaya Prasongsin/Getty Images

Ib tug poj niam neeg mob tham lus piav tes nrog ib tug neeg ua hauj lwm kho mob ntawm ib lub tsev kho mob: Australia Explained - Txhais ntawv thiab txhais lus
You can qualify to work in the health sector. Credit: Maskot/Getty Images

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන බොහොමයක් ශ්‍රී ලාංකිකයන් බොහෝවිට භාෂා දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් හොඳින් හසුරවනවා. ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල හෝ දෙමළ භාෂා බොහෝ දෙනෙක් භාවිතා කරනවා. භාෂා එකකට වඩා භාවිතා කිරීමේ මේ හැකියාව ඕස්ට්‍රේලියාවේදී රැකියාවක් ලෙස හෝ අමතර ආදායම් මාර්ගයක් උපයා ගත හැකි සේවාවක් ලෙස භාවිතා කරන්නත් ඔබට පුළුවන්.

භාෂා පරිවර්තකයෙකු ලෙස ඕස්ට්‍රේලියාවේදී සේවා සැපිය හැකි ආකාරය ගැන අද Australia Explained මේ විශේෂාංගයෙන් අපි ඔබට තොරතුරු ගෙනෙනවා.

ඕස්ට්‍රේලියාවට විවිධ භාෂා කතා කරන සංක්‍රමණිකයන් නිරන්තරයෙන්ම පැමිණෙන නිසා භාෂා පරිවර්තකයන්ගේ ඉල්ලුමක් නිරන්තරයෙන්ම පවතිනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය වගේ ක්ෂේත්‍ර සඳහා දක්ෂ පරිවර්තකයින්ගේ සහාය නිරන්තරයෙන්ම අවශ්‍ය වනවා. ඕස්ට්‍රේලියාවේ සංඥා භාෂා පරිවර්තකයින් සඳහාත් මෙහිදී ඉල්ලුමක් පවතිනවා.

කොහොමනත් ඉංග්‍රීසි භාෂාව සහ සිංහල හෝ දෙමළ භාෂාව කතා කළ පමණින්ම ඔබට මේ වෘත්තියේ නියැලෙන්න අවස්ථාව නම් ඕස්ට්‍රේලියාවේදී ලැබෙන්නේ නෑ.

මේ සඳහා වෘත්තීමය සුදුසුකම් සපුරා ලිය යුතු වනවා.

මේ භාෂා පරිවර්තන ක්‍රියාවලිය translating සහ interpreting යනුවෙන් අංශ දෙකකින් සමන්විත වනවා. ලිඛිතව භාෂා පරිවර්තන සේවා සැපයීම ට්‍රාන්ස්ලේටින් ලෙසත් වාචික සංවාද එම අවස්ථාවේදීම පරිවර්තනය කරදීමේ සේවාව ඉන්ටර්ප්‍රිටින් ලෙසත් හඳුන්වනවා.

මේ අවස්ථා දෙක සඳහා සේවා සැපයීමට එකිනෙකට වෙනස් සහ අනන්‍ය වූ හැකියාවන්ගෙන් ඔබ පරිපූර්ණ විය යුතු වනවා.

මේ අවස්ථා දෙක සඳහා දෙයාකාරයකට පුහුණුවීම් සිදුකළ යුතු බව භාෂා පරිවර්තන පුහුණුකරුවකු වන ටී පවසනවා. ලිඛිත භාෂා පරිවර්තනයකදී පරිවර්තකයාට අදාළ කරුණු සම්බන්ධයෙන් හොඳින් අවබෝධ කරගෙන එම තොරතුරු ගෙනහැර පෑමට අවස්ථාව උදාවන අතර විවිධ පසුබිම්වලින් එන පාඨකයින්ට එකම පණිවිඩය ලැබෙන අයුරින් පරිවර්තන සැපයීමට අවස්ථාව පවතින බව ඇය පෙන්වා දෙනවා.

නමුත් වාචික පරිවර්තන ක්‍රියාවලියකදී සංවාදයක් ඇතිවන එම අවස්ථාවේදීම පරිවර්තනය කිරීම සිදුකළ යුතු වනවා.

මෙවැනි අවස්ථාවකදී භාෂා පරිවර්තකයෙකු ලෙස ඔබේ පෙර සූදානම මෙන්ම ඉතා වේගයෙන් පරිවර්තන කටයුතු කිරීමේ හැකියාව වැනි කරුණු මත පරිවර්තකයාගේ සාර්ථකත්වය තීරණය වන බව ඇය පවසනවා.

ඕස්ට්‍රේලියාවේ සුදුසුකම් ලත් වෘත්තීමය භාෂා පරිවර්තකයෙකු වීමට ඉතාම ක්‍රමවත් මාර්ගයක් සකසා තිබෙනවා.

මෙහි පළමු පියවර ලෙස තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන ආයතන එහෙම නැතිනම් ටේෆ් ආයතනයකින් අධ්‍යාපනය ලැබීම ආරම්භ කරන්න ඔබට පුළුවන්. මේ සම්බන්ධයෙන් මූලික සහතික පත්‍ර පාඨමාලාවක සිට පශ්චාත් උපාධිය දක්වා හැදෑරීමේ හැකියාව ඕස්ට්‍රේලියාව තුළ පවතිනවා. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ භාෂා පරිවර්තකයින් සඳහා අනුමැතිය ලබාදෙන ජාතික ආයතනය වන NAATI නැතිනම් නාටී ආයතනයේ අනුමැතිය ලබාගැනීමයි.

නාටී සහතික පත ලබාගැනීම භාෂා පරිවර්තකයෙකු වීමේ ක්‍රියාවලියේ ප්‍රධානතම සන්ධි ස්ථානයක් වනවා. මේ ක්‍රියාවලිය සඳහා මාස හයේ සිට වසර දෙකහමාරක් දක්වා වන කාලයක් වැයවෙන්න පුළුවන් කියලා ටී පවසනවා.

මරිනා මෝගන් කියන්නේ දකුණු ඔස්ට්‍රේලියාවේ TAFE SA ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වනවා.

භාෂා පරිවර්තකයකු වීමට පාඨමාලාවකට ලියාපදිංචි වීමට ඔබට ඉංග්‍රීසි සහ වෙනත් භාෂාවක් හොඳින් හැසිරවිය හැකි බවට ඔබ තහවුරු කළ යුතු වනවා. ඔබ ඉංග්‍රීසි භාෂාවෙන් තෘතීක අධ්‍යාපනය ලබා තිබෙනවා නම් එය ඔබට ප්‍රමාණවත් සුදුසුකමක් වනවා. එහෙම නැතිනම් ඔබ IELTS විභාගයෙන් ලකුණු හයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාගෙන තිබීම නාටි සහතික කිරීම සඳහා අවශ්‍ය වනවා.

මීට අමතරව සාමාන්‍ය ජනතාව එදින්දා ව්‍යවහාරයේදී විවිධ මාතෘකා සම්බන්ධයෙන් භාවිතා කරන වචන මාලාවක් දැන සිටීමද අවශ්‍ය වන බව මරිනා මෝගන් පවසනවා.

භාෂා පිළිබඳව වන මූලික අවශ්‍යතා සපුරාලීමෙන් පසුව ඔබේ ඉලක්කයට ගැලපෙන නාටි ආයතනයේ අනුමත පාඨමාලාවකට ඇතුළත් වීමට ඔබට හැකිවනවා.

භාෂා පරිවර්තකයින් සඳහා වන මූලික පාඨමාලාව වන Introduction to interpreting හෝ Introduction to translating යන මූලික පාඨමාලා සඳහා ලියාපදිංචි වීම අවම අවශ්‍යතාවය ලෙස ඇය පෙන්වා දෙනවා. මේ පාඨමාලා සති දොළහක් පුරා පැවැත්වෙන අතර නාට විභාගය සඳහා ඔබව සූදානම් කිරීම එහිදී සිදුකරනවා.

මෙහිදී වෘත්තිමය භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කිරීමේදී වැදගත් වන ආචාර ධර්ම පිළිබඳව හැදෑරීමක් සිදුකරන බව මරිනා මෝගන් පවසනවා.

නමුත් මේ සම්බන්ධයෙන් ඔබට වැඩිදුර හැදෑරීමට අවශ්‍ය නම් ඒ සඳහා ඔබට වසරක ඩිප්ලෝමා පාඨමාලාවක් සඳහා ලියාපදිංචි වන්නට පුළුවන්.

Diploma of Interpreting වැනි පාඨමාලා අර්ධකාලීනව හැදෑරීමේ අවස්ථාව ඇතැම් අධ්‍යයන ආයතන මෙන්ම විශ්වවිද්‍යාල හරහාත් ඔබට ලබාදෙනවා. TAFE SA ආයතනය අන්තර්ජාලය හරහා මේ පාඨමාලා හැදෑරීමේ අවස්ථාවත් ලබාදීලා තියෙනවා.

මෙවැනි පාඨමාලාවල භාෂා දැනුම ලබාදීමට වඩා වෘත්තිකයෙකු ලෙස කටයුතු කිරීමේදී භාෂා පරිවර්තකයෙකුට අවශ්‍ය වන ආචාර ධර්ම සහ ප්‍රායෝගික දැනුම ලබාදෙන බව මරිනා මෝගන් පවසනවා.

ඔබ වෘත්තීමය භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කරන විට භාෂා පරිවර්තකයෙකු සතුව තිබිය යුතු ආචාර ධර්ම පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට තිබිය යුතු වනවා.

පරිවර්තන සේවා සැපයීමේදී ආචාර ධර්ම රැකෙන අයුරින් සහ වෘත්තීමය ගෞරවය රැකෙන අයුරින් කටයුතු කිරීම ඉතාම වැදගත් වනවා.

මේ සඳහා වන පාඨමාලා අවසන් කළ පසු නාටි ආයතනය විසින් පවත්වන විභාගයට අයදුම් කිරීමට ඔබට අවස්ථාව උදාවෙනවා.

විවිධ අංශ ආවරණය වන පරිදි භාෂා පරිවර්තකයින් සහතික කිරීම නාටි ආයතනයෙන් සිදුකරන බව නාට විභාග පර්යේෂකවරුන්ගේ කණ්ඩායම් නායිකාවක් ලෙස කටයුතු කරන පෝලා ඇප්‍රිසියෝ පවසනවා.

මෙහිදී සාමාන්‍ය භාෂා පරිවර්තකයෙකු ලෙස ලබාදෙන සහතික කිරීමට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහ නීති කටයුතුවලදී සහාය වන පරිවර්තකයින් සඳහා වන විශේෂ සහතික කිරීම් ඇති බව ඇය පෙන්වා දෙනවා. තේ රන්

භාෂා පරිවර්තනයේදී දෙදෙනෙකු අතර සිදුවන කතාබහක් එම අවස්ථාවේදීම පරිවර්තනය කිරීමටත් ඔබට සිදුවනවා.

එවැනි අවස්ථාවලට මුහුණ දීමට ඇති හැකියාව පරීක්ෂා කිරීමට මේ නාට්‍ය විභාගයේදී ඔවුන් කටයුතු කරන බව පෝලා පවසනවා.

ලිඛිත භාෂා පරිවර්තනය සහ වාචික භාෂා පරිවර්තනය යන මේ අංශ දෙක සඳහා නාටි ආයතනය වෙනස් වූ විභාග දෙකක් පවත්වනවා.

ඒ වගේම උදාහරණයක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලට පරිවර්තනය කරනවා නම් සහ සිංහල භාෂාවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරනවා නම් කියන කාරණා දෙක සඳහා වෙනස් වූ විභාග දෙකක් පැවැත්වීමටත් නාටි ආයතනය කටයුතු කරන බව ඇය පවසනවා.

නාටි සහතික කිරීම් ලැබුණු පසුව ඔබට වෘත්තීමය භාෂා පරිවර්තකයකු ලෙස සේවය කරන්න අවස්ථාව හිමිවනවා. මෙහිදී බොහෝ පරිවර්තකයින් රැකියා අවස්ථා ලබාදෙන ආයතන සමගි කටයුතු කරනවා.

මෙවැනි ආයතනයක් හා සම්බන්ධ වීමෙන් ඔබට සිංහල හෝ දෙමළ වැනි භාෂා පරිවර්තකයින් සඳහා මේ මොහොතේ ඕස්ට්‍රේලියාවේ ඇති ඉල්ලුම පිළිබඳව අදහසක් ලබාගන්නට පුළුවන්. මීට අමතරව නාටි සහතික කිරීම සෑම වසර තුනකට වරක්ම යාවත්කාලීන කිරීමටත් ඔබට සිදුවනවා. නාටි ආයතනයේ නිල වෙබ් අඩවිය හරහා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගන්නත් ඔබට හැකියාව තිබෙනවා.

END OF TRANSCRIPT

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now