ඔස්ට්‍රේලියානුවන් තම දෙමාපියන් සමඟ ඔවුන්ගේ නිවසේ ජීවත් වීමට 'තමාට වයස වැඩියි' යැයි සිතන වයස ගැන දැන ගන්න මේ විශේෂාංගයට සවන් දෙන්න.
වැඩිහිටියන් ලෙස සිය දෙමව්පියන්ට අයත් නිවසින් පිටව යා යුත්තේ කවදාද යන්න පිළිබඳව ඕස්ට්‍රේලියානුවන් සමීක්ෂණයකදී අදහස් පල කොට තිබේ. නිවාස වෙළඳපොළ එම අදහස් වලට ප්‍රබල බලපෑමක් සිදු කර ඇති බව එහිදී අනාවරණය විය. ඔස්ට්‍රේලියාව තුල වැඩිහිටිභාවයේ සාම්ප්‍රදායික සන්ධිස්ථාන තවත් පසුපසට තල්ලු වෙමින් පවතින අතර, බොහෝ අය දෙමාපියන්ගේ නිවසින් ඉවත් වීම, නිවසක් මිලදී ගැනීම සහ පවුලක් ආරම්භ කිරීම ප්‍රමාද කරමින් සිටි.
මූල්‍ය කටයුතු සංසන්දන කරන වෙබ් අඩවියක් වන Finder වෙතින් කරන ලද සමීක්ෂණයක් මගින් , ඕස්ට්‍රේලියානුවන් 1,010 දෙනෙකුගෙන් දෙමාපියන්ට අයත් සිය පවුලේ නිවසේ තවමත් ජීවත් වීමට "තමාට වයස වැඩියි" යනුවෙන් ඔවුන්ට සිතෙන වයස ගැන විමසා තිබුණා. එහිදී ඔස්ට්‍රේලියානුවෙකු පවසන පරිදි එම වයසේ සාමාන්‍ය අවුරුදු 31 ක සීමාවක් වනවා.
මෙම සමීක්ෂණයේදී gen z සහ බේබි බූමර්ස් මේ පිළිබඳ දැඩිම අදහස් දරන බව සොයා ගත් අතර, මෙම කණ්ඩායම් දෙක අවුරුදු 30 ක් යනු සිය දෙමව්පියන්ගේ නිවසේ සිටීමට වයස වැඩි බවට එකග වී තිබුණා.
මිලේනියල් සහ X පරම්පරාව , දරුවන් අවුරුදු 32 ක් දක්වා දෙමව්පියන්ගේ නිවසේ ජීවත් වීම සමාව දිය හැකි බව පවසා තිබුණා.

නිවාස කුලිය සදහා ඔස්ට්‍රේලියාවේ ඉහළම වාර්ෂික වැඩිවීම වාර්තා වූයේ පර්ත් නගරයෙන්. එය සියයට 10.29 ක ඉහළ යාමක් වන අතර එය සතියකට නිවාස කුලිය ඩොලර් 750 ක මධ්‍යන්‍යයක් වනවා. හොබාර්ට් සියයට 9.09 කින් ඉහළ ගොස් සතියට ඩොලර් 600 ක් සහ ඩාවින් (සියයට 7.69 කින් ඉහළ ගොස් සතියට ඩොලර් 700 ක් ලෙස මීළඟ වැඩිම වාර්ෂික වැඩි වීම් ව්ව් ස්ථාන බවට පත්ව තිබෙනවා.
සිඩ්නි නගරයේ නිවාස කුලිය සියයට 6.67 කින් ඉහළ ගොස් සතියකට ඩොලර් 800 ක මධ්‍යන්‍යයක් වූ අතර එය ඔස්ට්‍රේලියාවේ මිල අධිකම අගනුවර ලෙසයි සැලකෙන්නේ. මීළඟට බ්‍රිස්බේන් සියයට 6.92 කින් ඉහළ ගොස් ඩොලර් 695 ක් ලෙසින්ද , ACT සියයට 4.84 කින් ඉහළ ගොස් ඩොලර් 650 ක් ලෙස ඇඩිලේඩ්, සියයට 4.17 කින් ඉහළ ගොස් ඩොලර් 625 ක් ලෙස සහ මෙල්බර්න් සියයට 5.26 කින් ඉහළ ගොස් ඇත ඩොලර් 600 ක් ලෙසින් සතිපතා නිවාස කුලී මිල ගණන් වාර්තා කරනු ලබනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න






