අනුරපුර මහමෙව්නාවේ වැඩහිඳිනා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අංකුර බෝධීන් වහන්සේ නමක් මේ වන විට ඔස්ට්‍රේලියාවට වැඩම කොට තිබෙනවා. මෙම අංකුර බෝධි වහන්සේ ජුනි මස 9 වන දා වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය නගරයක් වන බෙන්ඩිගෝ නගරයේ ඇති බෝධි ධම්ම විහාරස්ත පරිශ්‍රයේදී රෝපණය කිරීමට නියමිතයි. මෙම උත්කර්ෂවත් බෝධි රෝපණ උත්සවයට පෙර මෙල්බර්න් නුවර වෙසෙන බෞද්ධයින් හට මෙය දැක බලා සැදැහැ සිතින් වන්දනාමාන කොටගැනීම සඳහා මෙම අංකුර බෝධීන් වහන්සේ මැයි මස 4 වනදා කිස්බරෝ හි "ධම්‌මසරණ" විහාරස්ත භුමියෙදී මහජනතාවට ප්‍රදර්ශනය කෙරෙනවා
මෙම "ජය ශ්‍රී මහ බෝධී අංකුර ප්‍රදර්ශන උත්සවය" පිළිබඳව තොරතුරු සඳහන් කිරීමට SBS සිංහල සේවය සමඟ සම්බන්ද වූයේ , කිස්බරෝ ධම්‌මසරණ විහාරස්තානයේ වැඩබලන විහාරාධිපති , පූජ්‍ය, මාලිගා තැන්නේ උපශාන්ත ස්වාමින්වහන්සේ සහ කිස්බරෝ ධම්‌මසරණ විහාරස්තාන දායක කමිටුවේ වත්මන් සභාපති වෛද්‍ය හර්බි පෙරේරා මහතා.
පිවිසෙන්න අපගේ SBS සිංහල Facebook පිටුව වෙත






