Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලට ජැපනීස් එන්සෙෆලයිටිස් වෛරසය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක්

2025-01-10_13-28-19.jpg

The Japanese encephalitis virus can spread to humans through bites from infected mosquitoes. Source: Getty / mrs

වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයකු ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගී තත්වය හේතුවෙන් බරපතල ලෙස රෝගාතුර වී ඇතිබව වාර්තා වනවා. 2022 වසරෙන් පසුව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන ප්‍රථම ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගියා ලෙසද මොහු සැලකෙනවා. මේ හේතුවෙන් වික්ටෝරියානු සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.


Published

By Emma Brancatisano, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


වික්ටෝරියා ප්‍රාන්තයේ පුද්ගලයකු ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගී තත්වය හේතුවෙන් බරපතල ලෙස රෝගාතුර වී ඇතිබව වාර්තා වනවා. 2022 වසරෙන් පසුව ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන ප්‍රථම ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගියා ලෙසද මොහු සැලකෙනවා. මේ හේතුවෙන් වික්ටෝරියානු සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වෙත අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා.


වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වන පුද්ගලයකු ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගී තත්වය හේතුවෙන් බරපතල ලෙස රෝගාතුර වී වික්ටෝරියානු ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයේ ඇති ශෙපර්ටන් නගරයේ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. කෙසේ උවත් ඔහුගේ තත්වය බරපතල අතට හැරීම හේතුවෙන් ගුවන් මගින් ඔහුව මෙල්බර්න් නුවර St Vincent's රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙනවා. ඉන් පසුව ඔහුට ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගී තත්වය වැළඳී ඇති බවට තහවුරු වී තිබෙනවා. වික්ටොරියානු සෞඛ්‍ය බලදාරීන් මේ සම්බන්දයෙන් අනතුරු ඇඟවීමක්ද නිකුත් කිරීමටද කටයුතු කර තිබුනා.

ජැපනීස් එන්සෙෆලයිටිස් වෛරස ව්‍යාප්තිය සිදුවන්නේ කෙසේද?

ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගී තත්වය ඌරන් සහ කුරුල්ලන් අතර බහුලව දක්නට ලැබෙන අතර මදුරුවන් දෂ්ඨ කිරීම හරහා මිනිසුන්ට වැළඳීමේ අවදානමක්ද පවතිනවා. මෙම වෛරසය හේතුවෙන් බොහෝවිට රෝගලක්ෂණ පහලවීමක් සිදු නොවුනද ඇතැම් අවස්ථාවල ඉතා දරුණු ලෙස මොලයේ ආසාධන තත්වයක් ඇති කිරීමේ හැකියාව පවතිනවා.

උන, හිසරදය සහ වමනය යාම ජැපනීස් එන්සෙෆලයිටිස් රෝගී තත්වයේ ප්‍රධාන රෝග ලක්ෂණ වනවා. රෝගීන් 250කින් එක අයකුට පමණක් බෙල්ලේ තද ගතිය, සිරුර වෙවිලීම,කෝමා තත්වයකට පත්වීම වැනි දරුණු ගනයේ රෝග ලක්ෂණ ඇති විය හැක.

මේ සඳහා විශේෂ ප්‍රතිකාර නොමැති අතර මෙවැනි රෝගීන්ට බොහෝ විට රෝහල් ගත වී සිටීමට සිදුවනවා. මෙම රෝගී තත්වය මිනිසකුගෙන් තවත් මිනිසෙකුට සම්ප්‍රේෂණය වීමක් සිදු නොවන අතර රෝගී අයෙකු ස්පර්ශය හරහාද රෝගය බෝවීමක් සිදු නොවනවා. වෛරසය ආසාදනය වී ඇති සත්වයකු ස්පර්ශ කිරීමෙන් හෝ ආහාරයට ගැනීමෙන්ද මෙම රෝගය බෝ වීමක් සිදු නොවනවා.

වික්ටෝරියා සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයවලට අනතුරු ඇඟවීමක්

2022 වසරේ ප්‍රථමවරට ආසාදිතයින් වාර්තා වී ඇති අතර ඉන් පසු මෙම වෛරසය ආසාදනය වූ පුද්ගලයකුු හමු වූ ප්‍රථම අවස්තාව මෙය බව සෞඛ්‍ය බලධාරීන් පවසා සිටිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශයට වන්නට මරේ ගඟ ආශ්‍රිතව සිදුකෙරුණු පර්යේෂණ හරහා මෙම වෛරසය හමුවී තිබෙනවා. මේ අනුව මෙම ගිම්හාන කාලයේ ජැපනීස් එන්සෙෆලයිටිස් වෛරස තත්වය වික්ටෝරියා ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශය තුල යම් පැතිරී යාමක් දක්නට ඇති බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.

මෙම වෛරසය මදුරුවන් දෂ්ටකිරීම හේතුවෙන් පැතිරී යාම සිදුවන බැවින් මරේ ගඟ ආශ්‍රිතව ජීවත් වන සහ සංචාරයේ යෙදෙන පිරිස් අවධානයෙන් සිටිය යුතු බවට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ද ජනවාරි 7 වනදා මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Moree ප්‍රදේශයේ මදුරුවන් තුල මෙම වෛරසය දක්නට ලැබී ඇතිබව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී Griffith ප්‍රදේශයේ මදුරුවන් තුල සහ Narromine Shire ප්‍රදේශයේ ඌරන් තුලින්ද වෛරසය හමුවී තිබෙනවා. මෙම ප්‍රදේශ වල එළිමහනේ කාලය ගත කරනවානම් මදුරුවන් දෂ්ට කිරීම් පිළිබඳව දැඩි සැලකිල්ලෙන් සිටින ලෙසට NSW Healthහි විධායක අධ්‍යක්ෂ වෛද්‍ය Jeremy McAnulty පවසා සිටිනවා.

ෆෙඩරල් රජයේ දත්ත වලට අනුව 2024 වසරේදී ජැපනීස් එන්සෙෆලයිටිස් වෛරස ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් වික්ටෝරියා සහ කුවීන්ස්ලන්ත ප්‍රාන්ත වලින් වාර්තා වී තිබෙනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now