ඕස්ට්‍රේලියාවේ ඉහළම රාජ්‍ය ගෞරව සම්මාන ලෙස සැලකෙන the Order of Australia නැතහොත් ඕස්ට්‍රේලියානු විධානයේ සම්මාන පිරිනැමීම රාජකීය ජන්ම දින සැමරුමට සමගාමීව සිදු කෙරුණා. මෙවර සම්මාන ලාභීන් අතර කීර්තිමත් ශ්‍රී ලාංකික පසුබිමක් සහිත විද්වතුන් තිදෙනෙක් ඇතුළත් වනවා.
ඒ අනුව සම්මානිත මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරළ මහතා වෙත ඕස්ට්‍රේලියානු විධානයේ සාමාජික (Member of the Order of Australia AM) සම්මානයත්, මහාචාර්ය සුරාන් ප්‍රනාන්දු මහතා වෙත ඕස්ට්‍රේලියානු විධානයේ පදක්කම් (Medal of the Order of Australia OAM) සම්මානයත්, සිවිල් සේවයේ නිරත රාජ්‍ය නිලධාරීන් අගය කරමින් පිරිනමන ඕස්ට්‍රේලියානු විධානයේ මහජන සේවා පදක්කම් (Public Service Medal PSM) සම්මානය හිමි කර ගැනීමට ආචාර්ය රංජිත් සුබසිංහ මහතාත් සමත් වුනා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






