Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අගයන AAUT ජාතික උළෙලේ සම්මාන ලද ආචාර්ය චමිත් විජේනායක

ch.jpg

Credit: skynesher/Getty Images. Insert Image: Chamith Wijenayake, Supplied.

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම වෙනුවෙන් ජාතික මට්ටමෙන් ඇගයීම් සහ සම්මාන පිරිනැමීම් සිදු වෙනවා. එවැනි සම්මානයක් ලෙහෙසියෙන් විශ්වවිද්‍යාලයක ඉගැන්වීමේ කර්තව්‍යයේ නිරත වන්නෙකුට හිමි වෙන්නෙ නැහැ. ඉගැන්වීම් රටා තුළින් විද්‍යාර්ථීන් තුළ වෙනසක් ඇති කළ, තමන්ට වඩා පියවර කිහිපයක් ඔවුන්ව ඉහළින් ඔසවා තැබූ ආචාර්යවරුන්ටයි එවැනි ගෞරවයක් හිමි වන්නේ. ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එවන් සම්මානයක් ලබමින් සුවිශේෂ කීර්තියක් අත්පත් කරගත් ආචාර්ය චමිත් විජේනායක සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.

Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගැන්වීම වෙනුවෙන් ජාතික මට්ටමෙන් ඇගයීම් සහ සම්මාන පිරිනැමීම් සිදු වෙනවා. එවැනි සම්මානයක් ලෙහෙසියෙන් විශ්වවිද්‍යාලයක ඉගැන්වීමේ කර්තව්‍යයේ නිරත වන්නෙකුට හිමි වෙන්නෙ නැහැ. ඉගැන්වීම් රටා තුළින් විද්‍යාර්ථීන් තුළ වෙනසක් ඇති කළ, තමන්ට වඩා පියවර කිහිපයක් ඔවුන්ව ඉහළින් ඔසවා තැබූ ආචාර්යවරුන්ටයි එවැනි ගෞරවයක් හිමි වන්නේ. ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල පද්ධතිය තුළ එවන් සම්මානයක් ලබමින් සුවිශේෂ කීර්තියක් අත්පත් කරගත් ආචාර්ය චමිත් විජේනායක සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.

මම කරපු එක දෙයක් තමයි මගේ ගුරුවරුන් අනුකරණය කරපු එක. මම පාඩම් කරේ එහෙම. අමාරු සංකල්පයක් කෙනෙකුට පැහැදිලි කිරීමේ හැකියාව දියුණු වුණේ එහෙමයි කියලා අද මට හිතෙනවා.
මේ ගමනක් එන්න මූලික පදනම වුණේ ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය
මම දැන් විශ්වවිද්‍යාලයේ කරන කටයුතු මීටත් වඩා හොඳින් කරන්න ඕන කියන ධෛර්යසම්පන්න හැඟීමක් තමයි මට මේ ආරංචිය ලැබුණාම ඇති වුණේ.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now