වෙසක් සැමරුම් පිළිබඳව කතා කරද්දී ඔස්ට්‍රේලියාව තුල සිදුවන වෙසක් සැමරුම් සඳහාත් විශේෂ ස්ථානයක් හිමිවනවා. අපිට කතා නොකරම බහ. විශේෂයෙන්ම බෞද්ධ විහාරස්ථාන ආශ්‍රිතව මේ සැමරුම් අපිට දැකගන්නට පුළුවන්. ඒ වගේම මේ වසරේ මෙල්බර්න් නුවර ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේත් වෙසක් සැරසිලි නිර්මාණය කටයුතු සිදුවෙනවා . කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේත් ඇතුළුව මෙල්බර්න් නුවර ස්ථාන කිහිපයකම සිදුකෙරෙන වෙසක් සැරසිලි සහ තොරණ නිර්මාණ කරණයට තමන්ගේ ශ්‍රමය කාලය සහ දැනුම ලබා දෙන ආචාර්ය කුලන් රණසිංහ අද දවසේ සම්බන්ධ කරගන්න ලැබුනා අපට හැකියාව ලැබුනා. ඔහු ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන ශ්‍රී ලාංකික අපේ දූදරුවන්ටත් මේ කාර්යයට සම්බන්ධ වන්නට අවස්ථාව සලසා දී තිබෙනවා.
ආචාර්ය කුලන් රණසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාවට සවන් දෙන්න
මෙල්බර්න් නුවර කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේ පැවැත්වෙන වෙසක් සැරසිලි, වෙසක් තොරණ නරඹන්නත් ඔබට එකතුවෙන්න පුළුවන්. මෙය මැයි මස 30 සහ 31 යන දින වලදී සවස 5.30 සිට 9.30 දක්වා මෙල්බර්න් නුවර කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයේ (432 St Kilda Road, Melbourne) පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






