Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ උද්දමනය නිසා සූක්‍ෂම ලෙස සමහර භාණ්ඩ වල බර අඩු කරලා. Shrinkflation ගැන සම්පූර්ණ විස්තරය මෙන්න

Woman doing Shopping at Market
Female consumer purchasing goods at grocery store, walking among shelves Credit: PixelsEffect/Getty Images

Inflation එනම් උද්දමනය ගැන පසුගිය කාලයේ ඔබ බොහෝ විට අසා තිබෙන්නට ඇති. නමුත් ඔබ Shrinkflation ගැන අසා තිබේද? උද්දමනය හේතුවෙන් භාණ්ඩ මිල එම අගයේම පවත්වා ගනිමින් භාණ්ඩ වල ප්‍රමාණය අඩු කිරීම Shrinkflation ලෙස හැඳින්වේ. මෙහිදී ඔබ නොදැනුවත්වම ඔබ එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ ගණනාවක ප්‍රමාණය අඩු කිරීමට නිෂ්පාදකයින් කටයුතු කර තිබේ.


Published

Updated

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


Inflation එනම් උද්දමනය ගැන පසුගිය කාලයේ ඔබ බොහෝ විට අසා තිබෙන්නට ඇති. නමුත් ඔබ Shrinkflation ගැන අසා තිබේද? උද්දමනය හේතුවෙන් භාණ්ඩ මිල එම අගයේම පවත්වා ගනිමින් භාණ්ඩ වල ප්‍රමාණය අඩු කිරීම Shrinkflation ලෙස හැඳින්වේ. මෙහිදී ඔබ නොදැනුවත්වම ඔබ එදිනෙදා පරිභෝජනය කරන භාණ්ඩ ගණනාවක ප්‍රමාණය අඩු කිරීමට නිෂ්පාදකයින් කටයුතු කර තිබේ.


ඔබ මෑතකදී චිප්ස්, උදේ ආහාරය සඳහා ගන්නා Cereals හෝ ජනප්‍රිය පිරිසිදු කිරීමේ නිෂ්පාදන මිල දී ගෙන තිබේ නම්, ඔබට ඔබේ මුදල් සඳහා අඩු වටිනාකමක් ලැබී තිබිය හැක. මේවා Shrinkflation ලෙස හඳුන්වන ප්‍රමාණයන් අඩුකිරීමේ තත්වයට මුහුණ දී ඇති අලුත්ම නිෂ්පාදන වේ.

මෙහිදී භාණ්ඩයේ මිල වැඩි කිරීමක් සිදු නොකර එහි ප්‍රමාණය කුඩා කිරීමක් සිදුවේ. Shrinkflation යනු උද්දමනය හේතුවෙන් ඉතා සූක්‍ෂමව සිදුකරන ක්‍රියාවලියක් වන අතර බොහෝවිට පාරිභෝගිකයින්ගේ අවධානයට ලක්වීමක් සිදු නොවේ. මෙහිදී නිෂ්පාදකයින් අදාළ නිෂ්පාදනයේ බර 50g කින් හෝ 25g කින් අඩු කරන අතර මෙය ඉතා කලාතුරකින් පාරිභෝගික අවධානයයට යොමු වේ. මෙහිදී භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩියෙන් මුදල් ගෙවීමක් සිදුවේ.

Cereals සහ උදෑසන අහාරය සඳහා වන නිශ්පාද මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් මෙහිදී වැඩිවශයෙන් අසාධාරණයට ලක් වී තිබේ

මේ ආකාරයට ප්‍රමාණය අඩුකරන ලද භාණ්ඩ මොනවාද?

Choice සමාගම විසින් පාරිභෝගික දත්ත ආශ්‍රයෙන් මේ පිලිබඳ වාර්තාවක් නිකුත් කර තිබේ.

මෙහිදී Jif's Power and Shine Bathroom cleaner මිලි ලීටර් 100ක මිල සියයට 122කට වඩා ඉහල ගොස් ඇති බව වාර්තා වේ. මෙම නිෂ්පාදනය 750ml සඳහා $2.50ක් වූ අතර වර්තමානයේ 500ml සඳහා මිල $4ක් වී තිබේ. චිප්ස් සහ බිස්කට් වැනි කෙටි ආහාර වර්ග ද මෙම ලැයිස්තුවට ඇතුලත් වී තිබේ.

Woolworths හි salted corn chips පැකට්ටුවක මිල ඩොලර් 2.30 කි. නමුත් එහි ප්‍රමාණය 2023 ඔක්තෝම්බර් මාසයේදී තිබු ග්‍රෑම් 200 සිට 2024 මාර්තු වන විට ග්‍රෑම් 175 දක්වා පහත වැටී ඇත. Red Rock Deli හි dips මේ ආකාරයට ප්‍රමාණය අඩු කල තවත් නිෂ්පාදනයක් වේ. එහි පැවති 150g බහාලුම වර්තමානයේ 135g දක්වා අඩුකර තිබේ. McVities හි Go Ahead පළතුරු බිස්කට් 2022 ජුනි සහ 2024 මාර්තු අතර කාලයේ ග්‍රෑම් 218 සිට 174 දක්වා ප්‍රමාණයෙන් කුඩා වී තිබේ. මෙහිදී එහි මිල $4.40ක් ලෙස නොවෙනස්ව පවතී.

Community Co ආයතනයේ hot cross bun පැකට්ටුවල ප්‍රමාණයද 450g සිට 400g දක්වා අඩුවී ඇති අතර එහි මිලද $4 සිට $4.50 දක්වා වැඩිවී තිබේ. මෙහිදී Cereals සහ උදෑසන අහාරය සඳහා වන නිශ්පාද මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් වඩාත්ම අසාධාරණයට ලක්වන බව CHOICE ආයතනය පවසා සිටිනවා.Coles Mighty Grain cereal පැකට්ටුවක බර 560g සිට 495g දක්වා අඩු වී තිබේ. කෙසේ උවත් එහි මිල $4.50ක් ලෙස ඒ ආකාරයෙන්ම පවතී.

මෙහිදී Cereals සහ උදෑසන අහාරය සඳහා වන නිශ්පාද මිලදී ගැනීමේදී පාරිභෝගිකයින් වඩාත්ම අසාධාරණයට ලක්වන බව CHOICE ආයතනය පවසා සිටී. Coles Mighty Grain cereal පැකට්ටුවක බර 560g සිට 495g දක්වා අඩු වී තිබේ. කෙසේ උවත් එහි මිල $4.50ක් ලෙස ඒ ආකාරයෙන්ම පවතී. එම කාලසීමාව තුළ Corn Flakes පැකට්ටුව ග්‍රෑම් 475 සිට ග්‍රෑම් 440 දක්වා අඩුවී ඇති අතර මිල ඩොලර් 1.90 සිට ඩොලර් 2.10 දක්වා වැඩි වී තිබේ. Woolworths ආයතනයේ Max Charge cereal පැකට්ටුවක බර ග්‍රෑම් 560 සිට 495g දක්වා අඩු වී ඇති අතර මිල ඩොලර් 4.50 ක් ලෙසම පවතී.

මෙසේ බර ප්‍රමාණයන් අඩු කිරීමට හේතු මොනවාද?

භාණ්ඩ බර ප්‍රමාණය අඩු කිරීම බොහෝ විට නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ ප්‍රතිඵලයක් බව SBS ප්‍රවෘත්ති වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් Woolworths ප්‍රකාශකයෙකු පවසා සිටී. මෙහිදී අමුද්‍රව්‍ය මිල ඉහල යාම, සේවක වැටුප් සඳහා පිරිවැය සහ නිෂ්පාදන පිරිවැය ඉහල යාම මේ සඳහා ප්‍රධාන හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මෙහිදී ඉහත සඳහන් කල woolworths සමාගමේ නිෂ්පාදනවල බර අඩුකිරීමට සිදු වුයේ එම භාණ්ඩ සැපයුම් කරුවන්ගේ ඉල්ලීමක් මත බව ඔහු පවසා සිටී. සැපයුම් කරුට ගෙවන මුදලේ වෙනසක් සිදු වී නොමැති බවත් එම නිසා Woolworths ආයතනයට මේ නිසා අමතර මූල්‍ය වාසියක් නොමැති බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

පසුගිය කාලයේ අයතා ලෙස මිල වැඩිකිරීම් ගැන බොහෝ විට සුපිරි වෙළඳ සල් වලට චෝදනා එල්ල වී තිබේ. කෙසේ උවත් මේ ආකාරයට නිෂ්පාදන වල ප්‍රමාණය කුඩා කිරීම නීති විරෝධී නොවේ. මේ ආකාරයට මිල වැඩිකිරීම් සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් එළඹෙන අගෝස්තු මාසයේදී වාර්තාවක් නිකුත් කිරීමට නියමිත වී තිබේ.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now