Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාව තුල ඊ- සිගරට් භාවිතා කරන්නන් තුන්ගුණයකින් වැඩිවෙලා. තරුණියන් මත්ද්‍රවය භාවිතයට වැඩි නැඹුරුවක්

Vape Jam UK 2019

(Photo by John Keeble/Getty Images) Credit: John Keeble/Getty Images

දුම්පානය කරන්නන්ගේ ප්‍රමාණය සීග්‍රයෙන් අඩුවෙමින් තිබේ. කෙසේඋවත් ඊ සිගරට් සහ Vapes භාවිතාව තුන්ගුණයකින් පමණ ඉහල ගොස් තිබේ. The National Drug Strategy Household Survey 2022–2023 වාර්තාව වයස අවුරුදු 14ට වැඩි පුද්ගලයින් 21000ක් පමණ අධ්‍යයනය කර තිබේ. මෙහිදී මද්‍යසාර, සිගරට්, ඊ - සිගරට් වැනි විවිද ක්‍රම පිලිබඳ ඔවුන්ගේ පවතින ආකල්පයන් අධ්‍යයනය කර සමීක්ෂණ වාර්තාවක් හෙළිදක්වා තිබේ.


දුම් වැටි භාවිතාව

ඕස්ට්‍රේලියාවේ වැළැක්විය හැකි රෝග සහ මරණ සඳහා ප්‍රධානතම හේතුව දුම්පානය බව වාර්තා වේ. මෙහිදී වයස අවුරුදු 14ට වැඩි දුම් පානය කරන පුද්ගලින්ගේ ප්‍රමාණය 1991 වසර හා සසඳන විට තුන් ගුණයකින් අඩු වී තිබේ. 24% ක් වූ දිනපතා දුම්පානය කරන්නන් ගේ සංක්‍යාව 2022 වනවිට 8.3% දක්වා අඩුවී තිබේ. තවද එක්වරක් හෝ දුම්පානය කර නැති පිරිස 49% සිට 65% දක්වා වැඩිවී තිබේ.

ඊ-සිගරට් සහ Vaping

2022 2023 කාල වලදී වයස අවුරුදු 14ට වැඩි සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක අයෙක්ම එක වරක් හෝ e - සිගරට් හෝ vapes භාවිතා කර ඇතිබව හෙළිවී තිබේ. වයස අවුරුදු 18ත් 24ත් පුද්ගලයින් අතරේ මෙලෙස ඊ - සිගරට් භාවිතාව ඉතා ඉහල බව වාර්තා වේ. මෙහිදී එම වයස් කාණ්ඩයේ පුද්ගලයින් ගෙන් හරි අඩක් පමණ ඒ සිගරට් අත්හදා බලා ඇතිබව හෙළිවේ. 

2019 - 2023 අතර කාලයේ වයස 18ත් 24ත් අතර සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක අයෙක්ම නීතිවිරෝදී මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව හෙළිවී තිබේ

.

මත්පැන් භාවිතාව

alchohol එනම් මද්‍යසාර භාවිතාව ඕස්ට්‍රේලියාවේ බහුලවම භාවිතා වන මත්ද්‍රව්‍යය වේ. සෑම ඕස්ට්‍රේලියානුවන් 4න් 3ක්ම පවසන්නේ තමන් පසුගිය මාස 12 තුල මත්පැන් පානය කර ඇති බවයි. මෙහිදී අධිකලෙස ලෙස මත්පැන් පානය කරන්නන් ගේ ප්‍රමාණය 2019 හා සංසන්දනය කරන විට එම ප්‍රමානයේම පවතින බව වාර්තා වේ. සෑම පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් එක අයෙක් අධික මාත්‍රා වලින් මත්පැන් පානය කරන බව වාර්තා වේ. මෙම ප්‍රමාණය 31% ලෙස වාර්තා වේ.

මෙහිදී පිරිමින් කාන්තාවන්ට වඩා ඉහල ප්‍රමාණවලින් මත්පැන් පානය කිරීමට වැඩි නැඹුරුවක් දක්වයි. අධික ලෙස මත්පැන් පානය කරන පිරිමින්ගේ ප්‍රමාණය 2007 දී 50%ක් වී තිබෙන අතර එය 2022 වසර වනවිට 39% දක්වා පහල බස තිබේ.

නීති විරෝධී මත්ද්‍රව්‍ය

2022 2023 කාලයේදී වයස් අවුරුදු 14ට වැඩි සෑම ඕස්ට්‍රේලියානුවන් 5 දෙනෙකුගෙන් එක අයෙක් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කර තිබෙන බව වාර්තා වේ. සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයින් නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතාව වැඩි වශයෙන් සිදුකලද වර්තමාන දත්ත පෙන්වා දෙන්නේ වයස 18ත් 24ත් අතර කාන්තාවන්ද පිරිමින් හා සමානවම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතාව සිදු කරන බවයි. 2019 - 2023 අතර කාලයේ වයස 18ත් 24ත් අතර සෑම කාන්තාවන් තුන් දෙනෙකුගෙන් එක අයෙක්ම නීතිවිරෝදී මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බව හෙළිවී තිබේ. මේ අතර එම වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයින්ගේ මත්ද්‍රව්‍ය භාවිතාවේ වැඩිවීමක් නොපෙන්වන බවද වාර්තා වේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now