රැකියාවේදී ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීමකට ලක් වුනොත් ඒ සඳහා තිබෙන විකල්ප: SBS සිංහල AUSTRALIA EXPLAINED

Australia Explained - workplace religious rights

International legislation protects in Australia the right to manifest in public one’s religion or belief in worship, observance, practice, and teaching. Source: Moment RF / Mayur Kakade/Getty Images

ඔස්ට්‍රේලියාව ආගමික නිදහස සඳහා පුළුල් ආරක්ෂාවක් සපයන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ පාර්ශවකරුවෙකි. කෙසේ නමුත්, නිශ්චිත නීතිමය ආරක්ෂාවන් විවිධ ප්‍රාන්ත සහ විවිධ අධිකරණ බල සීමා අනුව වෙනස් වේ. ඔබ රැකියාවේදී ආගම මත පදනම්ව වෙනස්කම්වලට මුහුණ දී ඇත්නම්, ඔබ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට හෝ ඒ පිළිබඳව උසාවියට යාමට බලාපොරොත්තු වනවා නම් ඔබේ විකල්පයන් දැන ගැනීම වැදගත් වේ.


Key Points
  • ආගම මත පමණක් වෙනස් කොට සැලකීම ඕස්ට්‍රේලියාවේ federal anti-discrimination law යන නීතිය යටතේ නීති විරෝධී නොවන නමුත් ප්‍රාන්ත නීතිය යටතේ එය නීති විරෝධී විය හැක.
  • Fair Work කොමිසම ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසම සහ විවිධ ප්‍රාන්ත වල වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් වන ආයතන අධිකරණයෙන් පිටත ආගම මත පදනම්ව වෙනස්කම් කිරීමේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ ආයතන වේ.
  • ඇතැම් අවස්ථාවලදී, තම ආගම ඇදහීමට සේවකයාගේ නිදහස සීමා කිරීම සඳහා නීත්‍යානුකූල හේතු ද තිබිය හැක.
ඔස්ට්‍රේලියාව තුල ආගම මත පදනම්ව වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් වන පනත් කෙටුම්පතක් පිහිටුවීම සඳහා පසුගිය වසර පුරා ක්‍රියාදාමයන් සිදුවෙමින් පවතින අතර, ආගමික ආරක්ෂාව පිළිබඳ නිසි නීතියක් නොමැත.

2009 Fair Work පනත යටතේ ආගම පදනම් කරගෙන වෙනස් කොට සැලකීමට එරෙහිව ඔස්ට්‍රේලියාව පුරා ආරක්ෂාව පවතී. නමුත් ඒවා ඔවුන්ගේ විෂය පථය තුළ සීමා වී ඇත.

Karina Okotel ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරිය පදනම් කරගත් ජාතික ප්‍රජා නීති මධ්‍යස්ථානයක් වන Racial & Religious Discrimination Legal Service Inc හි ප්‍රධාන නීතිඥවරියයි.

ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් මුහුණ දී ඇති සේවකයෙකු සඳහා වන පළමු පියවර වන්නේ Fair Work කොමිසම ඇමතීම වන බව Karina උපදෙස් දෙයි.

ඇය වැඩිදුරටත් පවසන්නේ ඔවුන්ට බලාත්මක කළ හැකි තීරණයක් ගත හැකිනමුත් Fair Work කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ හැකි පැමිණිලිවල විෂය පථයට අනුකුල විය යුතු බවයි.
Australia Explained - workplace religious rights
Complaints about workplace religious discrimination includes discrimination because of the lack of a religious belief. Credit: SDI Productions/Getty Images
නිදසුනක් වශයෙන්, සේවා යෝජකයින් ආගම පදනම් කරගනිමින් යමකුට එරෙහිව අහිතකර ක්‍රියාමාර්ග ගැනීම නීති විරෝධී වේ.

රැකියා සඳහා බඳවාගැනීමේදී discrimination හෙවත් වෙනස්කොට සැලකීම සිදු වේ.

නමුත් එය ඔප්පු කිරීම ඉතා අපහසු වන අතර එය අවිඥානික පක්ෂග්‍රාහීත්වයකින් සිදුවන් බව Karina පෙන්වා දෙයි.

Fair Work කොමිසමෙන් ආවරණය නොවන, සම-සේවකයින් අතර සිදුවන දේ ඇතුළුව, සේවා ස්ථානයේ ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීම තිබිය හැක.

රාජ්‍ය මට්ටමින් බේරුම්කරණ ක්‍රියාවලියකට මඟ පෙන්වීමට සහ බැඳීම් නොවන නිර්දේශ නිකුත් කිරීමට බලතල ඇති ඕස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිසමට ද මෙවැනි අවස්ථාවකදී පැමිණිලි කළ හැක.

පැමිණිල්ලකින් අනතුරුව සේවා යෝජකයින්ගේ කීර්තිනාමයට සිදුවන හානිය සහ ඔවුන් මාධ්‍යයට නිරාවරණය වීම හේතුවෙන් බොහෝ විට පැමිණිලිකරුවන් සමඟ සමතයකට පැමිණීමට සේවා යෝජකයන් පොළඹවන බව Karina පවසයි.

මේ හේතුවෙන් අධිකරණයට නොගොස් ගැටලුව විසඳීමට මිනිසුන්ට සෘජුවම මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම ඉතා ප්‍රයෝජනවත් විය හැක.

ප්‍රාන්ත සහ ටෙරිටරි මට්ටමින් පවතින ආගමික විශ්වාසයන් හෝ ක්‍රියාකාරකම්, බොහෝ අධිකරණ බල ප්‍රදේශ හරහා අගමැ මත පදනම්ව වෙනස් කොට සැලකීමට එරෙහි නීති වල ආරක්ෂිත ලක්ෂණයකි.

කෙසේ වෙතත්, ඔබ ජීවත් වන ස්ථානය අනුව ආරක්ෂාව වෙනස් වේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Equal Opportunity and Human Rights Commission හි නීති අංශයේ ප්‍රධානී Aimee Cooper පවසන්නේ සේවා ස්ථානවල ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීම පිළිබඳ පැමිණිලි සඳහා උදාහරණ සපයයි.
Australia Explained - workplace religious rights
Some jurisdictions, including Queensland, Victoria and the ACT also have protections for freedom of religion in their respective Human Rights Acts. Credit: coldsnowstorm/Getty Images
සෙනසුරාදා දිනවල ෂබාත් සැමරීමට අවශ්‍ය වීම හේතුවෙන් තමාට රැකියාවට පැමිණීමට නොහැකි බවට තම සේවායෝජකයාට දන්වා සිටීම නිසා Jewish හෙවත් යුදෙව් කාන්තාවක් රැකියාවේදී දැඩි පීඩනයකට මුහුණ දී තිබේ.

එමෙන්ම Sikh ජාතිකයකු හට තම හිස පළඳින turban එක ඉවත් කරන ලෙසට ඔහුගේ රැකියා ස්ථානයේ අධීක්ෂකවරයා යම් අවස්ථාවකදී පැවසු බවත් ඉන්දීය ජාතිකයකු පවසයි.

එමෙන්ම තම රැකියා ස්ථානයේදී යාඥා සඳහා කෙටි විවේක ගැනීම සම්බන්ධයෙන් තමා අපහසුතාවයට පත් වූ බවත් මුස්ලිම් කාන්තාවක කියා සිටී.

VEOHRC වැනි ආයතන අධිකරණයට යාම සඳහා විකල්පයක් ලෙස, පැමිණිලිකරුවන්ට අන්‍යෝන්‍ය වශයෙන් එකඟ විය හැකි ප්‍රතිඵල ලබා ගැනීමට සහාය වේ.

Aimee කියා සිටින්නේ එය සමාව අයැදීමක්, ප්‍රතිපත්ති හෝ භාවිතයන් වෙනස් කිරීමක්, කෙනෙකුට රැකියාවක් හෝ මූල්‍ය වන්දියක් ලබාදීමක් විය හැකි බවයි.

ඇතැම් අවස්ථාවලදී, රැකියා ස්ථානයකදී ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීම නීතියට පටහැනි නොවේ.

නිදසුනක් වශයෙන්, වික්ටෝරියා ප්‍රාන්තය තුල, ඇතැම් කොන්දේසි යටතේ පමණක් කාර්ය මණ්ඩලය සේවයේ යෙදවීමේදී ඇදහිල්ල පදනම් කරගත් සංවිධානවලට වෙනස්කොට සැලකීම සිදු කළ හැක.
Australia Explained - workplace religious rights
The kinds of mediation outcomes are “limitless, because it's really what the two parties are willing to agree to”. Credit: CihatDeniz/Getty Images
Blackbay Lawyers හි වාණිජ ආරවුල් හවුල්කරු වන Justin Carroll පැහැදිලි කරන්නේ Fair Work Act මගින් ආගමික ආයතන නීති විරෝධී ලෙස වෙනස් කොට සලකන්නේ නැති බවයි.

නඩු පැවරීම් හෝ පැමිණිලි වළක්වා ගැනීම Fair Work Act පනතට අනුකුලව සේවායෝජකයා අත පවතින බව Justin පවසයි.

Australia Explained - workplace religious rights
“Health and safety issues are grounds on which employers can legitimately infringe upon religious practice or religious observance, in the form of religious dress for example,” Mr Carroll explains. (Getty) Credit: Maskot/Getty Images
විනිවිදභාවයෙන් සිටීම, අවශ්‍ය දේ පිළිබඳව සේවකයින්ට කලින් දැනුම් දීම අපේක්ෂාවන් සැකසීමට උපකාරී වන බව Justin පවසයි.

Karina පවසන්නේ රැකියාවේදී ආගමික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්, සිදුවීම් සෑම විටම සංකීර්ණ විය හැකි අතර වාර්ගිකමය වශයෙන් වෙනස්කොට සැලකීම හෝ වෙනත් නීති විරෝධී උල්ලංඝනයන් සමඟ ඒවා මිශ්‍ර විය හැකි බවයි.

මේ හේතුවෙන් නීති උපදෙස් ලබා ගැනීම ඇත්තෙන්ම වැදගත් වේ.

අපගේ නීතිවල ඇති සීමාවන් සැලකිල්ලට ගනිමින්, නීතීඥවරයාට විවිධ විකල්පයන් සොයා බලා ගත හැකි හොඳම ක්‍රියාමාර්ගය කුමක්දැයි සොයා බැලිය හැකි වීම මිට හේතුව බව Karina කියා සිටී.

රාජ්‍ය සහ ප්‍රාන්ත මට්ටමින් ආගම මත පදනම්ව වෙනස්කොට සැලකීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම පිළිබඳ තොරතුරු සඳහා පිවිසෙන්න:
ACT 
ACT Human Rights Commission 
https://hrc.act.gov.au/ 
NSW 
Anti-Discrimination Board of NSW 
https://antidiscrimination.nsw.gov.au 
NT 
Northern Territory Anti-Discrimination Commission 
http://www.adc.nt.gov.au/ 
QLD 
Queensland Human Rights Commission 
https://www.qhrc.qld.gov.au/ 
SA 
South Australian Equal Opportunity Commission 
https://eoc.sa.gov.au/ 
TAS 
Equal Opportunity Tasmania 
https://equalopportunity.tas.gov.au/ 
VIC 
Victorian Equal Opportunity & Human Rights Commission 
https://www.humanrightscommission.vic.gov.au/ 
WA 
Western Australian Equal Opportunity Commission 
http://www.eoc.wa.gov.au/ 

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service