SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තය තුල ජාතිය අනුව වෙනස් කම් වලට භාජනය වීම පිලිබද ඉදිරිපත් වන පැමිණිලි වල වැඩි වීමක්

Aboriginal and Torres Strait Islander people and racial minorities more commonly victimised.
Source: The Blue Gallery

වික්ටෝරියානු ප්‍රාන්තය තුල කෙනෙකුගේ ජාතිය අනුව වෙනස් කම් වලට භාජනය වීම පිලිබද ඉදිරිපත් වන පැමිණිලි ගෙවී ගිය වසර තුල ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව වාර්තාවක් පෙන්වා දෙනවා. වික්ටෝරියානු ප්‍රාන්ත සමානතා සහ මානව හිමිකම් කොමිසම මගින් මෙම සමීක්ෂණය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම පිලිබදව අදහස් දක්වන ක්‍රියා කාරිකයින් පවසන්නේ ජාතිය අනුව වෙනස්කම් වලට භාජනය කිරීම පිලිබදව පවතින ආකල්ප වල වෙනසක් සිදු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවයි. පසුගිය වසරේ දත්ත සමග සංසන්දනය කිරීමේදී, කෙනෙකුගේ ජාතිය අනුව සිදුවන වෙනස්කම් පිළිබද පැමිණිලි 470 සිට මේ වසරේ 630 දක්වා ඉහල ගොස් ඇති බව සදහන්. මෙය සියයට 34ක වැඩි වීමක්. නියමිත ක්‍රමවේදයට නිළ වශයෙන් ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 77 සිට 136 දක්වා වැඩි වී ඇති අතර එය සියයට 76ක වැඩි වීමක්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

වික්ටෝරියානු ප්‍රාන්තය තුල කෙනෙකුගේ ජාතිය අනුව වෙනස් කම් වලට භාජනය වීම පිලිබද ඉදිරිපත් වන පැමිණිලි ගෙවී ගිය වසර තුල ඉතා සීග්‍රයෙන් ඉහල ගොස් ඇති බව වාර්තාවක් පෙන්වා දෙනවා. වික්ටෝරියානු ප්‍රාන්ත සමානතා සහ මානව හිමිකම් කොමිසම මගින් මෙම සමීක්ෂණය ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම පිලිබදව අදහස් දක්වන ක්‍රියා කාරිකයින් පවසන්නේ ජාතිය අනුව වෙනස්කම් වලට භාජනය කිරීම පිලිබදව පවතින ආකල්ප වල වෙනසක් සිදු කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවයි. පසුගිය වසරේ දත්ත සමග සංසන්දනය කිරීමේදී, කෙනෙකුගේ ජාතිය අනුව සිදුවන වෙනස්කම් පිළිබද පැමිණිලි 470 සිට මේ වසරේ 630 දක්වා ඉහල ගොස් ඇති බව සදහන්. මෙය සියයට 34ක වැඩි වීමක්. නියමිත ක්‍රමවේදයට නිළ වශයෙන් ඉදිරිපත් වූ පැමිණිලි සංඛ්‍යාව 77 සිට 136 දක්වා වැඩි වී ඇති අතර එය සියයට 76ක වැඩි වීමක්. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now