ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් සිදුවන ගුවන් ගමන් අවලංගු කිරීම් ගැන තොරතුරු මෙන්න

2025-03-06_19-17-23.jpg

Airlines continue to monitor tropical cyclone Alfred. Source: Getty / Brendon Thorne/Bloomberg

කුවීන්ස්ලන්තයට බලපානු ඇතිබවට අපේක්ෂා කරන ඇල්ෆ්‍රඩ් සුලිකුනාටු තත්වය හේතුවෙන් ප්‍රාන්තයේ නගර කිහිපයක් සඳහා සිදුකෙරෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ගුවන් සමාගම් කටයුතු කර තිබෙනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
කොන්ටාස්, වර්ජින් ඔස්ට්‍රේලියා, ජෙට්ස්ටාර් සහ රෙක්ස් යන ගුවන් සේවා ඇල්ෆ්‍රඩ් සුලිකුනාටු තත්වය හේතුවෙන් ඇතිවිය හැකි අවදානම සලකා තම ගුවන් සේවා රැසක් අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා විවිද දීමනා සහ ගුවන් ගමන් සඳහා වන දින වෙනස් කරගැනීමේ අවස්ථා සැපයීමටද ගුවන් සේවා සමාගම් කටයුතු කර තිබෙනවා.

Qantas ගුවන් සේවය

මාර්තු 06 බ්‍රහස්පතින්දා දහවල් සිට සති අන්තය දක්වා බ්‍රිස්බේන් වෙත සහ ඉන් පිටතට යන ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.

  • බ්‍රිස්බේන් වෙත සහ බ්‍රිස්බේන් සිට පියාසර කිරීමට නියමිතව තිබු ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්තු 8වන සෙනසුරාදා දහවල් දක්වා අවලංගු කර ඇත.
  • ගෝල්ඩ් කෝස්ට් වෙත සහ ඉන් පිටතට සිදුකෙරෙන ගුවන් ගමන් මාර්තු 5වන බදාදා සිට අත්හිටුවා ඇත. මෙම අත්හිටුවීම අන්තර්ජාතික ගුවන් ගමන් සඳහා මාර්තු 8 සෙනසුරාදා උදෑසන වනතෙක්ද අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා මාර්තු 9 ඉරිදා දින උදෑසන දක්වාද බල පැවැත්වෙනවා.
  • Lord Howe Island ගුවන් ගමන් දැනටමත් අත්හිටුවා ඇත. Ballina වෙත හෝ ඉන් පිටවන ගුවන් ගමන් ද ඉරිදා උදෑසන දක්වා අත්හිටුවා ඇත.
  • Sunshine Coast සහ Hervey Bay වෙත සිදුවන ගුවන් ගමන් නියමිත පරිදි සිදුකරන බව කොන්ටාස් ආයතනය පවසයි.

මාර්තු 4 සහ මාර්තු 16 අතර Ballina, Brisbane සහ Gold Coast වෙත සිදුවන ගුවන් ගමන් අවලංගු වීම් සඳහා යම් සහන ලබා දීමටද කොන්ටාස් ආයතනය බලාපොරොත්තු වනවා.

ගුවන් ගමන් ආරම්භ වීමට නියමිතව තිබු දිනයේ සිට සතිදෙකක් ඇතුලත දිනයකට ගුවන් ගමන වෙනස් කර ගැනීමට අවසර ලබාදී ඇත. එසේත් නැතිනම් කොන්ටාස් ආයතනයේම වෙනත් ගුවන් ගමන් ටිකට්පත් සඳහා මුල් ටිකට් පත සඳහා ගෙවූ මුදල් භාවිතා කිරීමට හැකියාව ලබාදී ඇත. මාර්තු 4 සහ 9 අතර Bundaberg, Coffs Harbour, Hervey Bay, Lord Howe Island සහ Maroochydore වෙත යාමට නියමිතව තිබු ගුවන් ගමන් සඳහා මෙම ප්‍රතිලාබ ලබාදීම සිදුවේ.

මගීන්ට කොන්ටාස් ආයතනයේ වෙබ් පිටුව හරහා ටිකට් පත් වෙන් කිරීම් කළමනාකරණය කළ හැකිය, නැතහොත් Qantas පාරිභෝගික සේවා මාර්ගය අමතන්න. මේ පිලිබඳව සිදුවන වෙනස්කම් කෙටි පණිවිඩ හරහා පාරිභෝගිකයින්ට ලබාදීමට කොන්ටාස් ආයතනය බලාපොරොත්තු වේ.

Virgin Australia
  • මාර්තු 06 බ්‍රහස්පතින්දා පස්වරුව දක්වා බ්‍රිස්බේන් වෙත සහ ඉන් පිටතට යාමට නියමිත ගුවන් ගමන් ප්‍රමාණය අඩුකර ඇත.
  • සිකුරාදා දක්වා ගෝල්ඩ් කෝස්ට් සහ Ballina වෙත ගුවන් ගමන් අත්හිටුවා ඇත.

Ballina, Brisbane, Bundaberg, Gold Coast සහ Sunshine Coast වෙත මාර්තු 4 සහ 8 දිනයන් අතර ගුවන් ගමන් සඳහා අමතර ගාස්තු අයකිරීමකින් තොරව දින වෙනස් කර ගැනීමේ අවස්ථා ලබා දී තිබෙනවා. මෙම වෙනස් කරන දිනය මුලින් වෙන්කර තිබු පිටත්වීමේ දිනයේ සිට දින 14ක් ඇතුලත දිනයක් විය යුතු වේ. මීට අමතරව මෙම ගුවන් සේවය සමග වෙනත් ගුවන් ගමනකට ටිකට් පත් වෙන්කරවා ගැනීමට එම මුදල් භාවිතා කිරීමේ අවස්ථාවද ලබා දී ඇත. මෙය 2025 මාර්තු 3 හෝ ඊට පෙර නිකුත් කරන ලද ප්‍රවේශපත්‍ර සඳහා වලංගු වේ

Jetstar
  • මාර්තු 08 සති අන්තය දක්වා බ්‍රිස්බේන් සහ ගෝල්ඩ් කෝස්ට් වෙත ගුවන් ගමන් අවලංගු කරන ලදී.
  • බ්‍රිස්බේන් වෙත සහ බ්‍රිස්බේන් සිට පියාසර කිරීමට නියමිතව තිබු ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්තු 8වන සෙනසුරාදා දහවල් දක්වා අවලංගු කර ඇත
  • බ්‍රිස්බේන් වෙත සහ බ්‍රිස්බේන් සිට සිදුකෙරෙන අභ්‍යන්තර ගුවන් ගමන් ඉරිදා උදෑසන දක්වා අවලංගු කරන ලදී.
  • Ballina වෙත සිදුකරන ගුවන් ගමන් මාර්තු 06 බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවා ඇත
මාර්තු 4 සහ 16 අතර Ballina, Brisbane, Coolangatta, Hervey Bay සහ Maroochydore වෙත යාමට නියමිතව තිබු ගුවන් ගමන් සඳහා පිටත්වීමට නියමිතව තිබු දිනයේ සිට සති දෙකක් ඇතුළත නොමිලේ දින වෙනසක් හෝ මගීන්ට වවුචරයක් ලබා ගත හැක.

Rex
  • මාර්තු 5 බදාදා බ්‍රිස්බේන් ගුවන්තොටුපළෙන් පිටත්වීමට හෝ පැමිණීමට නියමිතව තිබූ ගුවන් ගමන් නවයක් අවලංගු කර ඇත.
  • මාර්තු 06 බ්‍රහස්පතින්දා සහ මාර්තු 07 සිකුරාදා සඳහා බ්‍රිස්බේන් වෙත සහ ඉන් පිටතට සිදුකෙරෙන ගුවන් ගමන් අත්හිටුවා ඇත.
මාර්තු 4 සහ 8 අතර බ්‍රිස්බේන් වෙත සහ ඉන් පිටතට යන ගුවන් ගමන් සඳහා, මගීන්ට ජුනි 30 ට පෙර ඇති ගුවන් ගමනක් සඳහා ගාස්තු රහිතව නැවත දින වෙන්කරවා ගැනීමට හෝ අවලංගුවන ගුවන් ගමන සඳහා ගෙවූ මුදල Rex ගුවන් සේවයේ වෙනත් ගුවන් ගමනක් සඳහා යොදා ගැනීමේ අවස්ථාව ලබාදී ඇත

 
එක් එක් ගුවන් ගමන් අවලංගු කිරීම් වෙනස් වීමේ හැකියාවක් පවතින අතර සුළි කුණාටු බලපෑම් හේතුවෙන් කාර්ය මණ්ඩලය හෝ පහසුකම් නොමැති වුවහොත් ගුවන් ගමන් ප්‍රමාදයන් ඇති විය හැකි බව ගුවන් ගමන් පාලනය සම්බන්ධීකරණය කරන Airservices Australia ආයතනය පවසා ඇත. ඉදිරි දින කිහිපයේදී ඕස්ට්‍රේලියාවේ ගුවන් සේවා සඳහා අවශ්‍ය සහය ලබා දීමට Airservices Australia ආයතනය විසින් හදිසි අවස්තාවකදී භාවිතා කෙරෙන පෙර සැලසුම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇත.

ගුවන් ගමන් අවලංගු කිරීම් පිළිබඳව සපයා ඇති තොරතුරු මාර්තු 06 වනදා වනවිට වාර්තා වන තොරතුරු අනුව ද්සන්දහන් කර ඇති අතර ඉදිරියේදී මෙම තත්වය වෙනස් වීමට ඉඩ ඇත. ගුවන් ගමන් පිළිබඳව වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ ගුවන් සේවය ඇමතීම හෝ සංචාරක නියෝජිතයා ඇමතීම සිදුකල යුතු වේ.

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කොට ඇත්තේ SBS News වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service