නවසීලන්තයේ නිල සංචාරයක නිරත ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා, නවසීලන්ත විදේශ අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා හමුවී තිබෙනවා. මෙහිදී ඔහුට නවසීලන්ත විදේශ අමාත්‍යාංශයේදී සාම්ප්‍රදායික 'මව්රි පෝෆිරි' පිළිගැනීමක් ලබාදී තිබීම විශේෂත්වයක්. Xසමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් විජිත හේරත් මහතා, තම නිල සංචාරය සඳහා කළ ආරාධනයටත්, තමන් සහ ශ්‍රී ලංකා නියෝජිත පිරිසට ලබාදුන් ආහාර සංග්‍රහයටත් වින්ස්ටන් පීටර්ස් මහතාට ස්තුතිය පළ කර තිබෙනවා. ඔහු ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු පිලිබඳ අමාත්‍ය පෙනී වොන්ග් හමු වීමටද නියමිත වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මේ විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන එනවා
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






