අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- Voice to parliament ජනමත විචාරණයේදී "ඔව්" යනුවෙන් ඡන්දය දෙන ලෙස ඉල්ලා හිටපු ලිබරල් මන්ත්‍රීවරයෙකු ඔස්ට්‍රේලියාව වටා යාම අරඹයි.
- චීනය තායිවානය ආක්‍රමණය කළහොත් ඔස්ට්‍රේලියාව යුද්ධයකට නොයන බව ඔස්ට්‍රේලියානු විදේශ ඇමතිනිය පවසයි.
- ශ්‍රී ලංකා මහ බැංකුවේ ලක්ෂ 50 ක් සොරකම් කිරීමට අදාළ සැකකරුවන් අධිකරණයට රැගෙන ඒමට පොලිසියට නියෝග.
- සුඩානයේ මාරාන්තික ගැටුම් නවත්වා සාකච්ඡා මේසයට එන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක්.
- ශ්‍රී ලංකා - අයර්ලන්ත පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේදී ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක සධීර සමරවික්‍රම වසර 7 ක් පැරණි වාර්තාවක් අලුත් කරයි.