Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ගේ ප්‍රමාණය අඩුකරන්න ඕස්ට්‍රේලියානු රජයෙන් නව උපක්‍රමයක්

2025-01-06_13-38-20.jpg

Source: SBS News

අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීම සම්බන්දයෙන් සීමා පනවමින් ඕස්ට්‍රේලියානු රජය නීති ගෙන ඒමට උත්සාහ දැරුවද එම නීති පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජයට නොහැකි වී තිබෙනවා. මේ හේතුවෙන් අන්තර්ජාතික සිසුන් ප්‍රමාණය සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය නව උපක්‍රම යොදමින් සිටිනවා.


Published

Updated

By Dinesh Liyanage, Sara Tomevska , Wing Kuang

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීම සම්බන්දයෙන් සීමා පනවමින් ඕස්ට්‍රේලියානු රජය නීති ගෙන ඒමට උත්සාහ දැරුවද එම නීති පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජයට නොහැකි වී තිබෙනවා. මේ හේතුවෙන් අන්තර්ජාතික සිසුන් ප්‍රමාණය සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය නව උපක්‍රම යොදමින් සිටිනවා.


අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීම සම්බන්දයෙන් සීමා පනවමින් ඕස්ට්‍රේලියානු රජය ගෙන ආ නව නීති පාර්ලිමේන්තුවේදී සම්මත නොවීමත් සමග ඔස්ට්‍රේලියාවට එන අන්තර්ජාතික සිසුන් ප්‍රමාණය සීමා කිරීමට නව උපක්‍රමයක් ඕස්ට්‍රේලියානු රජය භාවිතා කිරීමට සූදානම් වනවා. මේ අනුව යම් විශ්වවිද්‍යාලයක් මින් පෙර යෝජිත සිසුන් ගේ ප්‍රමාණයෙන් 80%ක සීමාවට ලඟා වූ විට එම විශ්වවිද්‍යාලය සඳහා අයදුම් කර ඇති අනෙකුත් සිසුන්ගේ වීසා ලබාදීමේ ක්‍රියාවලිය ප්‍රමාද කිරීමට රජය බලාපොරොත්තු වනවා. මෙහිදී පනතක් හරහා මෙම ක්‍රියාවලිය සිදුකරනු වෙනුවට අමාත්‍ය වරයාගේ බලතලයක් වන අමාත්‍ය නියෝගයක් එනම් Ministerial Direction බලතල භාවිතා කර වීසා ලබා දීමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමට රජය කටයුතු කරනවා.

MInisterial Direction 107 ලෙස හැඳින්වුණු මින් පෙර පැවති අමාත්‍ය නියෝගය හේතුවෙන් 2023/2024 මූල්‍ය වර්ෂයේදී ඉන් පෙර වසරට වඩා ශිෂ්‍ය වීසා ලබා දීම 60000 කින් පමණ අඩුවී තිබෙනවා

මේ ආකාරයට අමාත්‍ය උපදේශයක් එනම් Ministerial Direction ලෙස හැඳින්වෙන බලතල භාවිතා කිරීම ඕස්ට්‍රේලියාවේ ආගමන විගමන , අධ්‍යාපනය, හෝ පොදු ප්‍රවාහන සේවා වැනි ක්ෂේත්‍රවල බහුලව භාවිතා වීම දක්නට ලැබෙනවා.

අන්තජාතික සිසුන්ගේ ප්‍රමාණය ඉහල යාම පාලනයක් සහිතව සිදුකිරීමට මේ හරහා රජය බලාපොරොත්තු වන බව ෆෙඩරල් රජයේ මුදල් අමාත්‍ය Katy Gallagher පවසා සිටිනවා.

MInisterial Direction 107 ලෙස හැඳින්වුණු මෙම අමාත්‍ය නියෝගය හරහා අවදානම් අඩු ලෙස සැලකෙන රටවලින් මෙන්ම අවදානම අඩු ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාවේ ඇතැම් විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතන වෙත අයදුම් කෙරෙන ශිෂ්‍ය වීසා අයදුම්පත් සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට මින් පෙර නියෝග ලැබී තිබුනා. මේ හේතුවෙන් 2023/2024 මූල්‍ය වර්ෂයේ ඉන් පෙර වසරට වඩා ශිෂ්‍ය වීසා ලබා දීම 60000කින් අඩුවී තිබෙනවා. මෙම නව නියෝගය හරහා එම තත්වය ඉවත්වීමක් සිදුවනවා.

මේ හරහා අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීම සම්බන්දයෙන් විශ්වවිද්‍යාල වෙත වක්‍රාකාරව සීමා පැනවීමක් සිදුවන වනවා. කෙසේ උවත් මේ හරහා ප්‍රාදේශීය ප්‍රදේශවල ඇති විශ්වවිද්‍යාලය සහ කුඩා විශ්වවිද්‍යාල ආර්ථික වශයෙන් දැඩි බලපෑමකට ලක්වන බව Universities Australia ආයතනය පෙන්වා දෙනවා.

කෙසේ උවත් ඇතැම් විශ්වවිද්‍යාල සඳහා පමණක් ප්‍රමුඛතාවල ලබාදීමට මින් පෙර තිබු MInisterial Direction 107 ලෙස හැඳින්වුණු අමාත්‍ය නියෝගය ඉවත් කිරීම සම්බන්ධයෙන් Regional Universities Network හි ප්‍රධාන විධායක අධ්‍යක්ෂ Alec Webb තම ප්‍රසාදය පල කර සිටිනවා.

එක එක විශ්වවිද්‍යාල සඳහා රජයෙන් පනවා ඇති ශිෂ්‍ය සීමාවෙන් 80%ක් සම්පූර්ණ වන අවස්ථාවේ සිට ශිෂ්‍ය වීසා ලබාදීම මන්දගාමී වීමක් සිදුකිරීමට රජය බලාපොරොත්තු වනවා. මේ සම්බන්දයෙන් ඇතැම් පිරිස් තම අප්‍රසාදය පළකර සිටිනවා.

රජයේ මෙම නව ක්‍රමවේද හේතුවෙන් අන්තර්ජාතික ශිෂ්‍යයින්ට ගැටලුසහගත තත්වයක් උද්ගත වන අතර මේ හේතුවෙන් මුළු උසස් අධ්‍යාපන ක්ෂේෂ්ඨ්රයටම යම් බලපෑමක් ඇතිවිය හැකි බව ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම විශ්වවිද්‍යාල 8කින් සැදුම්ලත් the Group of Eight සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ VIcki Thomson පවසා සිටිනවා.

අන්තර්ජාතික සිසුන් බඳවා ගැනීමට රජය සීමා පැනවීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාල ඉදිරියේදී ආර්ථික වශයෙන් දැඩි අර්බුද වලට මුහුණපානු ඇතිබවට වාර්තා වනවා. මේ හේතුවෙන් විශ්වවිද්‍යාල කාර්යමණ්ඩල සේවකයින්ට රැකියා අහිමි වීමේ තර්ජනයක්ද ඇති වී තිබෙනවා.

රජයේ මෙම තීරණය පිළිබඳව සන්ධාන විපක්ෂයේ සංක්‍රමණ කටයුතු පිලිබඳ ප්‍රකාශක Dan Tehan ද තම විරෝධය ඵලකොට සිටිනවා.

නිවාස සහ ආර්ථික ගැටළු පවතින වාතාවරණයක් තුල පසුගිය කාලයේ මිලියනයකට අධික සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බවත් ලේබර් පක්ෂය නිරන්තරයෙන්ම සංක්‍රමණිකයින් සම්බන්දව නිසි තීරණ ගැනීමට අපොහොසත් වන බවත් ඔහු මෙහිදී චෝදනා එල්ල කර සිටිනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now