Disability support worker රැකියාවේ සේවකයින්ට පැයකට $5ක වැටුප් වර්ධකයක් ලබාදිය යුතු බවට යෝජනාවක්

Young caregiver pushing patient on wheelchair from a nursing home in the park.

Young caregiver pushing patient on wheelchair from a nursing home in the park. Source: Moment RF / Halfpoint Images/Getty Images

ඕස්ට්‍රේලියාවේ ආබාධිත පුද්ගලයින් සඳහා උපකාරක සේවා සපයන්නන්ගේ විශාල අඩුවක් පවතින බව ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා වෘතීය සමිති පවසා සිටිනවා. මේ සඳහා විවිද හේතු බලපෑ ඇති අතර මෙයට විසඳුමක් ලෙස වැටුප් වැඩි කිරීම් ඇතුළු විවිද යෝජනා ඔවුන් ඉදිරිපත් කර සිටිනවා.


සෑම් ගැල්වින් කියන්නේ මෙල්බර්න් නුවර අබාධිත පුද්ගලයින් සඳහා උපකාරක සේවා සපයන පුද්ගලයෙක් . ආබාධිත පුද්ගලයින්ට එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන කටයුතු සිදුකර ගැනීමට සහාය දීම, නිවසින් බැහැරව යාමේදී ඔවුන්ට උපකාර කිරීම වැනි සේවා සැපයීම ඔහුගේ රාජකාරිය වනවා. කෙසේ උවත් මෙම සේවා සැපයීම සඳහා වන ප්‍රමාණවත් පුහුණුවක් තමන්ට නොලැබෙන බව ඔහු පවසනවා.

විශේෂයෙන්ම විවිද ආබාධ සහිත පුද්ගලයින් විවිද මානසික තත්වයන් හේතුවෙන් මෙම සේවකයින්ට බැනවදීම් වැනිදා සිදුකිරීම මෙවැනි රැකියාවල සුලභ දෙයක් වනවා. එය එසේ උවත් ඒ සඳහා මුහුණ දීමට අවශ්‍ය පුහුණුව මෙම සේවකයින්ට නොලැබෙන බව ඔහු පවසා සිටිනවා.

මීට අමතරව පුහුණුවෙන් පසුව එම සේවකයින් පිළිබඳව නිසි සොයා බැලීමක්ද සිදු නොවන බව ඔහු පවසනවා. එසේම මෙම රැකියාවේ ස්වභාවයට ප්‍රමාණවත් වැටුපක්ද තමන්ට නොලැබෙන බව ඔහු පවසා සිටිනවා.

එසේම මෙම රැකියාවේදී රැකියාව සිදුකරන වේලාවන් නිරන්තරයෙන් වෙනස් වන අතර රැකියාවේ සුරක්ෂිත භාවය පිළිබඳවද දැඩි අවිනිශ්චිත බවක් ඇති බව ඔහු පවසා සිටිනවා. මේ හේතුවෙන් බොහෝ පිරිසක් මෙම රැකියා අතහැර වෙනත් රැකියා සඳහා යොමුවීමේ ප්‍රවනතාවයක් දක්නට ඇති බව ඔහු පවසා සිටිනවා.

මේවන විට ඔස්ට්‍රේලියාව තුල මෙම ක්ෂේශ්ත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් 100,000කගේ පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය වුර්තීය සමිති පවසා සිටිනවා. මීට අමතරව සෑම සේවකයින් හතර දෙනෙකුගෙන් එක අයෙකුම තම රැකියාවෙන් ඉවත්වීමට සූදානමින් සිටින බවද ඔවුන් පෙන්වා දෙනවා.

වැටුප් ප්‍රමාණවත් නොවීම, නිසි පුහුණුවක් ලබා නොදීම මෙන්ම රැකියා ක්ෂේශ්ත්‍රයේ ඉදිරියට යාමට ඇති බාධා හේතුවෙන් මෙම තත්වය උදාවී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා. මෙම සේවකයින්ට අවශ්‍ය වැටුප් ප්‍රමාණයට වඩා ඉතා අඩු වැටුපක් මේවන විට ලැබෙන බව Health Services Union හි ලේකම් Lloyd Williams පවසා සිටිනවා.

මෙම සේවකයින්ට පැයකට $5ක වැටුප් වර්ධකයක් ලබාදෙන ලෙස වුර්තීය සමිති යෝජනා කර සිටිනවා. පසුගිය දිනවල aged care සහ childcare ක්ෂේශ්ත්‍ර වල සේවකයින්ට වැටුප් වර්ධකයක් ලබා දුන්නද අබාධිත පුද්ගලයින් සඳහා උපකාරක සේවා සපයන සේවකයින් මෙහිදී මගහැරී ඇතිබව මෙම වුර්තීය සමිති පෙන්වා දෙනවා. සේවකයින් නිරන්තරයෙන් රැකියාවලින් ඉවත්වීම හේතුවෙන් අවසානයේදී අබාධිත පුද්ගලයින් දැඩි පීඩාවකට පත්වන බව පෙනෙන්නට තිබෙනවා.

කෙසේ උවත් නිසි පුහුණුවක් ලබාදීම, අවශ්‍ය නිපුනතා නිසියාකාරව ලබාගැනීම මෙන්ම රැකියාවේ ස්වභාවයට අනුව වැටුප් වර්ධක ලබාදීම වැනි දෑ සිදු උවහොත් මෙය ලොව තිබෙන හොඳම රැකියාව ලෙස තමන් සලකන බවද සෑම් ගැල්වින් පවසා සිටිනවා.

********************************************************************************




ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.





********************************************************************************


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
Disability support worker රැකියාවේ සේවකයින්ට පැයකට $5ක වැටුප් වර්ධකයක් ලබාදිය යුතු බවට යෝජනාවක් | SBS Sinhala