Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ ජනතා අප්‍රසාදයට පත්වූ සමාගම් මෙන්න. Optus අංක එකට. Qantas සමාගමත් මේ අතර

Supermarkets Under Scrutiny As Cost Of Living Pressures Mount

A prices dropped sign at a supermarket Credit: Asanka Ratnayake/Getty Images

පසුගිය කාලයේ සුපිරි වෙළඳසල් භාණ්ඩ මිල අධිකලෙස වැඩි කිරීම සම්බන්දයෙන් යම් යම් පුවත් වාර්තා විය. එසේම පොලී අනුපාත ඉහල යාමත් සමග ප්‍රධාන බැංකු පිළිබඳව ජනතාව තුල තිබූ ප්‍රසාදය යම්පමණකින් අඩු වී තිබේ. ඕස්ට්‍රේලියාවේ වෙළඳ සන්නාමයන් පිළිබඳව වර්තමානයේ ජනතාව අතර පවතින විශ්වාසය පිළිබඳව සමීක්ෂණ වාර්තාවක් නිකුත් වී තිබේ. මෙහිදී සමහර සමාගම් ජනතා ප්‍රසාදය දිනා ගැනීමට සමත් උවත් තවත් සමාගම් ජනතා අප්‍රසාදයට පත්වී තිබේ.


නවතම සමීක්ෂණ වාර්තා වලින් පෙන්නුම් කරන පරිදි Woolworths සමාගම අභිබවා Bunnings සමාගම ජනතා විශ්වාසය වැඩිම සමාගම් අතරින් ප්‍රථම ස්ථානයට පැමිණ තිබේ.

Woolworths සමාගම Roy Morgan ආයතනයේ විශ්වාසනීය සන්නාම ලැයිස්තුවේ 2020 මැයි මාසයේ සිට Bunnings සමාගම අභිබවා ප්‍රථම ස්ථානයේ රැදී සිට තිබේ. කෙසේ උවත් 2023 දෙසැම්බර් මාසයේදී ප්‍රධාන සුපිරි වෙළඳසැල් දෙකම මිල ඉහල දැමීමේ ක්‍රියාවන්හි නිරත වන බවට එල්ල වූ චෝදනා මධ්‍යයේ Woolworths සමාගම මෙම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත් විය.

පසුගිය වසර තුළ සමාගම් කෙරෙහි ඕස්ට්‍රේලියානුවන්ගේ සමස්ත අවිශ්වාසය වර්ධනය වී ඇති බව පර්යේෂණයෙන් සොයාගෙන ඇත. මෙහිදී දුර්වල පාරිභෝගික සේවය, දැරිය නොහැකි මිල ගණන්, වංකකම, සදාචාර විරෝධී භාවිතයන් සහ පාරිභෝගික පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ඇති දුර්වලතා මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇතිබව හෙළි වී තිබේ.

කෙසේ උවත් මෙම ඇතිවී තිබෙන තත්වය වෙනස්කරමින් පාරිභෝගික විශ්වාසය දිනාගැනීමට Bunnings සමාගම සමත්වී තිබේ

Bunnings සමාගම විසින් තමන් කෙරෙහි ඇති පාරිභෝගික විශ්වාසය පසුගිය වසර තුල ක්‍රමක් ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට සමත් වී ඇති බව රෝයි මෝර්ගන් ආයතනයේ ප්‍රධාන විධායක මිචෙල් ලෙවින් පවසා තිබේ. ඕස්ට්‍රේලියාවේ අනෙකුත් සුපිරි වෙළඳසැල් දැවැන්තයා වන කෝල්ස් සමාගමද විශ්වාසයේ පහත වැටීමක් අත්විඳ ඇති අතර, වඩාත්ම විශ්වාසදායක සමාගම් ලැයිස්තුවේ ස්ථාන දෙකක් පහතට වැටී පස්වන ස්ථානය හිමිකරගෙන තිබේ.

මේ අතර Aldi සහ Kmart එක් ස්ථානයක් බැගින් ඉහළ ගොස් පිලිවෙලින් තුන්වන සහ සිව්වන ස්ථානය වලට පත්වූ අතර Apple සමාගම මෙම ලයිස්තුවේ හයවන ස්ථානයේ ස්ථාවරව රැදී සිටී.

Toyota, MYER , BIG W සහ Aust Post යන සමාගම් විශ්වාසවන්ත සමාගම් අතරින් පළමු දසදෙනා අතරට පත්වී තිබේ.

මෙහිදී රාජ්‍ය මාධ්‍යයන් වන ABC සහ SBS මාධ්‍ය ආයතන ස්ථාන කිහිපය පහත වැටී තිබේ. ABC මාද්‍ය ජාලය 17වන ස්ථානය හිමිකරගෙන ඇති අතර SBS මාධ්‍ය ජාලය 93 වන ස්ථානය හිමිකරගෙන තිබේ.

ජනතා විශ්වාසය අඩුම සමාගම් මොනවාද?

පසුගිය කාලයේ ඇති වූ තාක්ෂණික දෝෂ සහ සේවා අත්හිටුවීම් හේතුවෙන් Optus සමාග ජනතා විශ්වාසය අඩුම සමාගම් අතරින් පළමු ස්ථානයට පත් වී තිබේ. Facebook සමාගම මෙම ලයිස්තුවේ දෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ. මෙහිදී ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් සේවය වන Quantas ගුවන් සේවය ජනතා විශ්වාසය අඩුම සමාගම් අතර තුන් වන ස්ථානයට පත් වී තිබේ.

Telstra, News Corp, Medibank සහ Amazon වඩාත්ම විශ්වාස කළ නොහැකි වෙළඳ නාම ලෙස සිව්වන, පස්වන, හයවන සහ හත්වන ස්ථාවරව පවතී. මේ අතර ජනතා අප්‍රසාදය වැඩිවීමත් සමග ANZ බැංකුව වඩා අවිස්වාස සමාගම් ලයිස්තුවේ 15 වෙනි ස්ථානයට පත්වී තිබේ. NAB බැංකුවට ද ජනතා අවිස්වාසය වැඩිවී ඇති අතර එය මෙම ලයිස්තුවේ 71වන ස්ථානයේ පවතී.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now