Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයින් අතර වැඩියෙන්ම ජනප්‍රිය ප්‍රාන්ත මෙන්න

Sunny day in Sydney

Sydney Credit: xavierarnau/Getty Images

පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවට ඉතා විශාල ලෙස විදෙස් සංක්‍රමනිකයින්ගේ පැමිණීමක් සිදුවී තිබේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනගහනය මිලියන 27 ට ලඟා වීමද සිදු විය. මෙම විදෙස් සංක්‍රමනිකයින්ගේ පැමිණීම විවිද ප්‍රාන්ත වලට විවිද ආකාරයෙන් දැනී තිබෙන බව වාර්තා වේ. මෙම සංක්‍රමණිකයින් සමහර ප්‍රාන්ත සඳහා වැඩි වශයෙන් යොමුවී තිබෙන අතර අනෙකුත් ප්‍රාන්ත සඳහා යොමු වීමේදී යම් මැලි කමක් පෙන්නුම් කර තිබේ.


ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනුව පසුගිය කාලයේ ඔස්ට්‍රේලියාවට වාර්තාගත සංක්‍රමණිකයින් ප්‍රමාණයක් පැමිණ තිබේ. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියානු ජනගහනයේ අධික වර්ධනයක් පසුගිය වසරේ දැකගැනීමට ලැබිණි.

මෙම ජනගහන වර්ධනයෙන් 83%ක් ම සංක්‍රමණිකයින් නිසා සිදු වී ඇති බව වාර්තා වේ. පසුගිය වසර තුල 765,900 ක් සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇති බව වාර්තා වේ. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවෙන් පිටවී ගොස් ඇත්තේ 217 100ක් පමණක් බවත් වාර්තාවේ. මේ අනුව 548,800 ක ජනගහන වර්ධනයක් පසුගිය වසර තුල සිදුවී තිබේ.

සංක්‍රමණිකයින් ගේ පැමිණීම පසුගිය වසරට සාපේක්ෂව 60%කින් පමණ ඉහල ගොස් තිබේ. මෙහිදී විශාල සංක්‍රමණිකයින් පිරිසක් රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා තාවකාලික වීසා මත පැමිණි පිරිස් බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ ජගහනය සම්බන්ද අංශ ප්‍රධානී Beidar Cho පවසා සිටී.

මෙහිදී දැක ගැනීමට හැකි වූ එක විශේෂ කරුණක් වන්නේ රට තුල ස්වභාවිකව සිදුවූ ජනගහන වර්ධනය පසුගිය වසරට සාපේක්ෂව 3.9%කින් පහත වැටීමයි.

NSW ජනතාව වෙනත් ප්‍රාන්ත වෙත පදිංචියට යාම හේතුවෙන් එහි ජනගහනය පසුගිය වසරේ 33,202කින් අඩු වී තිබේ

සංක්‍රමණිකයින් අතර වඩාත්ම ජනප්‍රිය ප්‍රාන්ත මොනවාද ?

NSW ප්‍රාන්තය ඉහල සංක්‍රමණික ආජ්කර්ශනයක් දිනා ගෙන තිබේ. පසුගිය වසරේ පමණක් සංක්‍රමණිකයින් 186,433ක් NSW ප්‍රාන්තය වෙත ගොස් තිබේ. වික්ටෝරියා ප්‍රාන්තය දෙවැනි තැනට පත්වී ඇති අතර සංක්‍රමණිකයින් 161,758ක් වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණ තිබේ. කුවීන්ස්ලන්තය සංක්‍රමණිකයින් 87,954ක් පමීමත් සමග තුන්වන ස්ථානය ලබාගෙන තිබේ.

මෙහිදී අඩුම සංක්‍රමණික ආකර්ෂණයක් දිනාගෙන ඇත්තේ Northern Territory ය වන අතර එම සංක්‍රමණික ප්‍රමාණය 3,189ක් වී තිබේ.

Net Migration01.png

වැඩිම සංක්‍රමණිකයින් ප්‍රමාණයක් පැමිණ ඇත්තේ කුමන රටවලින්ද?

ඔස්ට්‍රේලියාවට වැඩිම සංක්‍රමණිකයින් ප්‍රමාණයක් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. වැඩිම සංක්‍රමණිකයින් ප්‍රමාණයක් පැමිණීම අතින් දෙවැනි තැනට පත්වී තිබෙන්නේ චීනයයි. තින්වන සහ හතර වන ස්ථාන පිලිවෙලින් පිලිපීනය සහ එක්සත් රාජධානිය ලබාගෙන තිබේ.

Net Migration03.png

ඔස්ට්‍රේලියාව තුල වැඩිම ජනප්‍රියත්වයක් හිමි ප්‍රාන්ත සහ ටෙරිටරි මොනවාද?

සංක්‍රමණිකයින්ගේ පැමිණීම ඉතා ඉහල මට්ටමක පැවතුනත් ප්‍රාන්ත අතර ජනගහනය සංක්‍රමණය වීම හේතුවෙන් සමහර ප්‍රාන්ත වල ජනගහනයේ අඩුවීමක් දක්නට ඇති බව වාර්තා වේ. මෙහිදී කුවීන්ස්ලන්ත ප්‍රාන්තය ඕස්ට්‍රේලියානුවන් අතර වැඩිම ජනප්‍රිය ප්‍රාන්තය බවට පත් වී තිබෙනවා. කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජනගහනය 32,625කින් ඉහල ගොස් තිබේ. බටහිර ඔස්ට්‍රේලියාව දෙවැනි තැනට පත් වී ඇත. එහි ජනගහන වර්ධනය 11,233ක් වී තිබේ. මෙහිදී විශාල සංක්‍රමණිකයින් පිරිසක් NSW වෙත පැමිණියද NSW ජනතාව වෙනත් ප්‍රාන්ත වෙත යොමුවීම හේතුවෙන් එහි ජනගහනය 33,202කින් අඩු වී තිබේ.

Net Migration02.png

මෙහිදී විශාලම ජනගහන වර්ධනයක් පෙන්නුම් කරන ප්‍රාන්තය වී තිබෙන්නේ බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයයි. එහි ජනගහන වර්ධනය 3.3%ක් වී තිබේ. වික්ටෝරියා ප්‍රාන්තය දෙවැනි තැනට පත්වී තිබෙන්නේ 2.9%ක කනගහන වර්ධනයක් සමගිනි. මෙහිදී අඩුම ජනගහන වර්ධනයක් පෙන්නුම් කරන ප්‍රාන්තය වී තිබෙන්නේ ටැස්මේනියා ප්‍රාන්තය වේ. එහි ජනගහන වර්ධනය 0.3%ක් වී තිබේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now