Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

පොලී අනුපාත අඩුවෙන කාල වකවානුව ගැන පලවෙන අනාවැකි මෙන්න: ප්‍රධාන බැංකු හතරම සුභවාදී මතයක

New residential properties seen in Blacktown, Sydney

Source: AAP / AAP Image/Joel Carrett

Interest Rates එහෙම නැතිනම් පොලී අනුපාත කියන්නේ මේ දවස්වල ඕස්ට්‍රේලියාවේ බොහෝදෙනෙක් අතරේ විශාල වශයෙන් සංවාදයට ලක්වන මාතෘකාවක් වී තිබේ. පොලී අනුපාත වැඩිවීමක් හෝ පොලී අනුපාත කප්පාදුවක් ළඟදීම සිදු වෙයිද කියන පැනය බොහෝ දෙන අතරේ පවතී. මේ ගැන ප්‍රධාන බැංකු වගේම ආර්ථික විශේෂඥයින් විවිද අදහස් පලකර තිබේ.


පවතින ආර්ථික අර්බුධකාරී තත්වය හමුවේ පොලී අනුපාත පිලිබඳ ඕස්ට්‍රේලියානු මහා බැංකුවේ තීරණය පිලිබඳ බොහෝදෙනා ඉතා උනන්දුවෙන් බලා සිටී. කෙසේ උවත් මීළඟ හමුවීමේදී පොලී අනුපාත පවතින මට්ටමේම පවත්වාගෙන යනු ඇති බවට බොහෝ මත පළවේ.

ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවේ (RBA) මීළඟ රැස්වීමේදී මුදල් අනුපාත ඉලක්කය සියයට 4.35 ට තබනු ඇති බවයට Finder වෙබ් අඩවියේ ආර්ථික විද්‍යාඥයින් 41ක් සහ දේපල විශේෂඥයින් සියල්ලන්ම අනාවැකි පල කරසිටී.

පවතින උද්දමන තත්වය යම් පමණකට පාලනය වී තිබීම සහ රැකියා වෙළඳ පොලේ තිබූ සේවක හිඟය අඩු වීම වැනි කාරනා සැලකිල්ලට ගෙන පොලී අනුපාතයන් වෙනස් නොකිරීමට ඕස්ට්‍රේලියානු මහ බැංකුව තීරණය කරනු ඇති බවට RSM Australia හි ආර්ථික විශේෂඥ දේවිකා ශිවදේකර් පවසනවා.

උද්දමන අගයන් 2% ත් 3%ත් අතර පවතීනම් මේවසරේ මැද භාගය වනවිට පොලී අනුපාත කප්පාදුවකට ඕස්ට්‍රේලියානු මහා බැංකුව යොමුවනු ඇත.
Rachel Wastell - Personal Finance Expert

පොලී අනුපාත අනාවැකි මොනවාද?

ඕස්ට්‍රේලියානු මහ බැංකුව මේවන විට මුදල් අනුපාත සම්බන්දයෙන් තීරණ ගැනීමේ ප්‍රමාණය අඩු කර තිබේ.මෙහිදී සෑම මසකම හමුවූ ඔවුන් මේවනවිට වසරකට අටපාරක් පමණක් හමු වීමට තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර වන Commonwealth, NAB, ANZ, සහ Westpac බැංකු සියල්ල පවසන්නේ පොලී අනුපාත වැඩිවීමේ ඉහලම අගයට ලඟා වී ඇති බවයි.

මේ අතර Commonwealth සහ Westpac බැංකු පවසන්නේ පලවෙනි පොලී අනුපාත කප්පාදුව මේ වසරේ තුන්වන කාර්තුවේදී සිදුවනු ඇති බවයි. කෙසේ උවත් ANZ සහ NAB බැංකු පවසන්නේ මේ පොලී අනුපාත වැඩිවීම මේවසරේ අවසාන් කාර්තුවීදී සිදුවනු ඇති බවයි.

කෙසේ උවත් සමහර ආර්ථික විශේෂඥයින් නම් පවසන්නේ වසරේ තුන්වන කාර්තුවටත් පෙර පොලී අනුපාත කප්පාදුවක් සිදුවනු ඇති බවයි. මීළඟ කාර්තුව සඳහා පාරිභෝගික මිල දර්ශකය එනම් consumer price index දත්ත අප්‍රේල් මාසයේ අග භාගයෙදී නිකුත් වීමට නියමිතව තිබේ. මෙහිදී උද්දමන අගයන් 2% ත් 3%ත් අතර පවතීනම් මේවසරේ මැද භාගය වනවිට පොලී අනුපාත කප්පාදුවකට ඕස්ට්‍රේලියානු මහා බැංකුව යොමුවනු ඇති බව Mozo's වෙබ් අඩවියේ ආර්ථික විශේෂඥයකු වන Rachel Wastell පවසා සිටී.

පසුගිය දෙසැම්බර් කාර්තුවේ උද්දමන අගය 4.1% ක් ලෙස සටහන් වී තිබේ. 2025 වසරත් 2026 වසරේ මද භාගයත් අතර කාලයේ අපේක්ෂිත උද්දමන අගය වන 2% ත් 3% ත් අතර අගයන් කරා උද්දමනය පහත වැටෙනු ඇතිබවට ඕස්ට්‍රේලියානු මහා බැංකුව විශ්වාසය පල කර සිටී.

කෙසේ උවත් ඉදිරි ආර්ථික තත්වය "ඉතා අවිනිශ්චිත" බව ට මහා බැංකුව අනතුරු අඟවා ඇති අතර තවදුරටත් පොලී අනුපාත ඉහල දැමීමේ හැකියාවක් පවතින බවද මහා බැංකුව ප්‍රකාශ කර සිටී.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now