ඉක්මනින් වැටුප් වර්ධක ලබාගන්න උපක්‍රම සහ ඉහලම වැටුප් වර්ධක ලැබෙන ඕස්ට්‍රේලියාවේ රැකියා ක්ෂේශ්ත්‍ර මෙන්න

Business people meeting and handshake for partnership, b2b contract deal or woman inclusion promotion. Corporate team, manager shaking hands in office for commitment, onboarding or client negotiation

Salary negotiation Credit: shapecharge/Getty Images

ඔබේ වැටුප ගැන ඔබ අසතුටෙන්ද ඉන්නේ? ඉහල වැටුපක් ලබාගන්න තවත් මහන්සිවෙන්න ඕනේ එහෙම නැතිනම් අලුත් පාඨමාලාවක් කරන්න ඕනේ කියල ඔබ හිතනවද? මීට වඩා ඉක්මනින් ඔස්ට්‍රේලියාවේදී වැටුප් වැඩිවීමක් ලබා ගන්න ඔබට අවශ්‍යනම් අද විශේෂාංගය ඔබට ඉතාම වැදගත් වේවි.


SEEK වෙබ් අඩවියේ අලුත්ම සමීක්ෂණයකට අනුව සියයට 85ක්ම ඕස්ට්‍රේලියානුවන් විශ්වාස කරන්නේ ඉහල වැටුපක් ලබා ගන්න නම් මහන්සි වී වැඩ කලයුතු බව සහ අලුත් පාටමාලාවන් හැදෑරීම වගේ දා සිදුකලයුතු බවයි.

නමුත් මීට වඩා පහසු ක්‍රමයක් පවතී. එනම් ඔබ කලයුත්තේ ඔබගේ රැකියා ක්ෂේස්ත්‍රය වෙනස් කිරීමයි.

මෙහිදී ඔබ හිටනවාට වඩා පහසුවෙන් ඔබේ දැනට පවතින හැකියාවන් වෙනත් රැකියාවකට යොදාගැනීමට හැකියාව තිබෙන අතර එහිදී ඉහල වැටුපක් ලබාගැනීම සඳහා සාකච්චා කිරීමට අවස්තාව පවතී.

රැකියාව වෙනස් කල පුද්ගලයින් එම රැකියාවේම රැදී සිටි අයට වඩා 1.6 ගුණයකින් වැඩි වැටුප් වැදීමක් ලබා ඇති බව 2023 වසරේ සමීක්ෂණ දත්ත පෙන්වා දී තිබේ

රැකියාව සහ වැටුප් සම්බන්ද කාරනා වලදී ඔබ බැලිය යුත්තේ ඔබේ දැන් පවතින හැකියාවන් වඩා ඵලදායී ලෙස වෙනත් වෙනත් ක්ෂේස්ත්රයක රැකියාවකට යොදවන්නේ කියන කාරණයයි. එහිදී ඔබට අලුත් ක්ෂේස්තරයක වැඩි වැටුපක් හෝ ඉහල වරප්‍රසාද දීමනා ලබා ගැනීමේ හැකියාව පවතින බව SEEK ආයතනයේ customer insights and strategy අංශයේ ප්‍රධානී Aimee Hutton පවසා සිටී.

මෙහිදී තවත් වැදගත් ක්‍රමයක් වෙන්නේ ඔබේ පවතින හැකියාවන් සහ ව්‍යාපාරයට ඔබ විසින් එකතු කරන වටිනාකම ගැන හොඳ අවබෝදයක් ලබාගෙන එය ඔබේ ඉහල නිලධාරීන් සමග සාකච්චා කිරීමයි. මෙහිදී ඔබේ ක්ෂේස්ත්‍රයේ ඔබේ රැකියාව සඳහා ගෙවන වැටුප් සම්බන්දයෙන් මනා සංසන්දනයක් කර තිබීම ඉතා වැදගත් වේ.

එසේම ඔබේ හැකියාවන් සහ ඔබ ව්‍යාපාරයට එකතුකරනු ලබන වටිනාකම් ගැන ඉහල විශ්වාසයක් ඔබසතුව පැවතීම ඉතා වැදහත් වේ. වැටුප් වර්ධකයන් ගැන සාකච්චා කිරීමේදී ඔබේ වටිනාකමට සරිලන වැටුප් පරාසය පිළිබඳව හොඳ අවබෝදයක් ඔබට තිබීම ඉතා වැදගත් වේ.

මෑතකදී නිකුත් වූ දත්ත අනුව ඔස්ට්‍රෙලියාවේ පූර්ණකාලීන සේවක වැටුප් සාමන්‍යය වසරකට $98217ක් වේ. මෙහිදී සතියක වැටුප් සාමන්‍යය $1888 වී තිබේ. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ මධ්‍යම පාන්තික වැටුප $67600 ක් පමණ වේ.

ඕස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් වර්ධනයන් පවතින රැකියා ක්ෂස්ත්‍ර මොනවාද?

මෙහිදී ප්‍රජා සේවා එනම් "Community services" සහ සංවර්ධන සේවා අංශ එනම් "Development sector කියන අංශ අතරේ ඉහල වැටුප් ලැබෙන රැකියා 20න් 6ක් ම අන්තර්ගත වනබව SEEK ආයතනේ දත්ත පෙන්වා දේ. සිල්ලර හා පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන අංශය, ප්‍රවාහන සහ සැපයුම් අංශ මෙන්ම සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රය, ඉහල වැටුප් වර්ධක ලබන මුල් ක්ශේස්ත්‍ර 20ට ඇතුලත් වේ.

මේ අතර ඉහලම වැටුප් වර්ධක ලැබූ රැකියා 5 ලෙස fitter technician, licenced aircraft maintenance engineer, residential personal carer, support assistant, and roadtrain operator යන රැකියා හඳුනාගෙන තිබේ.
Screenshot (29).png

වැටුප් වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?

යම් රැකියාවක වැටුප් වැඩිවීමේදී එම රැකියාවේ සේවකයන්ට පවතින ඉල්ලුම, නව හැකියාවන් සහ පළපුරුද්ද මූලික වශයෙන් බපානු ලබයි.

AI තාක්ෂනය, තොරතුරු හා දත්ත පිලිබඳ දැනුම සහ Cyber ආරක්ෂාව වැනි නව හැකියාවන් සඳහා පවතින ඉල්ලුම ඉහල ගොස් ඇති අතර මේ නිසා මෙවැනි නව හැකියාවන් එකතු කිරීමෙන් ඉතා පහසුවෙන් වැඩි වැටුප් ලබා ගනීමකට හැකියාව පවතී.

මෙහිදී අලුත් ක්ෂ්ස්ත්රයකට මාරුවීමේදී තමන්සතු හැකියාවන් මෙන්ම තවත් එකතුකර ගත හැකි හැකියාවන් පිලිබඳ හොඳ අධ්‍යයනයක නිරත වීම ඉතා වැදගත් බව Aimee Hutton පවසා සිටී.


Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service