SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
දුර්වල වී ඇති හදවතක් සඳහා දිගුකාලීන විසඳුමක් ලෙස කුත්‍රිම හදවතක් බද්ද කිරීම යනු වර්තමාන සෞඛ්‍ය ක්ෂේශ්ත්‍රයේ විශාල පෙරලියක් ඇතිකරන සිදුවීමක් වනවා. එම තත්වයට ලඟා වී නොමැති උවත් ඒ සඳහා යන ගමනේ විශාල පියවරක් තැබීමට සිඩ්නි නුවර St Vincent රෝහලේ සිදුකෙරුණු ශල්‍ය කර්මය හරහා හැකිවී තිබෙනවා.
අවුරුදු හතලිස් ගණනක් වන රෝගියෙකු කෙටි කාලයක් සඳහා සියයට සීයක් කුත්‍රිම හදවත් සැත්කමකට සාර්ථකව භාජනය කරන්න එහිදී හැකියාව ලැබී තිබෙනවා. මෙම පුද්ගලයා දරුණු හදවත් අකර්මන්‍ය වීමකට ලක්වෙමින් සිටි බවත් එහිදී ඔහුගේ හදවතේ දෙපැත්තම අකර්මණ්‍ය වන තත්වයක් පැවතිය බවත් මෙම සැත්කම සිදු කළ ශල්‍ය වෛද්‍ය පෝල් ජෑන්ස් පවසා සිටිනවා.
මෙම විශ්මය ජනක ටයිටේනියම් වලින් නිපදවූ කුත්‍රිම හදවත ඕස්ට්‍රේලියානු සමාගමක් වන BiVACOR ආයතනයේ නිර්මාණයක් වනවා. හදවත් පරිත්‍යාග කිරීමක් සිදුවන තුරු රෝගියකු ජීවත්කර වීමට මෙම කුත්‍රිම හදවත් නිර්මාණයේ අරමුණ වී තිබෙනවා. මෙම හදවත ක්‍රියාත්මක වීම ඇරඹීම සැමදෙනාම දැඩි විමතියට පත්කළ අවස්තාවක් බව වෛද්‍ය පෝල් ජෑන්ස් පවසා සිටිනවා
මෙම සැත්කම සාර්ථක වීමෙන් පසුව පසුගිය ජුලි මාසයේ සිට ඇමරිකාවේද රෝගීන් 5 දෙනෙකුට මෙම සැත්කම සිදුකිරීමට කටයුතු කර තිබෙනවා. නමුත් කිසිවෙකුත් රෝහලෙන් පිටත් කර යැවීමට මේ වනතෙක් කටයුතු කර නොතිබූ බව වාර්තා වනවා. ඕස්ට්‍රේලියානු රෝගියා පසුගිය නොවෙම්බර් මාසයේ මෙම හදවත් බද්ද කිරීමට භාජනය වූ අතර පසුගිය මාසයේ කුත්‍රිම හදවත සහිතව රෝහලෙන් නික්ම යාමට අවසර ලැබී තිබෙනවා.
හදවත් දුර්වලවීම් වලට මුහුණ දී ඇති රෝගීන් වෙනුවෙන් තමන් මෙම අත්හදා බැලීමේ කටයුතු සඳහා එකඟ වූ බව මෙම රෝගියා පැවසු බව මෙම කුත්‍රිම හදවතේ නිර්මාතෘ BiVOCAR ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරි ඩැනියෙල් ටිම්ස් පවසා සිටිනවා
මෙම රෝගියා බද්ද කල කෘතිම හදවතද සමඟ සාමාන්‍ය ජීවිතයක් ගත කළ බව මෙම ශල්‍යකර්මයේ හෘද රෝග විශේෂඥ මහාචාර්ය ක්‍රිස් හේවුඩ් පවසා සිටිනවා.
පසුගිය සතියේ ඔහුට කෘත්‍රිම හදවත වෙනුවට පරිත්‍යාගශීලී අයෙකුගේ මිනිස් හදවතක් බද්ධ කිරීම සිදු කර තිබෙනවා. ඔහු හොඳින් සුවය ලබමින් සිටින බව වෛද්‍යවරු පවසා සිටිනවා.
සෑම වසරකම ඔස්ට්‍රේලියානුවන් 5000ක් පමණ හදවත් රෝග හේතුවෙන් මිය යනවා. මෙම කුත්‍රිම හදවතේ සාර්ථකත්වය වෛද්‍ය ප්‍රජාව තුල නව බලාපොරොත්තු ඇතිකිරීමට සමත් වී තිබෙනවා. අනාගතයේදී දුර්වල මිනිස් හදවත් සඳහා මෙම කුත්‍රිම හදවත ස්ථිර ආදේශකයක් වනු ඇති බවට ඔවුන් විශ්වාස කරනවා.
දිගුකාලීන වශයෙන් ක්‍රියාකළ හැකි කුත්‍රිම හදවත් නිර්මාණය කිරීම තම බලාපොරොත්තුව බවත් මේවන විට නිර්මාණය කර ඇති මෙම කුත්‍රිම හදවත ඒ සඳහා වන පළමු පියවර බවත් Daniel Timms පවසා සිටිනවා.
——————————————————————————————————————————————————————————————
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.