Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවේ ඇතිවන සුළිකුණාටු තත්වයකට මුහුණ දීමට ඔබ සූදානම් වියයුතු ආකාරය ගැන තොරතුරු මෙන්න

At least four people dead as Storm Alberto hits Mexico

A person walks in the rain. EPA/Miguel Sierra Source: EFE / Miguel Sierra/EPA

සුළිකුණාටු තත්වයන් හේතුවෙන් විශාල වශයෙන් දේපල හානි මෙන්ම ජීවිත හානි වීමේ අවදානමක් පවතිනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ සුළිකුණාටු තත්වයකදී කටයුතු කලයුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් වී තිබීම වැදගත් වනවා.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


සුළිකුණාටු තත්වයන් හේතුවෙන් විශාල වශයෙන් දේපල හානි මෙන්ම ජීවිත හානි වීමේ අවදානමක් පවතිනවා. මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ඔබ සුළිකුණාටු තත්වයකදී කටයුතු කලයුතු ආකාරය සම්බන්ධයෙන් දැනුවත් වී තිබීම වැදගත් වනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

සුළි කුණාටුවක බලපෑම එල්ලවීමට පැය 48ත් පය 24ත් ඇතුළත කාලයේ ඒ පිලිබදව නිල අනතුරු ඇඟවීම නිකුත් කරනු ලබනවා.

සුළිකුණාටු තත්වයන් පිළිබඳව කෙරෙන නිල අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට පෙර ඔබ ඒ සඳහා සූදානම් විය යුත්තේ කෙසේද?

  • හදිසිසේවා ඇමතුම් අංක ඇතුලත් ලැයිස්තුවක් සාදා එය පවුලේ සියලුම සාමාජිකයින්ට පෙනෙන ස්ථානයක තබන්න.
  • හදිසියේ පවුලේ සාමාජිකයින් වෙන්වීමක් සිදු උවහොත් නැවතහමුවීම සඳහා ස්ථානයක් නම් කර තබාගන්න.
  • නවාතැන්ගැනීම සඳහා ඔබේ නිවසේ ශක්තිමත්ම කොටස (සාමාන්‍යයෙන් කුඩාම කාමරය) හඳුනා ගන්න.
  • ඔබේ නිවස සුළි සුළං තත්වයන් සඳහා වන ප්‍රමිතීන්ට අනුව ඉදිකර ඇති බව සහතික කර ගන්න.
  • අතේ ගෙනයා හැකි රේඩියෝවක්, ප්‍රථමාධාර කට්ටලයක්, කල් තබාගත හැකි ආහාරද්‍රව්‍ය, ජලය සහ වැදගත් ලියකියවිලි වැනි අත්‍යවශ්‍ය දෑ එක රැස්කර සූදානම් කර තබාගන්න.
  • හදිසි තත්වයකදී බේරීම සඳහා සැලසුමක් සකස් කර එය පවුලේ අය සමග පුහුණු වන්න.
  • ඔබ සතුව අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන ඇති බවට වග බලා ගන්න. එසේම ආරක්ෂිතව එම ප්‍රදේශයෙන් ඉවත්වීමට සුදුසු මාර්ග පිළිබඳව අවබෝදය ලබා ගන්න.

නිවසේ හදිසි අවශ්‍යතාවයකදී ගැනීමට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් කට්ටලයක් සම්පාදනය කරන්න.

මෙයට ඇතුළත් විය යුතු ද්‍රව්‍ය: අතේ ගෙන යා හැකි බැටරි රේඩියෝවක්, විදුලි පන්දමක් (Torch), අමතර බැටරි, ප්‍රථමාධාර කට්ටලයක් සහ අත්පොත, ජනෙල් සඳහා ශක්තිමත් ඇසුරුම් පටිය සහ ජලය කාන්දු නොවන බෑග්, කල්තබාගත හැකි ආහාර, කෑන් විවෘත කරන උපකරණයක්, ජල බෝතල්, ශක්තිමත් අත්වැසුම්; ඉටිපන්දම්, ගිනිකූරු, ඉන්ධන ලාම්පුවක්, ඉවුම් පිහුම් උපකරණ, අත්‍යවශ්‍ය ඖෂධ, විදෙස් ගමන් බලපත්‍රය, රක්ෂණ තොරතුරු , උප්පැන්න සහතික, බෙහෙත් වට්ටෝරු වැනි ඉතා වැදගත් ලියවිලි, ජලය කාන්දු නොවන මුද්‍රා තැබිය හැකි ප්ලාස්ටික් බෑග්

සුළිකුණාටු තත්වයන් පිළිබඳව කෙරෙන නිල අනතුරු ඇඟවීමක් නිකුත් කලවිට

  • ඔබේ නිවසේ ජනේල සුරක්ෂිත කරන්න. ජනෙල් ආවරණ ඇත්නම් ඒවා භාවිතා කරන්න. නැතිනම් ඇසුරුම් සඳහා ගන්නා පටි කතිර ලෙස අලවා ජනෙල සුරක්ෂිත කරන්න.
  • උණුසුම් ඇඳුම්, ඖෂධ, නැපි, වැදගත් ලිපි ලේඛණ වැනි අත්‍යවශ්‍ය දෑ ඇතුලත් කට්ටලයක් සූදානම් කර තබාගන්න.
  • නිවෙස් තුලම රැඳී සිටිමින් ගුවන් විදුලියේ හෝ රූපවාහිනියේ මේසම්බන්දව කෙරෙන දැනුම්දීම් පිළිබඳව අවදානය යොමු කරන්න.
  • ඔබට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට උපදෙස් ලැබුනහොත් එම උපදෙස් නිසියාකාරව පිළිපදින්න

ඔබට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙසට උපදෙස් ලැබුනහොත්

  • නිවසින් පිටවීමට පෙර විදුලිය, ගෑස් සහ ජලය විසන්ධි කරන්න.
  • ආරක්ෂාව සඳහා ශක්තිමත් සපත්තු සහ ඝනකම් ඇඳුම් අඳින්න.
  • ඔබගේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහිත බෑගය රැගෙන ඔබගේ පෙර සකස්කර තිබු ඉවත්වීමේ සැලැස්ම අනුගමනය කරන්න.
  • අධික වාහන තදබදය සහ ගංවතුර තත්වයන් මගහරවා ගැනීමට හැකි ඉක්මනින් පිටත් වන්න
  • පොදු ස්ථානයකට යන්නේනම් නම් පොලිසිය සහ හදිසිසේවා අංශ වල උපදෙස් අනුගමනය කරන්න.

සුළි කුණාටුවක් අතරතුර

  • නිවෙස් ඇතුලත රැඳී සිටීමට කටයුතු කරන්න. ඔබේ පවුල ඔබේ නිවසේ ශක්තිමත්ම කොටසෙහි තබා ගතයුතු වනවා.
  • සුළි කුණාටු තත්වය පිළිබඳව නිරන්තර අවදානයෙන් සිටින්න.
  • ඔබ මෝටර් රථයක සිටින්නේ නම්, එහි ඇතුළතට වේ රැඳී සිටින්න. අත් තිරිංග ක්‍රියාත්මක කර ගස්, විදුලි රැහැන් සහ ජලාශ්‍ර ආශ්‍රිත ප්‍රදේශ වලින් හැකිපමණ ඉවත් වී සිටින්න.

සුළි කුණාටු තත්වය පහව යාමෙන් පසුව

  • සුළි කුණාටු තත්වය පිලිබදව උපදෙස් සඳහා ඔබේ ගුවන් විදුලියට සවන් දී ගෘහස්ථව සිටින්න.
  • ආපසු නිවෙස් වෙත යාම සඳහා නිල උපදෙස් ලැබෙන තුරු රැඳී සිටින්න.
  • කඩා වැටී ඇති විදුලි රැහැන්, හානි වූ පාලම් සහ ගංවතුර ඇති ස්ථාන වලින් ඈත් වන්න.
  • ගෑස් කාන්දුවීම් පිළිබඳව පරීක්ෂා කරන්න. විදුලි උපකරණ තෙත් වී ඇත්නම් ඒවා භාවිතා නොකරන්න.
  • ජලය පානය කිරීම සඳහා ආරක්ෂිත බව නිල වශයෙන් ප්‍රකාශ කරන තෙක් ජලය උනුකර හෝ පෙරීමකට ලක්කරන්න.
  • ඔබේ නිවසට හානි සිදුවී ඇත්නම් උපකාර සඳහා ප්‍රාදේශීය නිලධාරීන්ගේ සහාය පතන්න.

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කොට ඇත්තේ SBS News වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now