ඕස්ට්‍රේලියානු මහබැංකුවේ පොලී අනුපාත කප්පාදුව ඉතුරුම් සහ අනෙකුත් පුද්ගලික ණය සඳහා බලපාන්නේ මෙහෙමයි

2025-02-27_17-56-18.jpg

The Reserve Bank has has reduced interest rates for the first time in more than four years. Source: Getty / Angel Garcia/Ian Waldie/Brendon Thorne/Bloomberg

ඕස්ට්‍රේලියානු මහබැංකුව පසුගියදා පොලී අනුපාත කප්පාදුවක් ප්‍රකාශයට පත් කළා. මේ අනුව මෙහි සම්පූර්ණ ප්‍රතිලාබය නිවාස හිමියන්ට ලබාදෙන බවට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතරම ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ උවත් මෙම පොලී අනුපාත කප්පාදුව පුද්ගලික ණය සහ මෝටර් රථ ණය සඳහා කෙසේ බලපානු ඇතිද යන්න සම්බන්දයෙන් කරුණු විමසා සිටීම වැදගත් වනවා. ඒ වගේම පොලී අනුපාත කප්පාදුව ඉතුරුම් ගිණුම් සඳහාවන පොලී අනුපාත සඳහා බලපාන අකාරය පිලිබදවත් කරුණු විමසීම මෙහිදී වැදගත් වනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි

මහබැංකුවේ පොලී අනුපාත කප්පාදුව ඉතුරුම් ගිණුම් සඳහා බලපාන්නේ කෙසේද ?

මහබැංකුව විසින් සිදුකරන පොලී අනුපාත කප්පාදුවකදී සාමාන්‍යයන් ඉතුරුම් ගිණුම් සඳහා පොලී අනුපාත අඩුකිරීමට බැංකු කටයුතු කරනවා. Westpac බැංකුව තමන්ගේ E-Saver සහ Life accounts ගිණුම්වල පොලිය අඩු කිරීමට කටයුතු කරන බව වාර්තා වනවා. මේ අනුව ඔවුනට අනුබද්ධ ව්‍යාපාර වන St George සහ Bank of Melbourne යන බැංකුද තම ඉතුරුම් ගිණුම් සඳහා වන පොලී අනුපාත කප්පාදු කිරීමට සැරසෙනවා

සිදුවූ මුළු පොලී අනුපාත කප්පාදුව වන 0.25% ක කප්පාදුව ඒ අකාරයෙන්ම Commonwealth බැංකුවේ Goal Saver ගිණුමේ පොලී අනුපාත සඳහා සිදුකිරීමට කටයුතුන්කරන බව වාර්තා වනවා. කෙසේ උවත් එහි Netbank Saver ගිණුම සඳහා 0.2%ක පොලී අනුපාත කප්පාසුවක් පමණක් සිදුකරන බවද වාර්තා වනවා. බොහොමයක් බැංකු නිවාස ණය සඳහා වන පොලී අනුපාත කප්පාදු කරන බවට මේ වනවිට ප්‍රකාශ කර තිබුනත් ඉතුරුම් ගිණුම් සඳහා වන පොලී අනුපාත කප්පාදු කිරීම් පිළිබඳව බොහෝ මූල්‍ය ආයතන තවමත් ප්‍රකාශ කර නෑ.

පොලී අනුපාත කප්පාදුව පුද්ගලික ණය සහ මෝටර් රථ ණය සඳහා බලපාන්නේ කෙසේද?

මහබැංකුවේ පොලී අනුපාත කප්පාදුව හේතුවෙන් පුද්ගලික ණය සහ මෝටර් රථ ණය වැනි විවිද ණය වර්ග සඳහා වන පොලියද සාමාන්‍යයෙන් අඩු වීමක් සිදුවන Canstar වෙබ් අඩවියේ දත්ත විශ්ලේෂණය පිලිබඳ අධ්‍යක්ෂක වරියක් වන Sally Tindall පවසා සිටිනවා. කෙසේ උවත් විචල්‍ය පොලී අනුපාත පවතින ණය සඳහා පමණක් මෙම තත්වය බලපානු ලබන බව Sally වැඩිදුරටත් පෙන්වා දෙනවා.

ඕස්ට්‍රේලියානු මහ බැංකුව පොලී අනුපාත 13න් වතාවක් ඉහල දැමීමට පසුගිය කාලයේ කටයුතු කල අතර මේ හේතුවෙන් විචල්‍ය ණය පොලී අනුපාත ඇති ණය හිමියන් දැඩි පීඩනයකට ලක්වුනා. කෙසේ උවත් පොලී අනුපාත කප්පාදුව සමග එහි වාසිය ඔවුනට හිමිවිය යුතු බව Sally Tindall පවසා සිටිනවා.

විශේෂයෙන්ම ඔබ ණය ලබාගෙන තිබෙන ආයතනය අමතා පොලී අනුපාත අඩුකර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම මේ අවස්ථාවේ උචිත බවද ඇය ප්‍රකාශ කර සිටිනවා.

මෙම පොලී අනුපාත කප්පාදුව ඕස්ට්‍රේලියානු ආර්ථිකයට කෙසේ බලපානු ඇතිද?

මෙම පොලී අනුපාත කප්පාදුව හරහා $500000ක නිවාස ණයක් හිමි අයෙකුට සාමාන්‍යයෙන් මසකට $77ක් පමණ ඉතිරි කරගැනීමට හැකිවන බව Sally Tindall පවසා සිටිනවා. මේ අනුව ඇතැමුන් මෙම ඉතිරිවන මුදල අමතර ගෙවීමක් ලෙස නිවාසණය ගෙවීම සඳහා යොදා ගැනෙන අතර බොහෝ පිරිසක් මෙම මුදල් වියදම් කිරීමට පෙළෙඹෙනු ඇති බවටද ය පෙන්වා දෙනවා. මේ හරහාද යම් පමණකට ඕස්ට්‍රේලියාවේ උද්දමනය ඉහළ යාමක් අපේක්ෂා කල හැකි බව Sally පෙන්වා දෙනවා.

ඕස්ට්‍රේලියානු මහබැංකුව ප්‍රකාශ කල පරිදි ඉදිරියේදී නැවත පොලී අනුපාත ඉහළයාමේ අවදානමක් පවතින බවත් මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ පවතින අධි උද්දමන තත්වය සම්බන්දයෙන් වන ගැටලුව තවමත් සම්පූර්ණයෙන් අවසන් වී නොමැති බවත් Sally Tindall පවසා සිටිනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now