ජංගම දුරකථන සහ අන්තර්ජාලය නිසා බිඳී යන දෙමාපිය දූදරු සබඳතා නැවත ගොඩනගා ගන්නේ මෙහෙමයි

Adults and children sitting on a bench distracted by mobile phones whilst younger child without a phone is completely fed up

Source: Moment RF / Elva Etienne/Getty Images

බොහෝ දෙන වර්තමානයේ ජංගම දුරකථන සහ අනෙකුත් ඩිජිටල් උපකරණ සමග ඇලී ගැලී කාලය ගතකරමින් සිටී. මෙහිදී ඩිජිටල් තිරයක් දෙස බලසිටිමින් ගතකරන කාලය ඉතා ඉහල ගොස් තිබේ. මේ නිසා පවුලේ සාමාජිකයින් අතර තිබිය යුතු අන්තර් සම්බන්දතා ගොඩනැගීම විශාල වශයෙන් බිඳ වැටී තිබේ. මේ සඳහා ඔබට කරන්න පුළුවන් මොනවාද ?


බොහෝ දෙමව්පියන්ට තම දරුවන්ට ජංගම දුරකථන සහ ඩිජිටල් උපකරණ භාවිතාව සම්බන්දයෙන් යම් නීතිරීති පැනවීමට අවශ්‍ය තාව තිබේ. කෙසේ උවත් මෙම උපකරණ වලින් තොරව පවුලේ අය හා එකට කාලය ගතකිරීම වර්තමානයේ ඉතා අපහසු කාර්යයක් වී තිබේ. මේ සඳහා කලයුත්තේ කුමක් ද යන්න සම්බන්දයෙන් බොහෝ දෙනා තුල නිසි අවබෝධයක් නොපවතී.
ලොවපුරා පුද්ගලයින් දිනකට පය 6යි විනාඩි 58ක් ඩිජිටල් තිරයක් දෙස බලා සිටීම සිදුකරන බව සොයාගෙන තිබේ.
මෙහිදී දරුවන් මෙම උපකරණ වලින් ඈත් කිරීමට පෙර ඔබ මෙම උපකරණ සමග කෙතරම් කාලයක් ගතකරනවාදැයි සොයා බැලීම ඉතා වැදගත් වේ. ලොවපුරා පුද්ගලයින් දිනකට පය 6යි විනාඩි 58ක් ඩිජිටල් තිරයක් දෙස බලා සිටීම සිදුකරන බව සොයාගෙන තිබේ. මෙය 2013 වසර හා සසඳන විට දිනකට විනාඩි 49ක වැඩිවීමක් වේ.

ඕස්ට්‍රේලියාවේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන් ගෙන් තුනෙන් දෙකකටම තමාගේම ජංගම දුරකතනයක් ඇතිබව සොයාගෙන තිබේ. ඕස්ට්‍රේලියානු Screen Time පිලිබඳ උපදේශන මාලාවට අනුව වයස අවුරුදු 5ත් 17ත් අතර ළමුන් සඳහා විනෝදාස්වාදය සඳහා ඩිජිටල් තිරයක් භාවිතා කළහැකි උපරිම කාලය ලෙස සටහන් වන්නේ පැය 2ක් පමණි.කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු තුනක් වන ළමයකු සාමාන්‍යයෙන් පැය 2ත් විනාඩි 52 ක කාලයක් ඩිජිටල් තිරයක් දෙස බලා සිටිනබව වාර්තා වේ.

කෙසේ උවත් නවීන තාක්ෂනය හා බොහෝ කාර්යයන් ඩිජිටල් කරණය වීම තුල ළමුන්ට මේ තාක්ෂනය සමග ජීවත්වීමේ විශේෂ වාසි පවතී. දැනුම වර්ධනය නිර්මාණශීලී කුසලතා වර්ධනය වැනි කාර්යන් වලදී ඩිජිටල් උපකරණ භාවිතය ඉතා වැදගත් වේ. කෙසේ උවත් ප්‍රමාණය ඉක්මවා මෙසේ ඩිජිටල් තිරයක් දෙස බලා සිටීම නිසා ළමුන්ගේ වර්ධනයට යම් බලපෑම් එල්ල වීමේ හැකියාවක් පවතී. මේ අතර දෙමව්පියන් සහ ළමුන් අතරේ පවතින අන්තර් සබඳතාා බිඳී යාමේ අවධානමක් ද පවතී.

ඩිජිටල් උපකරණ භාවිතාකරන කාලය සීමා කල හැක්කේ කෙසේද?

මේ ආකාරයට ඩිගිටල් උපකරණ භාවිතාව සීමාකිරීමට පළමු පියවර ලෙස සියලුදෙනා මේ සම්බන්දව එකතුවී සාකච්චා කිරීම ඉතා වැදගත් වේ. පවුලේ සාමාජිකයින්ට එකිනෙකාට වෙනස් වූ විවිද අවශ්‍යතා පවතී.. මෙහිදී ඒවා සැලකිල්ලට ගෙන මේ සම්බන්දව සාකච්චා කිරීම ඉතා වැදගත් වේ.

මේ අතර පවුලේ සියලුදෙනා එකට කාලය ගතකරන අවත්තාවල ඩිජිටල් උපකරණ භාවිතයෙන් වැලකීමට නීති පනවාගනීම ඉතා වැදගත් වනවා. උදාහරණයක් ලෙස රාත්‍රී ආහාරය ගන්න අවස්ථාවල සියලු දෙනාම එකට මුහුණට මුහුණ හමුවී කතාකරමින් කාලය ගතකිරීමට එකඟ වීම වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැක.

තවද රාත්‍රී නින්දට යාමට පැයකට පමණ පෙර ජංගම දුරකථන හෝ රූපවාහිනී භාවිතය නැවත්වීමට කටයුතු කල හැක. මේ අතර ශාරීරික ක්‍රියාකාරකම් සඳහා කාලය වෙන් කිරීමේදී ජංගම දුරකථන භාවිතය සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට කටයුතු කිරීම වැදගත් වේ.

තවත් එක වැදගත් කාරණය වන්නේ තම දරුවන් සමග දෙමාපියන් මේ සම්බන්දයෙන් විවෘතව සාකච්චා කිරීමයි. මෙහිදී අන්තර්ජාලය හා ආරක්ෂිතව ගනුදෙනු කිරීමට දරුවන් යොමු කිරීමක්ද සිදුවනවා. මෙහිදී විශේෂිතම කාරණය වන්නේ දෙමවුපියන් තම දරුවන්ට මෙලෙස ඩිජිටල් උපකරණ භාවිතය සම්බන්දයෙන් ආදර්ශමත් වීමයි. කුඩාකල සිටම මෙලෙස දරුවන්ට ආදර්ශමත් වීම හරහා දරුවන් වැඩිවියට පත්වීමේදී තම දෙමාපියන් අනුගමනය කිරීම සිදු වනු ඇති.


Raising Children Network වෙබ් අඩවියට පිවිසීමෙන් මේ සම්බන්ද වැඩිදුර තොරතුරු ලබාගැනීමට ඔබට හැකියාව පවතී.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service