Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මේ වසරේ ඉහල යාමට නියමිත ඔබේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ගාස්තු අඩු කර ගත හැකි ආකාරය මෙන්න

Young family getting medical consultation from doctor on house call

Private Health insurance premiums are set to raise this year Credit: Portra/Getty Images

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ඔබගේ සෞඛ්‍ය රක්ෂණ ගාස්තු මේ වසරේ ඉහල යාමට නියමිත වී තිබේ. මෙහිදී ඕස්ට්‍රේලියානු මධ්‍යම ආණ්ඩුව සෞඛ්‍ය රක්ෂණ ගාස්තු ඉහල යාම සම්භන්ධයෙන් යම් ප්‍රකාශයක් නිකුත් කර තිබේ.


මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මිලියන 14.7ක් පුද්ගලික රක්ශාවරණයන් භාවිතා කෙරේ. මේ සියලුදෙනා සඳහාම ඉදිරියීදී රක්ෂණ වාරික වල යම් වැඩිවීමක් අපේක්ෂා කරයි. සෞඛ්‍ය අමාත්‍ය මාර්ක් බට්ලර් පසුගිය අඟහරුවාදා උදෑසන වසර තුනකින් සිදුවන විශාලතම රක්ෂණ වාරික වැඩිවීම නිවේදනය කර තිබේ . මෙහිදී මෙම වෙනස්කම් අප්‍රේල් 1 සිට බලාත්මක වීමට නියමිතව තිබේ.

කෙසේ උවත් සෞඛ්‍ය ඇමැති මාර්ක් බට්ලර්බ ට්ලර් පැවසුවේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයේ වැඩිවීම වාර්ෂික වැටුප් වැඩිවීමට වඩා අඩු බවයි

සෞඛ්‍ය රක්ෂණ සමාගම් පසුගිය වසරේ අගභාගයේදී 6% ක් තරම් ඉහළ වාර්ෂික වැඩිවීමක් ඉල්ලා සිටි බව වාර්තා වේ

පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික කොපමණ ප්‍රමාණයකින් වැඩි වේද?

මෙහිදී ෆෙඩරල් රජය විසින් සියයට 3.03 ක සාමාන්‍ය වාරික වැඩිවීමක් අනුමත කර ඇත. 2024 හි මෙම වැඩිවීම 2023 හි වැඩිවූ සියයට 2.9 සහ 2022 සහ 2021 හි වදිවූ සියයට 2.7 ට වඩා තරමක් ඉහල අගයක් ගෙන තිබේ.

COVID කාලසීමාවට පෙර සෑම වසරකම වාරික සියයට 4.5 ත් 6 ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගිය අතර ඒ හා සංසන්දනය කිරීමේදී මෙම ඉහළ යාම සැලකිය යුතු ලෙස අඩු බව Canstar සෞඛ්‍ය රක්‍ෂණ විශේෂඥ Steve Mickenbecker පවසා සිටී.

සෞඛ්‍ය රක්ෂණ වාරික ඉහළ යාමට ප්‍රධාන හේතුව කුමක්ද?

සෞඛ්‍ය සේවා සැපයීමේ පිරිවැය ඉහළ ගොස් ඇති බවයි. සරලව කිවහොත්, සෞඛ්‍ය සේවා සැපයීමේ පිරිවැය ඉහළ ගොස් ඇති බව Mickenbecker පවසා සිටී. ඔස්ට්‍රේලියානුවන් විසින් ගෙවනු ලබන රක්ෂණ වාරික, සෞඛය ක්ෂේස්ත්‍රයේ  වැටුප් වැඩිවීම් සහ පෞද්ගලික රෝහල් හරහා ලබා ගත හැකි වෛද්‍ය උපකරණ සහ සේවා සඳහා යන  පිරිවැය ආවරණය කිරීමට අවශ්‍ය වේ. කෙසේ උවත් අනෙකුත් රක්ෂණ වාරික වල වැඩිවීම 2023 වසරේ 17%ක් ලෙස වාර්තා වේ.

  

 සෞඛ්‍ය රක්‍ෂකයින් පසුගිය වසරේ අගභාගයේදී සියයට 6ක් තරම් ඉහළ වාර්ෂික වැඩිවීමක් ඉල්ලා සිටි බව වාර්තා වේ. කෙසේ උවත් ඕස්ට්‍රේලියානුවන් මුහුණ දෙන ජීවන වියදම් පීඩනය හමුවේ සෞඛ්‍ය අමාත්‍ය  බට්ලර් එය ප්‍රතික්ෂේප කර තිබේ.

 

ඔබේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණයෙන් මුදල් ඉතිරි කරන්නේ කෙසේද?

ඕස්ට්‍රේලියානුවන්  ඔවුන්ගේ රක්ෂණය අත් නහරිය යුතු බවත්  ඒ වෙනුවට  තම රක්ෂණයට සමාන රක්ෂණාවරණ  වඩා හොඳ මිල ගණන් සොයා ගැනීමට උනන්දු විය යුතු බවත් Steve Mickenbecker පවසා සිටී. රක්ෂණාවරණ වල Bronze, Silver සහ Gold යනුවෙන් විවිධ වර්ගීකරණයන් පවතින නිසා තම මුඋලික අවශ්‍යතා සපුරා ගැනීමට හැකිනම් අඩු මිල ගණන් පවතින  රක්ෂණ කාණ්ඩයක් තෝරාගැනීම කළහැකි බව ඔහු පවසා සිටී.

උදාහරණයක් ලෙස, premium silver රක්ෂණ කාණ්ඩයේ සිට සාමාන්‍ය silver කාණ්ඩයකට මාරු වුවහොත් පවුලකට සියයට 10ක් පමණ ඉතිරි කර ගත හැකි වේ.

රක්ෂණ සම්මගන් මේ ආකාරයේ මිලගණන් වැඩිවීමක් ඉල්ලසිටීමෙදී පසුගිය රක්ෂණ වන්දි පිරිනැමීම් ප්‍රමාණයන්, සහ ඉදිරි මාස 12 තුල අපේක්ෂිත වන්දි පිරිනැමීම් යන කාරනා සැලකිල්ලට ගෙන තිබේ. කෙසේ උවත් කිසියම් රක්ෂණ ගාස්තු වැඩිකිරීමක් සිදු කිරීමට ප්‍රථමයෙන් රක්ෂණ සමාගම් වලට සෞඛ්‍ය අමාත්‍ය වරයාගේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය වේ.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now