Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔස්ට්‍රේලියාව තුල පොලී අනුපාත කප්පාදුවක් එන දිනය ගැන තොරතුරු මෙන්න

2024-10-31_17-56-10.png

The chances of an interest rate cut before Christmas are very slim. Source: SBS, Getty

මේ වසර අවසාන වන්නට පෙර ඔස්ට්‍රේලියාව තුල පොලී අනුපාත කප්පාදුවක් ඇතිවිය හැකිද යන්න පිළිබඳව විවිද අදහස් පලවනවා. මේ නිසා පොලී අනුපාත කප්පාදුවක් ඇතිවිය හැකි කාලසීමාව පිළිබඳව තොරතුරු විමසා බැලීම වැදගත් වනවා.


Published

By Charis Chang, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


මේ වසර අවසාන වන්නට පෙර ඔස්ට්‍රේලියාව තුල පොලී අනුපාත කප්පාදුවක් ඇතිවිය හැකිද යන්න පිළිබඳව විවිද අදහස් පලවනවා. මේ නිසා පොලී අනුපාත කප්පාදුවක් ඇතිවිය හැකි කාලසීමාව පිළිබඳව තොරතුරු විමසා බැලීම වැදගත් වනවා.


ඕස්ට්‍රේලියාවේ පවතින අධි උද්දමන තත්වය පාලනය කිරීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව පොලී අනුපාත ඉහල මට්ටමක පවත්වා ගැනීමට කටයුතු කර තිබෙනවා. කෙසේ උවත් පොලී අනුපාත පහල හෙලීම සම්බන්දව සෑම කාර්තුවකම සලකා බැලීමක් සිදු කරනවා. මෙහිදී සලකා බලෙන ප්‍රධානතම සාධකයක් ලෙස ඕස්ට්‍රේලියාවේ පවතින විරැකියා අනුපාතය හඳුන්වා දිය හැකියි. කෙසේ උවත් තවමත් විරැකියා අනුපාතය සැලකිව යුතු මට්ටමින් ඉහල ගොස් නොමැති බැවින් ඉදිරි සති කිහිපය තුල එම තත්වයේ වෙනසක් සිදුවීම සඳහා ඉතා අඩු ඉඩක් පවතිනවා.

මේ වසරේ පොලී අනුපාත කප්පාදුවක් සිදුවීමේ ඉඩ ප්‍රස්තාව අඩු අතර ඒ සඳහා 40%ක පමණ අවස්තාවක් පවතිනවා
AMP chief economist Shane Oliver

ඕස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 4.1%ක් වී ඇති අතර පසුගිය මාස හය තුල එම අගය 4%කට ආසන්න අගයක පැවතී ඇති බව ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කර සිටිනවා. මීට අමතරව සැප්තැම්බර් මාසයේදී රැකියාවක් නොමැති ප්‍රමාණය 9000කින් පමණ අඩුවී ඇති බවත් ඕස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළට අලුතින් රැකියා 64000ක් එකතුවී ඇති බවත් වාර්තා වනවා. කෙසේ උවත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මේ වසරේ සැප්තැම්බර් මාසයේ රැකියා නොමැති පිරිස 90000කින් පමණ වැඩි බවද වාර්තා වනවා.

සැප්තැම්බර් කාර්තුවේදී පාරිභෝගික මිල දර්ශකය 0.2%කින් ඉහල ගොස් තිබෙනවා. වර්තමානය වන විට උද්දමන අනුපාතය 2.8%ක අගයක් ගෙන තිබෙනවා. මෙය ඕස්ට්‍රේලියානු මහබැංකුව බලාපොරොත්තු වන 2% ත් 3%ත් අතර පැවතියත් උද්දමන තත්වයට ප්‍රධාන වශයෙන් බලපෑ ඇති නිවාස මිලගණන් ඉහළයාම, රක්ෂණ වාරික ඉහල යාම වැනි කාරණා හේතුවෙන් පොලී අනුපාත පහත දැමීමට ඕස්ට්‍රේලියානු මහා බැංකුව මේ වසරේ කටයුතු නොකරනු ඇති බවට විශේෂඥයන් මත පල කරනවා.

පාරිභෝගික මිලදර්ශකය පිලිබඳ මීළඟ වාර්තාව නොවෙම්බර් මස 27 වනදා නිකුත් වීමට නියමිත අතර මේ වසරේදී පොලී අනුපාත කප්පාදුවක් සිදු කිරීමේ අවසන් දිනය ලෙස දෙසැම්බර් 10 සැලකෙනවා.

පොලී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කල හැක්කේ කුමන කාලයේදීද?

බොහෝ ආර්ථික විද්‍යාඥන් පුරෝකථනය කරන ආකාරයට 2025 වසරේ පෙබරවාරි මාසයෙදී පොලී අනුපාත කප්පාදුවක් අපේක්ෂා කල හැකි වනවා.

මේ වසරේ පොලී අනුපාත කප්පාදුවක් සිදුවීමේ ඉඩ ප්‍රස්තාව අඩු බවත් ඒ සඳහා 40%ක පමණ අවස්තාවක් ඇති බවත් AMP ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්යාඥ වරයා ලෙස කටයුතු කරන ශේන් ඔලිවර් පවසා සිටිනවා.

කෙසේ උවත් මූල්‍ය වෙළඳපොල විසින් ඉදිරි වසරේදී පොලී අනුපාත කප්පාදු කිරීම් අපේක්ෂා කරන බව ඔහු පවසා සිටිනවා. ඉදිරි වසර තුල පොලී අනුපාත කප්පාදු කිරීම් හතරක් සිදුවනු ඇතිබවට මූල්‍ය වෙළඳපොල අපේක්ෂා කරන බවද ඔහු පෙන්වා දෙනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

*********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now