සේවා ස්ථාන වලදී ශ්‍රම සූරාකෑම් වලට ලක්වෙන ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ට ඇති අයිතීන් ගැන තොරතුරු මෙන්න

Man washing dishes in commercial kitchen

Migrant worker hand washing dishes in a commercial kitchen Credit: James Braund/Getty Images

සංක්‍රමණිකයින්ගේ සේවය ලබාගන්නා ආයතන විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට Fair work ඔම්බුඩ්ස්මන් වරයා සහ Australian Border Force යන ආයතන පසුගියදා කටයුතු කර තිබුනා. මේ අනුව මෙල්බර්න් නුවර සංක්‍රමණිකයින්ගේ සේවය ලබාගන්නා සේවා ස්ථාන 40ක් පමණ පරීක්ෂාවට ලක් කිරීමට කටයුතු කර තිබුනා. මෙහිදී මෙම සංක්‍රමණික සේවකයින්ට නීත්‍යානුකූලව වැටුප් ගෙවීම් සහ මූලික සේවක අයිතීන් ආරක්ෂා වන ලෙස එම ආයතන කටයුතු කර ඇත්දැයි යන්න පිළිබඳව විමර්ශණ සිදු කෙරුනා. ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සේවකයකු ලෙස ඔබට ඇති අයිතීන් පිලිබඳව කරුණු විමසා බැලීම මෙහිදී වැදගත් වනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන්ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.
2024 වසරේ ජුලි පළමු වනදා සිට සංක්‍රමණික සේවකයින්ගේ සේවා ලබාගන්නා ආයතන සඳහා නව නීති හඳුන්වා දීමට කටයුතු කරනු ලැබුවා. මෙහිදී Migration Act 1958 පනත වෙනස් කර The Migration Amendment (Strengthening Employer Compliance) Act 2024 හංදුන්වාඅ දීමට කටයුතු කර තිබෙනවා. මෙහිදී සංක්‍රමනිකයකුගේ වීසා තත්වයන් යොදා ගනිමින් ශ්‍රම සූරාකෑමකට ලක්කිරීම වලකාලීම මේ හි මූලික අරමුණ වී තිබෙනවා.

මේ අනුව රැකියාවට අදාලව සේවා යෝජකයින් විසින් සිදු කිරීමට යෙදෙන ප්‍රධාන වීසා කොන්දේසි කඩ කිරීම් තුනක් මෙහිදී හඳුනා ගැනෙනවා
  • රැකියාවට අදාළ වීසා කොන්දේසි කඩ කිරීමට තාවකාලික වීසා හිමියෙකුට බලපෑම් කිරීම
  • වලංගු වීසා බලපත්‍රයක් නොමැති ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවන අයෙකුට රැකියාවට සම්බන්ධ ක්‍රමවේදයක් හෝ ගිවිසුමක් පිළිගැනීමට හෝ එකඟ වීම සඳහා බල කිරීම
  • සේවකයෙකුගේ තාවකාලික වීසා තත්ත්වය භාවිතා කර ඔවුන්ගේ ශ්‍රමය සූරාකෑමකට ලක් කිරීම

සංක්‍රමණික සේවකයින්ට සිදුවියහැකි නීති විරෝධී ක්‍රියා සඳහා උදාහරණ කිහිපයක් පහත දක්වා ඇත.
  • සංක්‍රමණික සේවකයෙකුට අඩු වැටුප් ගෙවීම
  • සංක්‍රමණික සේවකයෙකුට ඔවුන්ගේ වීසා කොන්දේසි අනුව අවසර දී ඇති පැය ගණනට වඩා වැඩි කාලයක් වැඩ කිරීමට බලපෑම් කිරීම
  • සංක්‍රමණික සේවකයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කරන බවට තර්ජනය කිරීම (සේවා යෝජකයන්ට වීසා අවලංගු කළ නොහැක)
  • සංක්‍රමණික සේවකයෙකුට තම විදේශ ගමන බලපත්‍රය සේවා යෝජකයාට ලබා දෙන ලෙස බල කිරීම
  • සංක්‍රමණික සේවකයෙකුට අනවශ්‍ය ලිංගික ක්‍රියාවල යෙදීමට බල කිරීම
  • සංක්‍රමණික සේවකයෙකුට භාවිතයට නොසුදුසු නිවාස, ප්‍රමාණවත් නොවන කෑම බීම, ජලය හෝ විදුලිය වැනි පහසුකම් නොමැතිව රැකියාව කිරීම සඳහා බලකර සිටීම වැනි කාරනා මේ අනුව නීත්‍යානුකූල නොවන ක්‍රියා ලෙස හඳුනා ගැනෙනවා.
මෙම සේවකයින්ගේ වීසා තත්වය කුමක් උවත් මෙම නීති මගින් සියලුම සංක්‍රමණික සේවකයින් ආරක්ෂා කරනු ලබනවා. රැකියා අයිතීන් සහිත වීසා බලපත්‍රයක් ඇති පුද්ගලයින් වුවත්, කල් ඉකුත් වූ වීසා බලපත්‍රයක් සහ වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් සේවය කරන පුද්ගලයින් උවත් මෙම නීති මගින් ඔවුනට ආරක්ෂාව සපයනු ලබනවා.

 මෙහිදී සේවා ස්ථානයේ සිදුවන ශ්‍රම සූරාකෑම් සම්බන්දයෙන් නිර්නාමිකව තොරතුරු දැනුම්දී සිටීමේ අයිතිය ඔබට තිබෙනවා.

මේසඳහා Fair Work Ombudsman සහ Border Watch හරහා මෙම දැනුම්දීම් සිදුකිරීමට ඔබට හැකියාව තිබෙනවා.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය හරහා මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට හැකියි.

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කොට ඇත්තේ ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න

**********************************************************************************************************

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service