Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

සිඩ්නි නුවර බිෂොප්වරයාට එල්ල වූ පිහි ඇනුම් ප්‍රහාර ගැන වාර්තාවන අලුත්ම තොරතුරු මෙන්න

SYDNEY CHURCH STABBING
Mar Mari Emmanuel. (AAP Image/Supplied by Christ of Good Shepherd Church) NO ARCHIVING, EDITORIAL USE ONLY Credit: PR IMAGE

බටහිර සිඩ්නි හි දේවස්ථානයක සිදුවූ පිහි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඒකාබද්ධ ත්‍රස්ත මර්දන කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ.


Published

Updated

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


බටහිර සිඩ්නි හි දේවස්ථානයක සිදුවූ පිහි ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඒකාබද්ධ ත්‍රස්ත මර්දන කාර්ය සාධක බලකායක් ස්ථාපිත කර තිබේ.


Wakeley හි Christ The Good Shepherd දේවස්ථානයේ සජීවී දේශනාව අතරතුර රාත්‍රියේ බිෂොප් මා මාරි එමානුවෙල්හට සිදු වූ පිහි ඇනුම් ප්‍රහාරයෙන් පසු 16 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. නිව් සවුත් වේල්ස් පොලිසිය, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය සහ ඕස්ට්‍රේලියානු ආරක්ෂක බුද්ධි තොරතුරු ඒකකය හෙවත් ASIO ආයතනය මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන කාර්ය සාධක බලකායට ඇතුලත් වේ.

මහජනතාවට තවදුරටත් තර්ජනයක් නොමැති බව සහතික කිරීමට විමර්ශන කටයුතු සිදුකරන බව ASIO අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess පවසා සිටී.

බටහිර සිඩ්නි දේවස්ථානයක සිදු වූ මෙම පිහි ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස පොලිසිය සලකන අතර වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරමින් සිටී. කෙසේ උවත් ඕස්ට්‍රේලියාවේ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සම්බන්දයෙන් ඇති අවදානම ඉතා අඩු බවත් මෙම තත්වය ගැන තවදුරටත් විමසිල්ලෙන් පසුවන බවත් ASIO ප්‍රධානී Mike Burges පවසා සිටී.

මෙම ප්‍රහාරය ආගමික අරමුණක් ලෙස පෙනෙන නමුත් තවදුරටත් පරීක්ෂණ අඛණ්ඩව සිදුවෙමින් පවතින බව ASIO අධ්‍යක්ෂ ජනරාල් Mike Burgess පවසා සිටී. මෙම ප්‍රහාරය හා සම්බන්ද තවත් පුද්ගලයින් සමාජයේ නොමැති බව තහවුරු කර ගැනීම තම වගකීම වනබව ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

මෙහිදී සන්සුන්ව සහ ඉවසිලිවන්තව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය Anthoney Albanese මහජනතාවගෙන් ඉල්ලා සිටී. ඕස්ට්‍රේලියානු සමාජය තුල ප්‍රචණ්ඩත්වයට සහ අන්තවාදයට කිසිදු ඉඩක් නොමැති බවත් අප සාමයට ලැදි ජාතියක් බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Assyrian ප්‍රජාවට මෙය ඉතාම කනගාටු දායක අවස්තාවක් බවත් ඔවුනට තම කනගාටුව ප්‍රකාශ කරන බවත් අග්‍රාමාත්‍ය වරයා පවසා තිබේ.

ප්‍රහාරය දියත් කරන විට මෙම පිරිමි ළමයා යම් ප්‍රකාශයන් සිදුකර ඇති බව NSW පොලිස් කොමසාරිස් Karen Web පවසා තිබේ. සියලු කරුණු සලකා බැලීමෙන් පසු, මෙය ත්‍රස්තවාදී සිදුවීමක් බව ඇය මාද්‍යයට ප්‍රකාශ කර තිබේ.

Police investigate.png

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන පුද්ගලයින්ට NSW ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් අනතුරු අඟවයි

මෙය බරපතල අපරාධ විමර්ශනයක් වන බව NSW අග්‍රාමාත්‍ය Chris Minns පවසා සිටී. මෙම සිදුවීමට ප්‍රතිචාර ලෙස ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන්නන් හට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

දර්ශනවල දැක්වෙන්නේ කළු ඇඳුමින් සැරසුණු පුද්ගලයෙකු බිෂොප්වරයා වෙත පැමිණ අල්තාරය අසලදී බිෂොප්වරයාගේ හිසට සහ ඉහළ සිරුරට කිහිප වතාවක් පිහියෙන් ඇන සිටින ආකාරයයි. මෙහිදී පල්ලියේ අය කෑගසමින් පූජකවරයාගේ සහායට දිව යන ආකාරයද වීඩියෝ දර්ශනවල සටහන් වී තිබේ.

මෙම ප්‍රහාරකයා මෙම ප්‍රදේශයේ අයකු නොවන අතර මේ සඳහා පෙර සූදානම්වී පිහියක්ද රැගෙන මෙම දේවස්ථානය වෙත පැමිණ ඇති බව පොලිස් කොමසාරිස් Karen Webb පවසා සිටී.

මෙම ප්‍රහාරය එල්ල කල පුද්ගලයා පිලිබඳ පොලිසිය දැන සිටි නමුත් ත්‍රස්ත විමර්ශන ලැයිස්තුවේ ඔහු නොසිටි බව කැරන් වෙබ් පවසා සිටී.

මෙම ප්‍රහාරය හේතුවෙන් අසල වීදිතුල යම් ප්‍රචණ්ඩකාරී තත්වයක් ඇතිවී තිබේ. රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට පොලිසිය විශාල උත්සාහයක් දැරූ අතර එම ක්‍රියාවලියේදී නිලධාරීන් කිහිප දෙනෙකුට තුවාල සිදු වූ අතර වාහනවලටද අලාභ හානි සිදු විය.

එමානුවෙල් බිෂොප්වරයා සහ තුවාල ලබූ ජ්‍යෙෂ්ඨ පූජකවරයා ස්ථාවර තත්ත්වයෙන් රෝහල් ගතව පසුවන අතර ඉවසීමෙන් සහ සන්සුන් ව කටයුතු කරන ලෙස දේවස්ථානය විසින් මහජනතාවගෙන් ඉල්ලා සිටී.

මෙම සිදුවීම්වලට කෝපයෙන් සහ පළිගැනීමේ චේතනාවෙන් ක්‍රියා නොකරන ලෙසත් ප්‍රචණ්ඩත්වයට හොඳම ප්‍රතිචාරය යාච්ඤාව සහ සාමය බවත් දේවස්ථානය විසින් මාද්‍යයට නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.

දේවස්ථානය විසින් නිකුත් කල නිවේදනය පහතින් දැක්වේ.

Bishop.png

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now