ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් කැළඹුන කාලගුණය යථා තත්වයට පත්වන දින වකවානු ගැන අනාවැකි පළවේ

2025-03-10_14-38-12.jpg

More than 300,000 homes are without power, a man has died in floodwaters and over a dozen soldiers have been injured after ex-Tropical Cyclone Alfred hit parts of eastern Australia. Credit: AAP/SBS News

කුවීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගිනිකොන දිග ප්‍රදේශ වලට සහ නිව්සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඇතැම් ප්‍රදේශ වලට බලපෑ ඇල්ෆ්‍රඩ් සුළි කුණාටු තත්වය හේතුවෙන් එම ප්‍රදේශවලට දැඩි හානි සිදුවී තිබෙනවා. විශේෂයෙන්ම මෙම ප්‍රදේශ වල විදුලිබලය ඇනහිටීම් සහ දේපල හානි සිදුවීම් හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත් වී සිටිනවා.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් කුවීන්ස්ලන්තයේ නිවාස සහ ව්‍යාපාර 450000කට පමණ විදුලුබලය නොමැති වී තිබු අතර 350000 ක් පමණ ඉරිදා සවස් කාලය වනවිටත් විදුලිබලය නොමැතිවීමෙන් ගැටලුකාරී තත්වයකට මුහුණදී ඇති බව කුවීන්ස්ලන්ත ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් ක්‍රිසෆුලි පවසයි. කඩා වැටී ඇති විදුලි බල රැහැන් හේතුවෙන් අවදානම් සහගත තත්වයක් ඇතිවී ඇති අතර මේ වන විට 2000ක් පමණ වන සේවක පිරිසක් විදුලි බලය යථා තත්වයට පත්කිරීමේ මෙහෙයුම් වල නිරත වී සිටින බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් ක්‍රිසෆුලි පවසනවා.

අයහපත් කාලගුණික තත්වය පිළිබඳව තවදුරටත් අනතුරු ඇඟවීම්

ක්වීන්ස්ලන්තයේ Cherbourg නගරයට සහ Gympie, Somerset, South Burnett, Lockyer Valley, සහ Toowoomba යන ප්‍රදේශවලට ගිගුරුම් සහිත දැඩි වර්ෂාපතනයක් පිළිබඳව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ හරහා දැඩි ගංවතුර තත්වයක් ඇතිවීමේ අවධානමක් ද පවතී.

ගිනිකොනදිග ක්වීන්ස්ලන්තයේ ප්‍රදේශ වලට සහ Wide Bay, Burnett, Darling Downs සහ Granite Belt Forecast යන ප්‍රදේශ වටලද අධික වර්ශාපතනයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා කාර්යාංශය කටයුතු කර ඇත.

කාලගුණික තත්වය යහපත්වීමක් අපේක්ෂා කල හැක්කේ කවදාද?

සඳුදා දිනයේ සිට කාලගුණික තත්වය යම් පමණකට යහපත් වීමක් අපේක්ෂා කල හැකි බවට අනාවැකි පල වනවා. කෙසේ උවත් සම්පූර්ණයෙන්ම පවතින අයහපත් කාලගුණික තත්වය පහව යාමක් සඳුදා දිනයේදී අපේක්ෂා කල නොහැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශ බලධාරීන් පවසා සිටිනවා. මෙහිදී ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශ වල කාලගුණික තත්වය අඟහරුවාදා දිනයේ සිට නැවත යහපත් අතට හැරෙනු ඇති බවට බලධාරීන් අනාවැකි පල කර සිටිනවා. කෙසේ උවත් ඉදිරි දින කිහිපයෙදීද අධික වර්ෂාව සහ දැඩි සුලන් සහිත කාලගුණික තත්වයක් අපේක්ෂා කරන බැවින් ආරක්ෂාකාරීව සිටින ලෙස ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි පවසා සිටිනවා.

ආපදාවට ලක්වූ පිරිස් සඳහා රජයෙන් දීමනා.

ඇල්ෆ්‍රඩ් සුළිකුණාටු තත්වය හේතුවෙන් ආපදාවට ලක්වී ඇති පිරිස් සඳහා ආපදා සහන දීමනා ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනීසි මහතා සඳුදා දිනයේදී නිවේදනය කර තිබෙනවා. මාර්තු 11 අඟහරුවාදා සවස 2 සිට myGOV වෙබ් අඩවිය හරහා මේ සඳහා අයදුම්පත් යොමුකළ හැකි බවට වාර්තා වනවා. මෙය කෙටිකාලීන දීමනාවක් වන අතර අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ආදායම් අහිමි වූ අය සඳහා සති 13ක් දක්වා මෙම දීමනාව ලබාදීමට නියමිත වනවා.

මීට අමතරව අපාදාවට පත් අය සඳහා තවත් ආපදා සහන දීමනා රැසක් ලබාදෙන බවට අග්‍රාමාත්‍ය ඇන්තනී අල්බනිසි මහතා ප්‍රකාශ කර සිටිනවා.

රක්ෂණ වාරික ඉහල යාම් පිළිබඳව ජනතාව අතර යම් ගැටලුකාරී තත්වයක්

රක්ෂණ වාරික ඉහළයාම පිළිබඳව ආපදාවට පත් ජනතාව අතර යම් ගැටලුකාරී තත්වයක් ඇතිවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ උවත් රක්ෂණ සමාගම් මෙවැනි අවස්තාවක වගකීම් සහගතව කටයුතු කලයුතු බව අග්‍රාමාත්‍ය ඇන්තනි අල්බනීසි පවසා සිටිනවා. රක්ෂණ වන්දි කඩිනමින් ලබාදීමට කටයුතු කර ජනතා විශ්වාසය දිනාගැනීමට මේ අවස්ථාවේ රක්ෂණ සමාගම් කටයුතු කල යුතු බව අග්‍රාමාත්‍ය ඇන්තනි අල්බනිසි පවසා සිටිනවා

ආපදාවට ලක්වූ ප්‍රදේශ පිරිසිදුකිරීමේ කටයුතු ඇරඹේ

ගිනිකොන දිග කුවීන්ස්ලන්තයේ හානි වූ ප්‍රදේශ යථා තත්වයට පත්කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙහිදී දැඩි ලෙස හානි වී ඇති පාසල් තවදුරටත් වසා තැබීමට කටයුතු කරන බව ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩේවිඩ් ක්‍රිසෆුලි පවසනවා. කෙසේ උවත් මේ සම්බන්දයෙන් දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

සැ. යු. - මෙම පොඩ්කාස්ට් එක නිෂ්පාදනය කොට ඇත්තේ SBS News වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද තොරතුරු මත පදනම්ව බව කරුණාවෙන් සලකන්න.

*****************************************************************************
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service