2021/22 වසරේ ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත හා ටෙරිටරි සඳහා වූ සංක්‍රමණික කෝටාවන්වලට තවත් අමතර කොටාවන් පිරිනැමීමට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
බොහෝ ප්‍රාන්ත සහ ටෙරිටරිවල 2021/22 වසර සඳහා වූ සංක්‍රමණික කෝටාව මේ වන විට අවසන් වී තිබීම හෝ අවසන් වීමට ආසන්න වීම මීට හේතුව වේ.
Highlights
- 2021/22 වසර සඳහා පළමුව අමතර සංක්‍රමණික කෝටාවක් පිරි නැමුවේ Northern Territory වෙතටය.
- ඉන් අනතුරුව බටහිර ඔස්ට්‍රේලියාවටද අමතර සංක්‍රමණික කෝටාවක් 2021/22 වසර සඳහා ලබා දුන්නේය.
- නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සහ Australian Capital Territory වෙතට 2021/22 වසර සඳහා කිසිදු අමතර සංක්‍රමණික කෝටාවක් පිරිනමා නොමැත.
ඔස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රාන්ත හා ටෙරිටරිවලට අමතර සංක්‍රමණික කෝටාවන්
2021/22 වසර සඳහා අමතර සංක්‍රමණික කෝටාවන් හිමිවූ ප්‍රාන්ත අතර වික්ටෝරියා, දකුණු ඔස්ට්‍රේලියා, බටහිර ඔස්ට්‍රේලියා, ටස්මේනියා ප්‍රාන්ත ද Northern Territory යද කැපී පෙනෙන තැනක් ගනී.
නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට සහ Australian Capital Territory වෙතට 2021/22 වසර සඳහා කිසිදු අමතර සංක්‍රමණික කෝටාවක් පිරිනමා නොමැත.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
මෙහිදී ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් 2021/22 වසර සඳහා පළමුව අමතර සංක්‍රමණික කෝටාවක් පිරි නැමුවේ Northern Territory වෙතටය.
ඉන් අනතුරුව බටහිර ඔස්ට්‍රේලියාවටද අමතර සංක්‍රමණික කෝටාවක් 2021/22 වසර සඳහා ලබා දුන්නේය.

අමතරව ලබා දුන් සංක්‍රමණික කෝටාවන් සමග 2021/22 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරිවල සංක්‍රමණික කෝටාවන්
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය
- Subclass 190 – 4,000
- Subclass 491 – 3,640
- Business Innovation and Investment Program – 2,200
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය
- Subclass 190 – 2,600
- Subclass 491 – 2,600
- Business Innovation and Investment Program – 1,000
වික්ටෝරියා ප්‍රාන්තය
- Subclass 190 – 3,500
- Subclass 491 – 750
- Business Innovation and Investment Program – 1,750
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
- Subclass 190 – 1,180
- Subclass 491 – 950
- Business Innovation and Investment Program – 1,400
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ටස්මේනියා ප්‍රාන්තය
- Subclass 190 – 1,100
- Subclass 491 – 2,200
- Business Innovation and Investment Program - 45
Australian Capital Territory
- Subclass 190 - 600
- Subclass 491 - 1,400
- Business Innovation and Investment Program - 30
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය
- Subclass 190 – 2,100
- Subclass 491 - 1,090
- Business Innovation and Investment Program - 360
Northern Territory
- Subclass 190 - 500
- Subclass 491 - 700
- Business Innovation and Investment Program – 75
Read & Listen More

ඔස්ට්‍රේලියාවේ කැන්බරා අග නුවර 2022 සිංහල අලුත් අවුරුදු උත්සවයට ඔබටත් ආරාධනා











