බොහෝ ඔස්ට්‍රේලියානු වීසා සඳහා ඔබට සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දීමට අවශ්‍ය වේ.
ඔබට ඔබේ ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රය සඳහා සෞඛ්‍ය පරීක්ෂණයක් අවශ්‍ය නම්, ඔබේ ImmiAccount හි My Health Declarations (MHD) සේවාව භාවිත කිරීමට හැකි බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටී.
මෙය ඔබට ඔබේ සෞඛ්‍ය පරීක්ෂණය ඉක්මනින් ඉටු කර ගැනීමට උපකාරී වන බවද ඔවුන් පවසයි.
ඔබ ඔබේ සෞඛ්‍ය පරීක්‍ෂණයට කල්තියා මුහුණ දුනහොත් ඔබගේ වීසා බලපත්‍රය ලැබීම වේගවත් වනු ඇතැයිද ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

Credit: Department of Home Affairs
එය පහත ආකාරයේ සාධක මත රඳා පවතී:
- ඔබ අයදුම්කරන වීසා බලපත්‍රයේ ස්වභාවය
- ඔබ ඔස්ට්‍රේලියාවේදී කිරීමට අදහස් කරන දේ
- ඔබ අයදුම් කරන්නේ කුමන රටක සිටද
සෞඛ්‍ය පරීක්ෂණයක් අවශ්‍ය කාහටද?
ඔස්ට්‍රේලියාවට ස්ථිර හෝ තාවකාලික වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කරන්නේ නම් ඔබ සහ ඔබේ අයදුම්පතට සම්බන්ධ අනෙකුත් ඔබේ පවුලේ සාමාජිකයන් සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතුය.
ඔබ පෝලියෝ හෝ ඉබෝලා වයිරස් රෝගය (EVD) වැනි මහජන සෞඛ්‍ය ගැටළු ඇති රටක සිට පැමිණෙන්නේ නම් ඔබට තවත් සෞඛ්‍ය පරීක්ෂණ සිදු කිරීමට අවශ්‍ය විය හැකිය. ඒ පිළිබඳ මෙතනින් දැනගත හැකිය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
ඔබට සෞඛ්‍ය පරීක්ෂණයක් කරගැනීම අවශ්‍ය දැයි පරීක්ෂා කිරීම
Online වීසා අයදුම්පත්
ඔබට සෞඛ්‍ය පරීක්ෂණයක් කරගැනීම අවශ්‍ය දැයි පරීක්ෂා කිරීම සඳහා පහත පියවර අනුගමනය කරන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටී.
- ඔබේ ImmiAccount එකට Log වන්න
- ඔබේ වීසා අයදුම්පත වෙත යන්න
- Applications Status section හි ඇති 'View health assessment' නමැති ලින්ක් එක Click කරන්න
- ඔබට සෞඛ්‍ය පරීක්ෂණ අවශ්‍ය නම්, 'Organise health examinations' යනුවෙන් එහි link එකක් ඔබට හමුවනු ඇත. ඔබට සෞඛ්‍ය පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය link එකක් නොමැත.
- අදාළ link එක ක්ලික් කර ඔබගේ සෞඛ්‍ය ඉතිහාසය සම්පූර්ණ කරන්න.
ඔබ ඔබේ සෞඛ්‍ය ඉතිහාසය සම්පූර්ණ කළ විට, HAP ID ලෙස හඳුන්වන අංකයක් සහිත නිර්දේශිත ලිපියක් ඔබට ලබා දෙනු ඇත.
ඔබේ සෞඛ්‍ය පරීක්ෂණ සංවිධානය කිරීමට ඔබට එම HAP ID එක අවශ්‍ය වේ.
සාම්ප්‍රදායික කඩදාසි අයදුම්පත්
ඔබට සෞඛ්‍ය පරීක්ෂණ කිරීමට අවශ්‍ය නම් ඔබේ අයදුම්පත සලකා බලන නිලධාරියා ඒ පිළිබඳ ඔබව දැනුවත් කරනු ඇත.
එහිදී HAP ID ලෙස හඳුන්වන අංකයක් සහිත නිර්දේශිත ලිපියක් ඔබට ලබා දෙනු ඇත.
ඔබේ සෞඛ්‍ය පරීක්ෂණ සංවිධානය කිරීමට ඔබට එම HAP ID එක අවශ්‍ය වේ.