Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියාවේ අග නගර 5ක පොදු ප්‍රවාහන සේවාවල ගුණාත්මකභාවය තියෙන්නේ මොන මට්ටමේද කියා දැනගනිමු

coronavirus

ඕස්ට්‍රේලියාව තුළ ඉන්දන දහනය අවම කිරීම සහ අනෙකුත් පාරිසරික හේතු මත ජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම කෙරෙහි යොමු කිරීම අපට දකින්නට ලැබෙනවා.


Published

Updated

By Kavindya Umayanganee Chandrasoma, AAP - SBS News

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS / SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියාව තුළ ඉන්දන දහනය අවම කිරීම සහ අනෙකුත් පාරිසරික හේතු මත ජනතාව පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීම කෙරෙහි යොමු කිරීම අපට දකින්නට ලැබෙනවා.


ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර පහේ වෙසෙන මිලියන 15 ක ජනතාවගෙන් දවස පුරා පොදු ප්‍රවාහනය භාවිතා කිරීමේ හැකියාව තිබෙන්නේ අඩකට පමණයි . මේ හේතුවෙන් රථ වාහන තදබදය වැඩිවී මාර්ග අවහිර වන බවට Climate Council හි වාර්තාවක් විසින් අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන අගනගරවල ඇති පොදු ප්‍රවාහන පහසුකම් අතරින් දුර්වලම පොදු ප්‍රවාහන පද්ධතිය ඇත්තේ බ්‍රිස්බේන්හි බව Climate කවුන්සිලය සොයා ගෙන තිබෙනවා. බ්‍රිස්බේන් නගරයෙන් තුනෙන් දෙකක පමණ ප්‍රදේශ වල, දවස පුරා සැපයෙන පොදු ප්‍රවාහන සේවා දක්නට ලැබෙන්නෙ නැහැ

ඕස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවය ඉතා හොදින්ම ක්‍රියාත්මක වන නරග වල අනුපිළිවෙළ දෙසට අවදානය යොමු කරමු.

01. සිඩ්නි

Pictured is a file image of commuters stand on a platform at Strathfield train station in Sydney.
Pictured is a file image of commuters stand on a platform at Strathfield train station in Sydney. Source: AAP

ලයිස්තුවේ ඉහළින්ම තිබෙන්නේ සිඩ්නි නගරයයි

සිඩ්නි වාසී ජනතාවගෙන් 67% කට දවස පුරා තම නිවස අසලින්ම බස් හෝ දුම්රිය පහසුකම් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එනම් උදෑසන 7ත් සවස 7ත් අතර වේලාව තුළ සෑම මිනිත්තු 15ට වතාවක්ම බස් රථයක් හෝ දුම්රියක් ගමන් කරනවා.එමෙන්ම මීටර 800න් 800ට බස් හෝ දුම්රිය නැවතුම්පොළවල් දකින්නට ලැබෙනවා.

සිඩ්නි CDB, බොටැනි සහ ඊස්ටන් සබර්බ් වල පොදු ප්‍රවාහන පහසුකම් බහුලව දකින්නට ලැබෙන අතර Blue Mountains, Penrith සහ Campbelltown යන ප්‍රදේශ වල පොදු ප්‍රවාහනය හොද තත්ත්වයක නොමැති බව වාර්තා වනවා.

සිඩ්නි CDB සිට කිලෝ මීටර 25ක වපසරිය තුළ හොද තත්ත්වයේ පොදු ප්‍රවාහන සේවාවක් ලබා ගත හැකි බව වාර්තාව මගින් පෙන්වා දී තිබෙනවා.

02. මෙල්බර්න්

bus
Source: AAP

ලයිස්තුවේ දෙවැනි ස්ථානය හිමි කරගන්නේ මෙල්බර්න් නගරයයි.

මෙල්බර්න් වාසීන්ගෙන් 52.5%ට දවස පුරා පොදු ප්‍රවාහන සේවා ලබා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ අතරින් හොදම සේවාවක් ලැබෙන්නේ මෙල්බර්න් CDB, Albert Park සහ South Yarra යන ස්ථාන වලදීය.

Cardinia, Mornington, Peninsula සහ Fawkner ප්‍රදේශ සදහා නිසි පොදු ප්‍රවාහන පහසුකමක් ලැබෙන්නේ නැහැ. බොහොමයක් පිරිස් සදහා මෙල්බර්න් CDB සිට කිලෝමීටර් 15ක දුරින් දුම්රිය හෝ බස් සේවා සැපයීම නතර වන බව වාර්තා වනවා.

අඩු ආදායම්ලාභී උපනගරවල නිසි පොදු ප්‍රවාහන සේවා ලබාගැනීමේ හැකියාවද 27% කින් අඩුය.

තම රැකියාව සදහා පිටත් වන මෙල්බර්න් වාසීන්ගෙන් 71%ක් තම

පුද්ගලික වාහන භාවිතා කරන අතර පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ 18%ක පිරිසකි

03.ඇඩිලෙයිඩ්

Tram
Tram Source: AAP

පොදු ප්‍රවාහන සේවාවේ ගුණාත්මකභාවය සම්බන්ධ ශ්‍රේණිගත කිරීම් අතර තුන් වන ස්ථානය හිමි වන්නේ ඇඩිලෙයිඩ් නගරයටයි.

ඇඩිලේඩ් හි ජනතාවගෙන් 47.6% ක පිරිසකට දවස පුරා පොදු ප්‍රවාහන සේවා පහසුකම් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. සේවාව හොදින්ම සැපයෙන ප්‍රදේශ ලෙස Adelaide CBD, Prospect, Walkerville සහ Unley නම් කර තිබෙනවා. එහෙත් Onkaparinga, Playford සහ Port Adelaide ප්‍රදේශ තුළ පොදු ප්‍රවාහන සේවාව හොද තත්ත්වයක නොමැති බව වාර්තා වනවා.

නිසි ප්‍රවාහන සේවා පහසුකම් ලබා ගැනීමේ හැකියාව Adelaide CDB සිට කිලෝමීටර් 8 ක වපසරිය තුළට සීමා වන බව සදහන්. මේ නිසා නගරවාසීන්ගෙන් 80ක% පිරිසක් තම පුද්ගලික වාහන භාවිතා කිරීමට යොමු වී තිබෙනවා.

04.පර්ත්

Perth train
Source: AAP

මෙම ලයිස්තුවේ සිව්වන ස්ථානයේ සිටින්නේ පර්ත් නගරයයි.

පර්ත් නගර වැසියන්ගෙන් 40.5%ක පිරිසකට දවස මුළුල්ලේ පොදු ප්‍රවාහන සේවා ලබා ගන්නට

හැකියාව ලැබෙනවා. 

මේ අතරින් හොදම සේවාවක් ලබා ගත හැකි වන්නේ Perth CBD, Belmont, Victoria Park සහ Fremantle යන ප්‍රදේශ සදහායි.

පර්ත් වාසී බොහොමයක් දෙනාට නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 12ක දුරක් දක්වා හොද පොදු ප්‍රවාහන සේවාවක් ලබා ගැනීමට හැකියි.

තම රැකියා සදහා ගමන් ගන්නා පිරිසෙන් 12%ක් පොදු ප්‍රවාහනය භාවිතා කරන අතර අනෙක් පිරිස තමන්ගේ වාහන මගින් තම සේවා ස්ථානය වෙත ගමන් ගන්නා බව වාර්තා වනවා. 

05.බ්‍රිස්බේන්

Transport Sydney Trains and commuters at Central railway station
Transport Sydney Trains and commuters at Central railway station. Source: AAP / AAP Image/Dan Himbrechts

ඕස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවාව අතරින් ගුණාත්මක භාවයෙන් අඩුම සේවාව දකින්නට ලැබෙන්නේ බ්‍රිස්බේන් නුවරයි.

බ්‍රිස්බේන් නුවර ජනතාවගෙන් දවස පුරා පොදු ප්‍රවාහන සේවාව ලබා ගත හැකි වන්නේ 33.7%ක පිරිසකට පමණයි.

හොද තත්ත්වයේ පොදු ප්‍රවාහන සේවාවක් ලබා ගැනීමට හැකි වන්නේ ප්‍රධාන නගරය තුළ ඇති Annerley, Yeronga සහ Indooroopilly යන උප නගර වලදී පමණයි.

Hills District, Browns Plains සහ Beenleigh ප්‍රදේශ වල දුර්වලතම පොදු ප්‍රවාහන සේවා දකින්නට ලැබෙනවා.

නගර මධ්‍යයේ සිට කිලෝමීටර් 8ක වපසරියක් තුළ දී පමණක් හොද තත්ත්වයේ පොදු ප්‍රවාහන සේවාවක් ලබා ගැනීමට හැකි වනවා.

පොදු ප්‍රවාහන සේවා සදහා ප්‍රවේශ වීමේ හැකියාව අඩු ආදයම්ලාභී උප නගර වල 27%කින් අඩු වී ඇති බව වාර්තා වනවා.

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් ඕනෑම පොඩ්කාස්ට්මාධ්‍යයකින් පුළුවන්. සෙවුම් තීරුවේ SBS සිංහල ලෙසටයිප් කිරීමෙන් අපගේ පොඩ්කාස්ට් වලට පිවිසිය හැකියි.

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now