මාර්තු 20 වෙනිදා සිට ඕස්ට්‍රේලියාවේ සුභසාධන දීමනා ඉහල යන්නේ මෙහෙමයි

Centerlink.jpg

The rising payments are a result of indexation. Source: AAP / Julian Smith

ඕස්ට්‍රේලියාවේ ජීවත් වන විශ්‍රාමිකයින්, කුලී නිවැසියන් සහ රැකියා සොයන්නන්ට මාර්තු මස 20 වනදා සිට රජයෙන් ලබාදෙන සුභසාධන දීමනා ප්‍රමාණය ඉහළ නැංවීමක් සිදුවන බවට තොරතුරු වාර්තා වනවා


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

මාර්තු මස 20 වෙනිදා සිට රජයෙන් ලබා දෙන සුභසාධන දීමනා ඉහල යන බවට තොරතුරු වාර්තා වනවා. උද්දමනය සමග, පවතින දීමනා ගැලපීමක් සිදුවන අතර මේ හේතුවෙන් මෙම දීමනා ඉහල දැමීමක් සිදු කරන බව වාර්තා වනවා. විශ්‍රාමිකයින්, කුලී නිවැසියන් සහ රැකියා සොයන්නන් ඇතුළු මිලියන 5ක් පමණ වන ඕස්ට්‍රේලියානු ජනතාවට මෙම දීමනා ඉහල දැමීම බලපාන බව වාර්තා වනවා.

විශ්‍රාම වැටුප, ආබාධිත අය සඳහා ගෙවන දීමනාව සහ Carer Payment යන දීමනා සඳහා උපරිම වශයෙන් සෑම දෙසතියකටම ඩොලර් 4.60ක මුදලක් එකතුවනවා. මේ අනුව දෙසතියකදී ලැබෙන දීමනාව ඩොලර් 1,149.00 දක්වා වැඩි වනවා.

තනි මාපිය දීමනා (single parenting payment) ලබන අයට සති දෙකකට අමතර ඩොලර් 4ක් ලැබෙනවා. මේ අනුව දෙසතියකට වරක් ලැබෙන දීමනාව ඩොලර් 1,030 දක්වා ඉහල යනවා.

දරුවන් නොමැති JobSeeker දීමනා ලබන අයට $3.10කින් JobSeeker දීමනාව ඉහල යන අතර ඒ අනුව $789.90 දක්වා දීමනාව ඉහල යාමක් සිදුවනවා. පසුගිය වසර තුන තුල උද්දමනයට අනුව මෙම දීමනා ඉහල දැමීමට කටයුතු කිරීම හේතුවෙන් විශ්‍රාමික වැටුප් ලබන තනිකඩ පුද්ගලයකු වසරකට අමතර $3,913ක මුදලක් ලබා ගන්නා බව ෆෙඩරල් රජය පවසා සිටිනවා.

මීට අමතරව යුවලක් සඳහා විශ්‍රාමික දීමනාව $5,902ක අගයකින්ද පසුගිය වසර තුන තුල ඉහල ගොස් ඇති බව ෆෙඩරල් රජය පවසා සිටිනවා.

ජීවන වියදම් අර්බුධය හමුවී පීඩා විඳින ජනතාවට සහය දැක්වීමට රජය කටයුතු කරන බව සමාජ සේවා කටයුතු පිලිබඳ අමාත්‍ය Amanda Rishworth පවසා සිටිනවා.

විශේෂයෙන් දරුවන් සිටින තනිකඩ කාන්තාවන්ට මෙවැනි දීමනා ඉහල දැමීම හරහා විශාල සහනයක් සැලසෙන බව ඇය පෙන්වා දෙනවා. රජයේ සුභසාධන දීමනා ඉහල දැමීම සඳහා රජය 2023/24 වසරේ සහ 2024/25 වසරේ අයවැය ලේඛණයෙන් ඩොලර් බිලියන 11.5ක මුදලක් වෙන්කොට ඇති බව ඇය පවසනවා.

 

මෙම පොඩ්කාස්ට් එක SBS News වෙබ් අඩවිය පළවූ ලිපියක් ආශ්‍රයෙන් සකසා ඇති අතර මෙම දීමනා වැඩි වීම් පිළිබඳව වැඩිදුර තොරතුරු Department of Social Services හි වෙබ් අඩවියෙන් ලබාගත හැක.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now