ඔස්ට්‍රේලියාවේ පුණ්‍ය කටයුතු සහ පුද්ගල අරමුදල් රැස් කිරීම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් ඇති නීතිමය පසුබිම ඔබ දැනුවත්ද? අද Australia Explained විශේෂාංගයෙන් අපි අවධානය යොමු කරන්නේ මේ කාරණය පිළිබඳවයි.
Key Points
- ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරිටරි වල අරමුදල් එකතු කිරීමේ නීති විවිධ වේ.
- අරමුදල් එකතු කිරීමේ වංචා වලට හසු නොවීමට නම් පුණ්‍යායතන වල විශ්වාසනීයත්වය පරීක්ෂා කර බලන්න සැකයක් ඇති නම් පරිත්‍යාග ලබා නොදීමට ඉවසිලිවන්ත වන්න.
- අරමුදල් සඳහා නීති සහ බලපත්‍ර කුඩා පරිමාණයේ අරමුදල් එකතු කිරීම් සහ Online අරමුදල් රැස් කිරීම් සඳහාත් අදාළ වන බැවින්, ඔබගේ අරමුදල් රැස් කිරීමේ අවස්ථාවට අදාළ වන නීති සහ බලපත්‍ර පරීක්ෂා කර බලන්න.
ඔබේ හදවතට සමීප අරමුණකට උදව් කිරීමට ලැබීමෙන් ඔබ අතිශයින් තෘප්තිමත් වනවා විය හැකියි. නමුත් අරමුදල් රැස් කිරීම ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල දැයි ඔබ දන්නවාද? ඔබට අරමුදල් රැස් කිරීමේ වේදිකාවක් පිහිටුවීමට නීතියෙන් අවසර තියෙනවද?
ඔබ පුණ්‍ය කටයුත්තකට පරිත්‍යාගයක් කරන්නේද නැතහොත් ඔබ විසින්ම මුදල් රැස් කිරීමට උත්සාහ කරන්නේද යන්න සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ අරමුදල් රැස් කිරීමේ නීති සම්පාදනය කොට තිබේ.
සෑම ප්‍රාන්තයකටම සහ ටෙරිටරියකටම අදාළ තමන්ගේම අරමුදල් රැස් කිරීමේ නීති රීති පවතී.
අරමුදල් රැස් කිරීම් පිළිබඳ නීති, පළාත් පාලන අනුමැතීන් , ඕස්ට්‍රේලියානු පාරිභෝගික නීතිය සහ රහස්‍යතා නීති වැනි වෙනත් නීතිවලට ද යටත් විය හැකිය.
යම් පුණ්‍යායතනයක් නිත්‍යානුකූලද යන්න දැන ගන්නේ කොහොමද?
ACNC සමඟ ලියාපදිංචි වීම යම් ආයතනයක් විසින් ස්වේච්ඡාවෙන් සිදු කරන අතර, පුණ්‍යායතනයක් කොමිසමේ ලියාපදිංචි ලේඛනයේ තිබේ නම්, එයින් අදහස් වන්නේ එම ආයතනය ලාභ නොලබන තත්ත්වය සපුරාලීමට සහ යහපාලන ප්‍රමිතීන්ට අනුකූල වීමට තක්සේරු කර ඇති බවයි.
පුණ්‍යායතනයක් ACNC ලියාපදිංචි ලේඛනයේ තිබේ නම් එහි විශ්වාසනීය බව පරීක්ෂා කිරීම පහසු බව ACNC කොමසාරිස් වුඩ්වර්ඩ් පවසනවා.
සියලුම ලියාපදිංචි පුණ්‍යායතනවලට පරිත්‍යාග සඳහා බදු අඩු කළ හැකි රිසිට්පත් නිකුත් කළ හැකි වන්නේ නැහ.ැ
Justice Connect හි ලාභ නොලබන නීති සේවයේ නීතිඥ ඒමි විලියම්ස් බදු අඩු කළ හැකි රිසිට් පත් ලබා දිය හැකි වන්නේ කාටද යන්න පැහැදිලි කරනු ලැබුවා
පරිත්‍යාග සඳහා බදු අඩු කළ හැක්කේ බදු කාර්යාංශය , එනම් ATO මගින් බදු අඩු කළ හැකි තෑගි ලබන්නෙකු හෝ DGR තත්වයක් ඇති බවට අනුමත කර ඇති සංවිධානයකට පරිත්‍යාග කරන විට පමණි. ABR Lookup හෝ ABN Lookup නම් වෙබ් අඩවියකට ගොස් සංවිධානයේ නම ටයිප් කිරීමෙන් එවිට සංවිධානයකට DGR තත්වයක් තිබේද යන්න ඉතා පැහැදිලිව සඳහන් වේ.
පුණ්‍යායතනයක් රැස් කරන අරමුදල් නියාමනය වෙන්නේ කොහොමද?
පුණ්‍යායතනයක් රැස් කරන ලද සියලුම අරමුදල් සඳහා ගිණුම්ගත කිරීමට අපොහොසත් වීම වැනි ඇතැම් අරමුදල් රැස්කිරීමේ ගැටළු සඳහා ACNC හට මැදිහත් විය හැකියි.
ACNC වෙත ලැබෙන සියලුම පැමිණිලි විමර්ශනය කරනු ලැබෙනවා. නමුත් ඔබේ පැමිණිල්ල සම්බන්ධයෙන් ඔබට වැඩිදුර තොරතුරු නොලැබෙන අතර ඔබේ පැමිණිල්ල ලැබී ඇති බවට තහවුරු කිරීමක් පමණක් ලැබෙනු ඇති.

පුණ්‍යායතනයක අරමුදල් රැස්කිරීමේ හැසිරීම පිළිබඳව ඔබට සැකයක් ඇත්නම්, එය ඔබේ ප්‍රාන්තයේ හෝ ටෙරිටරියේ නියාමකයා සමඟ මතු කළ හැකි වනවා
අරමුදල් රැස් කිරීමේ නීති පිළිබඳ සාරාංශයක් සහ ඔබේ ප්‍රදේශීය නියාමකයා ගැන තොරතුරු සඳහා, පහතින් ඇති සබැඳි වෙත පිවිසෙන්න:
- Australian Capital Territory
- New South Wales
- Northern Territory
- Queensland
- South Australia
- Tasmania
- Victoria
- Western Australia
පුණ්‍යායතන සම්බන්ධයෙන් ඔබ සතුටු නොවන ඕනෑම දෙයක් පිළිබඳව ඔබට පැමිණිලි කළ හැකි බවත්, ඒ සදහා ACNC හි වෙබ් අඩවියේ ඇති පෝමරය නිර්නාමිකව වුව පිරවිය හැකි බවත් කොමසාරිස් වුඩ්වර්ඩ් පෙන්වා දෙනවා.

අරමුදල් රැස් කිරීමක් වංචාවක් දැයි දන ගන්නේ කොහොමද?
අරමුදල් රැස් කරන්නෙකු ඔබව පෞද්ගලිකව සම්බන්ධ කර ගන්නේ නම් ඔබ කුමක් කළ යුතුද යන්න දැන් අපි විමසා බලමු.
පීටර් හිල්ස්-ජෝන්ස් යනු ඕස්ට්‍රේලියාවේ මුහුණට මුහුණ අරමුදල් රැස් කරන පුණ්‍යායතන සහ අරමුදල් රැස් කිරීමේ ආයතන නියෝජනය කරන කර්මාන්ත ආයතනයක් වන මහජන අරමුදල් රැස් කිරීමේ නියාමන සංගමයේ ප්‍රධාන විධායක නිලධාරියායි.
ඔබ යම් පුණ්‍ය කටයුත්තකට පරිත්‍යාග කිරීමේදී ඉක්මන් වීමෙන් වළකින්න, සැක සහිත සබැඳි මත ක්ලික් කිරීමෙන් වළකින්න, සහ අරමුදල් රැස් කරන්නාගේ විශ්වාසනීය බව පිළිබඳව සොයා බලන්න.Peter Hills-Jones
මුහුණට මුහුණලා අරමුදල් රැස් කිරීමේ වංචා සඳහා ඔහු යම් යම් අනතුරු ඇඟවීම් ගෙනහැර දක්වයි.
- පුද්ගලික අරමුදල් රැස්කරන්නා නිල ඇඳුමෙන් සැරසී නොසිටීම
- ඡායාරූප හැඳුනුම්පතක් නොමැති වීම
- ඔවුන් විසින් පරිත්‍යග කරන මුදල් හෝ එක් වරක් පමණක් ලබා දෙන මෙන් ඉල්ලීම

මුහුණට මුහුණ අරමුදල් රැස්කිරීමේ ප්‍රධාන වර්ග තුනක් තිබෙනවා. වීදි අරමුදල් රැස්කිරීම, ගෙයින් ගෙට ගොස් අරමුදල් රැස්කිරීම සහ සාප්පු සහ මධ්‍යස්ථාන තුළ ක්‍රියාත්මක වන අරමුදල් රැස්කිරීම් ඒ අතර වනවා.
ඔබට මේ මුදල් රැස් කරන පුද්ගලයින්ගේ යම් හැසිරීම් සම්බන්ධයෙන් ප්‍රමිතීන් අපේක්ෂා කළ හැකි වනවා.
හිල්ස්-ජෝන්ස් මහතා උදාහරණ කිහිපයක් ගෙන හැර දැක්වූයේ මෙලෙසින්.
ඔබ Online අරමුදල් රැස්කිරීමේ වැඩසටහනක් දියත් කරන්නේ නම්, එය අරමුදල් රැස් කිරීම නියාමනය කරන ලද ක්‍රියාකාරකමක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
විලියම්ස් මහත්මිය විසින් online අරමුදල් රැස්කිරීම් පිළිබඳ ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දෙනවා.
ඒවා විවිධ අරමුදල් රැස්කිරීමේ නීතිවලට යටත් විය හැකියි. එමෙන්ම පරිත්‍යාගශීලීන් නොමඟ යැවීම වළක්වා ගැනීම සඳහා අරමුදල් රැස්කිරීමේ නිශ්චිත අරමුණ, වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන් අරමුදල් යන්නේ කොතැනටද යන්න පැහැදිලිව සඳහන් කළ යුතුයි.

ඔබ Online අරමුදල් රැස්කිරීමේ වැඩසටහනක් දියත් කරන්නේ නම්, එය අරමුදල් රැස් කිරීම නියාමනය කරන ලද ක්‍රියාකාරකමක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
විලියම්ස් මහත්මිය විසින් online අරමුදල් රැස්කිරීම් පිළිබඳ ප්‍රධාන කරුණු දෙකක් පෙන්වා දෙනවා.
ඒවා විවිධ අරමුදල් රැස්කිරීමේ නීතිවලට යටත් විය හැකියි. එමෙන්ම පරිත්‍යාගශීලීන් නොමඟ යැවීම වළක්වා ගැනීම සඳහා අරමුදල් රැස්කිරීමේ නිශ්චිත අරමුණ, වෙනත් වචන වලින් කිවහොත්, ඔවුන් අරමුදල් යන්නේ කොතැනටද යන්න පැහැදිලිව සඳහන් කළ යුතුයි.
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






