Key Points
- ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණ සම්පත් සහිත පොත් පිංච මගින් ඔබට පරීක්ෂණය සම්බන්ධයෙන් දැන ගැනීමට අවශ්‍ය සියලුම මාතෘකා ආවරණය කරයි.
- මෙම පරීක්ෂණය ඉංග්‍රීසි භාෂාවෙන් වන අතර, ඔබ භාෂාව හොඳින් තේරුම් ගත යුතු වේ.
- බොහෝ ප්‍රාදේශීය ප්‍රජා සංවිධාන මගින්, පුරවැසි පරීක්ෂණය සඳහා සූදානම් කිරීමේ පන්ති සහ පරීක්ෂණය සඳහා සූදානම් වීමට උපකාර කිරීමට සම්පත් ලබා දීම සිදු කරයි.
ඕස්ට්‍රේලියාව බහු සංස්කෘතික රටක් වන අතර, මෙරට මුතුන් මිත්තන් 270 කට වඩා නියෝජනය වේ.
ඕස්ට්‍රේලියානු සංස්කෘතිය ලොව පැරණිතම සහ අඛණ්ඩ සංස්කෘතීන්ගෙන් එකක් වන අතර, වසර 1945 සිට මිලියන හතකට ආසන්න සංක්‍රමණිකයන් මෙරටට පැමිණ තිබේ.
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට ක්‍රම කිහිපයක් පවතී. ඒ සඳහා අයදුම් කිරීමට පෙර ඔබ නිශ්චිත නිර්ණායක මාලාවක් ද සපුරාලිය යුතු වේ.
'Conferral' සහ 'descent' යනු පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමේ වඩාත් පොදු ක්‍රම වේ.
සංක්‍රමණ නීතීඥ Eva Abdel-Messiah ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා සංක්‍රමණිකයින් සිය ගණනකට සහාය වී ඇති අතර, ඇය පවසන්නේ අදාළ නිර්ණායක සපුරාලීම මේ සඳහා වඩාත්ම වැදගත් නිර්ණායකය වන බවයි.
ඕස්ට්‍රේලියාවේ residence requirement හෙවත් "පදිංචි වීමේ අවශ්‍යතාවය" සපුරාලීමට, ඔබ නිශ්චිත නිර්ණායක සපුරාලිය යුතු වේ. මේ සඳහා, වසර හතරක් නීත්‍යානුකූල වීසා මත ඕස්ට්‍රේලියාවේ ජීවත් වීම සිදු කල යුතු අතර, කෙසේ නමුත් මෙම කාලය තුලදී මාස 12 කට වඩා වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවෙන් පිටව ජීවත් වීම සිදු කල නොහැක.
ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමේ අවශ්‍යතාවය සපුරාලීමට අමතරව, වයස අවුරුදු 18 ට වැඩි ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා අයදුම් කරන්නන් 'good character' හෙවත් "යහපත් චරිතයක්" පවත්වාගැනීමද අත්‍යාවශ්‍ය වේ.
මීට අතිරේකව
- ඕස්ට්‍රේලියාවේ පදිංචි වීමට හෝ විදේශගතව සිටින විට සම්බන්ධව සිටීමට සැලසුම් කල යුතු වේ
- ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික දැනුමක් තිබිය යුතු වේ
- ඕස්ට්‍රේලියාව පිලිබඳව සහ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දැනුමක් ලබාගැනීමද වැදගත් වේ
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණය ඔස්සේ මේ සම්බන්ධයෙන් වන දැනුම තක්සේරු කිරීම සිදු කරයි.
Abdel-Messiah පැහැදිලි කරන්නේ, වයස අවුරුදු 18 සිට 59 දක්වා පිරිස මෙහිදී ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික දැනුමක් ඇති බව පෙන්විය යුතු බවයි. එමෙන්ම ඔවුන් සම්මුඛ පරීක්ෂණයක් සඳහා පෙනී සිටිය යුතු අතර පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණයටද පෙනී සිටිය යුතු වේ.

ඔබ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට සුදුසුකම් ලබා, පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණයට සූදානම් වන්නේ නම්, ඔබ ඒ සම්බන්ධයෙන් අධ්‍යානය කිරීම සිදු කල යුතුය.
Abdel-Messiah කියා සිටින්නේ, ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වීමට අවශ්‍ය දේ පිළිබඳව කෙනෙකුගේ දැනුම සහ අවබෝධය තක්සේරු කිරීම මෙම ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳ පරීක්ෂණයෙන් අපේක්ෂා කරන බවයි.
මේ පරීක්ෂණය සඳහා ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රේලියාවේ ජනතාව, එහි සංකේත, ප්‍රජාතන්ත්‍රවාදී විශ්වාසයන්, අයිතිවාසිකම්, නිදහස සහ රාජ්‍ය ව්‍යුහය සහ හුරුපුරුදුකම් පිලිබඳ තොරතුරු ඇතුළත් වේ.
ඕස්ට්‍රේලියාව තුල නීති නිර්මාණය කරන ආකාරය අවබෝධ කර ගැනීම මෙන්ම ඕස්ට්‍රේලියාවේ නිදහස, ගෞරවය සහ සමානාත්මතාවය සම්බන්ධයෙන් වන මූලික වටිනාකම් පිලිබඳ දැනුම පෙන්නුම් කිරීම මේ ඔස්සේ සිදු කල යුතු වේ.
ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය පිළිබඳව වන පරීක්ෂණය, බහුවරණ ප්‍රශ්න 20 කින් සමන්විත වේ.
එය ඕස්ට්‍රේලියානු සංකේත, ඓතිහාසික සිදුවීම්, ඕස්ට්‍රේලියානු රාජ්‍ය ව්‍යුහය සහ පුරවැසි අයිතිවාසිකම් මෙන්ම වගකීම් වැනි විවිධ මාතෘකා ආවරණය කරයි.
මෙම බහුවරණ ප්‍රශ්න 20න් 05ක්ම ඕස්ට්‍රේලියානු අගයන් මත පදනම් වී ඇති අතර ඉන් කිසිවක් සඳහා ඔබට වැරදි පිළිතුරු ලබා දිය නොහැක. කෙසේ නමුත් මෙම පරීක්ෂණය සමත් වීමේ ලකුණු ප්‍රතිශතය 75% වන අතර ඔබට වෙනත් පිළිතුරු ලබාදීම් වලදී සුළු වැරදි සිදුවීම දැඩි ගැටළුවක් නොවේ.
"Australian Citizenship: Our Common Bond" වශයෙන් ලෙස හඳුන්වන ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණ සම්පත් සහිත පොත් පිංච අධ්‍යයනය කිරීම වැදගත් වන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය නිර්දේශ කරයි.
පොත් පිංච භාෂා 40කින් ලබා ගත හැකි අතර, වෙබ් අඩවියේ ඇති පොඩ්කාස්ට් හරහාද ඔබට තොරතුරු වලට සවන් දිය හැක.
පරීක්ෂණය සඳහා අවශ්‍ය සියලු තොරතුරු "Our Common Bond" පොත් පිංචෙහි පවතී. ඔබ එය කියවා හොඳින් තේරුම් ගත යුතු අතර එය මතක තබා ගැනීමට ඔබට උපකාර කිරීමට සටහන් තබාගැනීම වැදගත් වේ.
ඔබට මේ සම්බන්ධයෙන් online practice test එකක්ද අන්තර්ජාලයේ අඩංගු වෙබ්අඩවි වලින් සිදු කල හැක.
සංක්‍රමණ නීතීඥ Eva Abdel-Messiah පවසන්නේ බොහෝ දුරකථන app ඔස්සේ, පරිගණකවලින් වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීමට වඩා පහසුවෙන් මෙම තොරතුරු සඳහා ප්‍රවේශ විය හැකි බවයි.
App ඔස්සේ සියලුම තොරතුරු බාගත කරගත හැකි අතර, ඒවා අධ්‍යනය කිරීමට පරීක්ෂණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින්ට හැකියාව පවතී.
ඒ සඳහා තමන් තම සේවාදායකයින් දිරිමත් කිරීම සිදු කරන අතර YouTube ඔස්සේත් තොරතුරු ලබාගත හැකි බව Eva Abdel-Messiah කියා සිටී.

ඔබට මෙම පරීක්ෂණයේ එන ප්‍රශ්න තේරුම් ගැනීම සඳහා, කියවීමට පුරුදු වී අත්‍යවශ්‍ය වචන මාලාව ඔබට හුරු කරගැනීමට හැක.
ඉංග්‍රීසියෙන් ප්‍රවෘත්තිවලට සවන් දීම සහ ඉංග්‍රීසියෙන් පුවත්පත් කියවීම සිදු කරන ලෙසත් අවම වශයෙන් සතියකට වරක් පුහුණු පරීක්ෂණය සිදුකරන ලෙසත් තමන් සේවාදායකයින්ට උපදෙස් දෙන බව සංක්‍රමණ නීතීඥ Eva Abdel-Messiah පවසයි.
යමකු පරීක්ෂණය සඳහා අයදුම් කල පසු, පරීක්ෂණයට මුහුණ දීම සඳහා මාස 6සිට 9 දක්වා කාලයක් පවතින අතර මේ සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමට ඔවුනට මේ ඔස්සේ සැලකියයුතු කාලයක් හිමි වේ.
ඔබට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පවතින තොරතුරැ ලබාගැනීමට සහ ඔබේ ඉංග්‍රීසි දැනුම වැඩි දියුණු කිරීමට උපකාර අවශ්‍ය නම් බොහෝ ප්‍රාදේශීය ප්‍රජා සංවිධානවලින් ඔබට උපකාර ලබාගත හැක.
උදාහරණයක් ලෙස, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Sydwest Multicultural Services මගින් සහ වික්ටෝරියා ප්‍රාන්තයේ Southern Migrant and Refugee Centre මගින්, පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණයට මුහුණ දෙන පිරිසට උපකාර කරයි.
මෙම සංවිධානවලට බොහෝ විට පළපුරුදු උපදේශකයින් සිටින අතර ඔවුන් ක්‍රියාවලිය පුරා මග පෙන්වීම සහ සහාය ලබා දෙයි.
Sydwest හි Vikki Hine පවසන්නේ, ඔවුන්ගේ පාඨමාලා බොහෝ නව සංක්‍රමණිකයන්, සරණාගතයින් සහ ස්ථිර පදිංචිකරුවන්ට, පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණයට සූදානම් වීමට උපකාර කොට ඇති බවයි.
මෙම පාඨමාලාව සෑම පසුබිමකින්ම පැමිණෙන සංක්‍රමණිකයන් සඳහා විවෘත වේ. සරණාගත තත්ත්වය කුමක් වුවත්, ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඕනෑම අයෙකු පළමු වසර පහ තුළ ස්ථිර ලෙස ජීවත් වීමට Settlement Services ලබගැනීම සඳහා සුදුසුකම් ලබයි.
Sydwest මගින් 2014 දී බටහිර සිඩ්නි හි පළමු පුරවැසි පරීක්ෂණ ඉගැන්වීමේ පන්තිය ආරම්භ කොට තිබේ.
එතැන් සිට, සිය ගණනක් සේවාදායකයින් තම පරීක්ෂණ සාර්ථකව සමත් වී පුරවැසි සහතික ලබා ගත් බව Vikki Hine පවසයි.
ඔවුන් විවිධ ප්‍රශ්න ඔස්සේ ඕස්ට්‍රේලියානු ඉතිහාසය ඉගෙන ගැනීම සිදු කරන බවත් ඔවුනට ප්‍රයෝගික අත්දැකීම් සහ දැනුම ලබාදීමට තම ආයතනය කටයුතු කරන බවත් Vikki Hine කියා සිටී.
එමෙන්ම තම ආයතනය මගින් ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු වශයෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වැටහෙන පරිදි සියලුම ක්ෂේස්ත්‍ර ආවරණය කරන බවත් Vikki Hine කියා සිටී.

ඔස්ට්‍රේලියානු සංස්කෘතිය වැලඳ ගැනීමෙන් ඕස්ට්‍රේලියානු ජාතිය සහ එහි වටිනාකම් පිළිබඳ ඔබේ අවබෝධය වැඩි දියුණු වන බවත් ඇය පවසයි.
පුරවැසිභාවය සඳහා වන පරීක්ෂණයට පෙනී සිටින විට අයදුම්කරුවන් මග හැරිය යුතු පොදු වැරදි සම්බන්ධයෙන් සඳහන් කරමින් සංක්‍රමණ නීතීඥ Eva Abdel-Messiah පවසන්නේ, ප්‍රශ්න ප්‍රවේශමෙන් කියවා, පිළිතුර ලබාදීමට නියමිත කාලය රැඳී සිටින ලෙසයි. කලබල වී ඉක්මනින් පිළිතුර ලබා නොදෙන ලෙසත් Abdel-Messiah කියා සිටී.
එමෙන්ම එක් අයදුම් කිරීමකදී, එම අයදුම් කරන්නාට වාර 3ක් මෙම පරීක්ෂණයට මුහුණ දීම සිදු කල හැකි වේ. තුන්වන අවස්ථාවෙන් පසු විකල්පයක් නොපවතින අතර අයදුම් කරන්නා නැවතත් පුරවැසිභාවය සඳහා අයදුම්පතක් යොමුකළයුතු බව Abdel-Messiah කියා සිටී.





