පළමු නිවස හිමිකර ගැනීමට අවශ්‍ය තැන්පතුව ඉතුරු කර ගැනීම ගැන ඔබ කනස්සල්ලෙන් පසුවනාවානම් එය ඔබට පමණක් පවතින ප්‍රශ්නයක් නොවේ. බොහෝ ඕස්ට්‍රේලියානුවන් මේ සම්බන්දයෙන් කනස්සල්ලෙන් පසුවන තත්වයක් ඔස්ට්‍රේලියාව තුල පවතී. පළමු නිවස ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ දෙනෙක් මෙම තැන්පතු මුදල සොයාගැනීම කියන බාදකය හේතුවෙන් අසරණ වී සිටී.
පසුගිය බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද Domail ආයතනයේ පළමු-නිවාස ගැනුම්කරුවන් පිලිබඳ වාර්තාව මෙසේ ඉතුරු කලයුතු තැම්පතුව සම්බන්දයෙන් යම් සන්සන්ධනය කිරීමක් සිදු කර තිබේ. විවිද වකවානු වල නිවසක් සඳහා අවශ්‍ය වී ඇති මුලික තැම්පතුව මෙහිදී සසඳා ඇති අතර මෙය සමහර ප්‍රාන්ත වල සුභ තත්වයක් ලෙස පෙන්නුම් කලද සමස්තයක් මෙය නරක තත්වයක් බව පෙන්නුම් කර දී තිබේ.
මෙසේ අවශ්‍ය මූලික තැන්පතුව ඉතිරිකිරීමට සාමාන්‍ය යුවලකට කොපමණ කාලයක් ගතවනවාදයි අපි දැන් බලමු.
ඕස්ට්‍රේලියාවේ නිවසක් සඳහා ඉතිරි කිරීමට සාමාන්‍ය යුවළකට වසර පහකට ආසන්න කාලයක් ගතවේDomain First Home Buyer Report 2024
එනම් ඔබ මේවසරේ නිවසක් මිලදී ගන්න සිතන,සාමාන්‍ය වැටුපක් ලබන යුවලක් නම් ඔබ 2019 සිට මේසඳහා ඉතිරිකිරීම ආරම්භ කල යුතු වේ. ඔබ ඕස්ට්‍රේලියානු ප්‍රාදේශීය ප්‍රදේශයක නිවසක් මිලදී ගන්නවානම් අවම වශයෙන් 2020 වසරේ සිට මේ සඳහා ඉතිරි කිරීම ආරම්භ කලයුතු වේ.

කෙසේ වුවත් මෙම අවස්තාව ලබා දී තිබෙන්නේ සමස්ත අදායම ඩොලර් 120,000 ට අඩුවෙන් උපයන යුවල සඳහා පමණක් වේ. මෙහිදී මිලදී ගත හැකි නිවාසයේ මිලද යම් සීමාවකට යටත් කිරීම සිදුවේ.
වැටුප් වැඩිවීම සහ ඉතුරුම් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම නිසා මේවනවිට පළමු නිවාස ගැනුම් කරුවන්ට යම් සහනයක් ලැබී තිබේ. melbourne ප්‍රාන්තයේ මෙසේ තැන්පතුවක් ඉතිරිකරගැනීම සඳහා වැයවන කාලය 2019 හා සසඳන විට මාස තුනකින් පමණ අඩුවී තිබේ. නමුත් Brisbane සහ Hobart නගර වල 2019 හා සසඳන විට වසරකට වැඩි කාලයක් ගතවන බව වාර්තා වේ. Adelaide වල තත්වය මීටත් වඩා බරපතල වන අතර එහිදී මාස 15ක් වැඩිපුර ගතවන බව වාර්තා වේ.

පළමු නිවාස ගැනුම්කරුවන් සඳහා වඩාත්ම දැරිය හැකි ප්‍රදේශ මොනවාද ?
මෙහිදී පළමු නිවස සඳහා සුදුසු නගරය Perth නගරය ලෙස Domain ආයතනය වාර්තා කර සිටී. මෙහිදී සාමාන්‍ය යුවලකට වසර තුනක් තුල අවශ්‍ය මූලික තැන්පතුව ඉතුරු කරගත හැකි බව වාර්තා වේ. Sydney නුවර මිල අඩුම ප්‍රදේශ ලෙස Wyong, St Marys, Wollondilly and Mount Druitt වාර්තා වන අතර අවශ්‍ය තැන්පතුව සඳහා වසර 6ක් ගතවන බව වාර්තා වේ. ඔබ Melbourne වල Melton-Bacchus Marsh, Sunbury or Tullamarine-Broadmeadows වල නිවසක් ගැනීමට අද ඉතිරි කිරීම ආරම්භ කළහොත් 2028 වනතෙක් ඔබට බලා සිටීමට සිදුවේ.
මේ අතර නිවසක් මිලදී ගත පසුව නිවාස ණය ගෙවීම සඳහා බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට තම ආදායමෙන් 40% පමණ වෙන් කිරීමට සිදුවී තිබෙන බව වාර්තා වේ. මෙය බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට දැඩි ආතති තත්වයක් ඇතිකර තිබේ.

මෙහිදී වැඩිම ආතතියකින් පසුවන්නේ Sydney නිවෙස් හිමියන් වන අතර Darwin නිවෙස් හිමියන් අවම නිවාස ණය ආතතියකින් පසුවන බව වාර්තා වේ. මෑතකාලයේ සිදුවූ පොලී අනුපාත ඉහල යාම සහ Covid 19 වසංගත කාලයේ සිදුවූ මිල වැඩිවීම් නිවාස ණය ප්‍රමාණය ඉහල යාමට හේතුවී ඇති බව මෙම වාර්තාව පෙන්වා දෙයි.
කෙසේ උවත් මේ වසර අවසානයේ සිදුකිරීමට නියමිත පොලී අනුපාත අඩුකිරීම පළමු නිවෙස් ගැනුම් කරුවන්ට යම් සහනයක් ගෙනදෙනු ඇතිබව විශ්වාස කෙරේ.