Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මේ මාසයේ පොලී අනුපාත කප්පාදුවක් සිදු උවහොත් ඔබට කොපමණ මුදලක් ඉතිරිකර ගත හැකිද?

2025-02-06_19-27-55.jpg

NAB is the only big four bank to cut rates this year. Credit: Joel Carrett

ඕස්ට්‍රේලියානු මහ බැංකුව පෙබරවාරි මාසයේදී පොලී අනුපාත පිලිබඳ සාකච්චා කිරීම සඳහා හමු වීමට නියමිත වනවා. මේ වසරේ ප්‍රථම හමුවීම මෙය වන අතර ඊට සති කිහිපයක් තිබියදී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් තම නිවාස ණය සඳහා වන පොලී අනුපාත පහත හෙලීමට කටයුතු කර තිබෙනවා.


Published

By Cameron Carr, Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS




Share this with family and friends


ඕස්ට්‍රේලියානු මහ බැංකුව පෙබරවාරි මාසයේදී පොලී අනුපාත පිලිබඳ සාකච්චා කිරීම සඳහා හමු වීමට නියමිත වනවා. මේ වසරේ ප්‍රථම හමුවීම මෙය වන අතර ඊට සති කිහිපයක් තිබියදී ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකුවක් තම නිවාස ණය සඳහා වන පොලී අනුපාත පහත හෙලීමට කටයුතු කර තිබෙනවා.


පෙබරවාරි 17 සහ 18 යන දින වලදී ඕස්ට්‍රේලියානු මහා බැංකුව පොලී අනුපාත පිලිබඳ තීරණයක් ගැනීම සඳහා හමුවීමට නියමිත වනවා. මෙහිදී පොලී අනුපාත කප්පාදුවක් සිදුවනු ඇති බවට අපේක්ෂා කලත් එය මැයි මාසයේ සිදුවනු ඇති බවටද මතයක් පවතිනවා. කෙසේ උවත් මේ වනවිට NAB බැංකුව විසින් ස්ථාවර පොලී අනුපාත යටතේ ලබාදෙන නිවාස ණය සඳහා පොලී අනුපාත පහත හෙලීමට කටයුතු කර තිබෙනවා. මේ අනුව නිවාස ණය සඳහා ලබා දෙන අඩුම ස්ථාවර පොලී අනුපාත අගය ලෙස 5.4%වාර්තා වනවා.

මීට අමතරව නිවාස ණය ලබා දෙන කුඩා ප්‍රමාණයේ ආයතන තුනක්ද විචල්‍ය පොලී අනුපාත සහිත තම නිවාස ණය සඳහා පොලී අනුපාත පහත දමා ඇති බවට ඕස්ට්‍රේලියාවේ මූල්‍යමය සේවා සම්බන්දයෙන් සමීක්ෂණ සිදුකරන Canstar වෙබ් අඩවිය පෙන්වා දෙනවා. ඔවුන් දල වශයෙන් 0.9%ක අගයකින් තම පොලී අනුපාත කප්පාදු කර ඇති බවද Canstar වෙබ් අඩවිය පවසනවා. මේ තත්වය ප්‍රධාන බැංකු ඇතුළු අනෙකුත් ණය දෙන ආයතන විසින්ද ඉදිරියේදී අනුගමනය කරනු ඇත බවට Canstar වෙබ් අඩවිය අනුමාන කරනවා.

ඕස්ට්‍රේලියානු මහ බැංකුව කොපමණ ප්‍රමාණයකින් පොලී අනුපාත අඩු කරයිද?

සාමාන්‍යයෙන් පොලී අනුපාත අඩුකිරීමට තීරණය කළහොත් එහිදී 0.25%ක ප්‍රතිශතයකින් පොලී අනුපාත කප්පාදුවක් සිදු කෙරෙනවා. කෙසේ උවත් මේ වසරේ කප්පාදු කෙරෙන පොලී අනුපාත සම්බන්දයෙන් එක් එක් බැංකු වෙනස් මත දරනවා. Westpac සහ Commonwealth බැංකු පොලී අනුපාත කප්පාදු 4ක් සිදුවනු ඇති බවට අනුමාන කරන අතර ANZ බැංකුව පොලී අනුපාත කප්පාදු 2ක් ද NAB බැංකුව පොලී අනුපාත කප්පාදු 5ක්ද සිදුකරනු ඇති බවට අනුමාන කරනවා.

2025-02-06_19-27-11.jpg
Credit: (AAP Image/Joel Carrett)

පොලී අනුපාත කප්පාදුවක් සිදු උවහොත් ඔබට ඉතිරිකරගත හැකි මුදල කොපමණද?

පොලී අනුපාත කප්පාදුවක් සිදු උවහොත් මසකට $100කට ආසන්න මුදලක් ඉතිරි කරගැනීමට බොහෝ ඕස්ට්‍රේලියානුවන්ට හැකිවනු ඇති බව Canstar වෙබ් අඩවිය පවසා සිටිනවා. 2025 වසරේ පෙබරවාරි වනවිට වසර 25ක නිවාස ණයක් ඇති මේවනවිට 6.33%ක පොලී අනුපාතයක පවතින අයෙකු 0.25%ක පොලී අනුපාත කප්පාදුවක් හරහා මසකට $92ක් වැනි මුදලක් ඉතිරි කර ගැනීමේ හැකියාවක් ඇති බව Canstar වෙබ් අඩවිය පෙන්වා දෙනවා. පොලී අනුපාත කප්පාදු 4ක් සිදු උවහොත් එම අගය $359ක් පමණ වනු ඇති බවද Canstar වෙබ් අඩවිය සඳහන් කර සිටිනවා.

2025-02-06_19-26-31.jpg

මෙහිදී පොලී අනුපාත කප්පාදු කොමපණ ප්‍රමාණයක් සිදුවනු ඇතිද යන්න පිළිබඳව තවමත් අවිනිශ්චිත තත්වයක් ඇති බව University of Technology Sydney හි ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Tim Harcourt පවසා සිටිනවා. ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයන සඳහා බදු පැනවීමට ගත් තීරණය ලෝක ආර්ථිකයට බලපාන ආකාරය අනුව උද්දමනය තීරණය වනු ඇති බවත් ඕස්ට්‍රේලියානු මහබැංකුව ඒ පිළිබඳවද අවධානයෙන් සිටිනු ඇති බවත් Tim Harcourt පවසා සිටිනවා.

********************************************************************************

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.

********************************************************************************


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now