Key Points
- ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවන්ගේ ඉතිහාසය පිළිබඳව ඔබව දැනුවත් කොට ඔවුන් ස්වදේශික නොවන මිනිසුන් සමඟ ඇති සබඳතා තේරුම් ගැනීම
- ඔබ ජීවත් වන භුමියේ පාරම්පරික අයිතිකරුවන් පිලිබඳ ගැන දැනගැනීම
- බහු සංස්කෘතික ප්‍රජාවන්ට පොදු අත්දැකීම් ලබාගෙන සඹඳතා ගොඩනගා ගැනීම
ඕස්ට්‍රේලියානු ස්වදේශික ප්‍රජාවගේ මිත්‍රයෙකු, ඔවුන් සමග කටයුතු කරන්නකු වීම යන්නෙන් අදහස් වන්නේ ස්වදේශික ප්‍රජාවන්ට වැදගත් වන කරුණු සහ හේතූන් සඳහා ක්‍රියාකාරීව සහාය දැක්වීම සහ ඒ වෙනුවෙන් නැගීසිටීම වන බව Yorta Yorta කාන්තාවක් වන ආචාර්ය Summer May Finlay පැහැදිලි කරයි.

ඇය කියා සිටින්නේ අපගේ මිත්‍ර පාක්ෂිකයින් අප සමඟ සිටීම ඔස්සේ අපගේ හඬ ව්‍යාපත කිරීමට සහ අපගේ ප්‍රශ්න පුළුල් ප්‍රජාවකට ගෙන යාමට උපකාරී වන බවයි.
වෙනසක් වෙනුවෙන් පෙනී සිටීම පැහැදිලි ලෙසම වැදගත් වන බවත් ආචාර්ය Summer කියා සිටී.
කෙසේ නමුත් මේ සඳහා නිශ්චිත මාර්ගයක් නොමැති අතර, ස්වදේශික නොවන පිරිසට ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් සමග මිත්‍රශීලී වීමට කළ හැකි බොහෝ දේ පවතී.
ඔබව දැනුවත් කරන්න
සාමාන්‍යයෙන් වෙනත් ඕනෑම සම්බන්ධතාවයක් මෙන්,“ප්‍රජාව දැන හඳුනා ගැනීම ” ස්වදේශික ඔස්ට්‍රේලියනුවන්ගේ හොඳ මිත්‍රයෙකු වීමේ පළමු පියවර වන බව Bundjalung කාන්තාවක් සහ Reconciliation Australia හි ප්‍රධාන විධායක නිලධාරී Karen Mundine පවසයි.
එය ආරම්භ විය යුත්තේ ස්වදේශික පුද්ගලයින් සහ අනෙකුත් ඕස්ට්‍රේලියානුවන් සමඟ අප අද සිටින සම්බන්ධතාවය සහ තත්වය අවබෝධ කර ගැනීම සහ එහි ඉතිහාසය අවබෝධ කර ගැනීම ඔස්සේ වන බවත් Karen පවසයි.
මෙම ක්‍රියාවලිය ඕනෑම ඕස්ට්‍රේලියානුවෙකුගේ ජීවිතය පොහොසත් කළ හැකි බව ඇය වැඩිදුරටත් කියා සිටී.
එය ඔවුන්ට මිනිසුන් සමඟ රට සමඟ සහ ස්ථානය සමග ඔවුන්ගේම සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට අවස්ථාව ලබා දෙයි.
ඕස්ට්‍රේලියානු ස්වදේශිකයින් නොවන පුද්ගලයින් විශ්වාසදායක මූලාශ්‍ර භාවිතා කරමින් තමන්ව ස්වදේශික ප්‍රජාව පිළිබඳව දැනුවත් කිරීමට කාලය ගත කිරීම වැදගත් බව ආචාර්ය Summer වැඩිදුරටත් පවසයි.
සමස්ත ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් ස්වදේශික ප්‍රජාව 3%පමණ සුළු ප්‍රමාණයක් සිටින අතර ඇත්තෙන්ම මිත්‍රයෙක් යනු තමන්ව ස්වදේශික ප්‍රජාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට යම් කාලයක් ගන්නා අයෙකු වන බව ඇය කියා සිටී.
ඕස්ට්‍රේලියාවේ ස්වදේශිකයින් පිළිබඳව ඉගෙන ගැනීමට බොහෝ සම්පත් ඇති අතර, Reconciliation Australia හි ප්‍රධාන විධායක නිලධාරී Karen විශ්වාස කරන්නේ ඔබ ජීවත් වන භූමියේ සාම්ප්‍රදායික හිමිකරුවන් ගැන, First Nations සංවිධාන සහ ප්‍රාදේශීය සභා හරහා ඉගෙන ගැනීම හොඳ ආරම්භයක් වන බවයි.
Reconciliation Australia හෝ ඔබේ ප්‍රාන්තය පදනම් කරගත් කවුන්සිල එවැනි ඕස්ට්‍රේලියාවේ පළමු ජාතීන් පිළිබඳව ඉගෙන ගැනීමට වන සම්පත් අතර වන බව ආචාර්ය Summer කියා සිටී.
සියලු මිනිසුන් සමානව දකින්න
Luke Pearson යනු Gamilaraay පුද්ගලයකු වේ, ඔහු විවිධ ස්වදේශික හඬ සමාජයට රැගෙන යන අන්තර්ජාල වේදිකාවක් වන Indigenous X හි නිර්මාතෘවරයා වේ.
ධනාත්මක වෙනසක් සඳහා සෑම කෙනෙකුටම භූමිකාවක් ඉටු කළ හැකි වේ.

Luke කියා සිටින්නේ ස්වදේශික යුක්තිය වෙනුවෙන් ආදිවාසී නොවන අයව කේන්ද්‍රගත කිරීමට උත්සාහ කිරීමට තම අකමැති වන බවයි.
යමකු ස්වදේශික ප්‍රජාව වෙනුවෙන් යහපත් දෙයක් සිදු කරන්නේ නම් එය විශිෂ්ට වන බවත් නමුත් ඒ සම්බන්ධයෙන් ලේබලයක් හෝ ස්ටිකරයක් අවශ්‍ය නොවිය යුතු බවත් Luke පවසයි.
එමෙන්ම ඔහු අවසාන වශයෙන් සඳහන් කොට සිටින්නේ මෙහි අවසාන ඉලක්කය ඔබට හොඳක් දැනීම නොවන අතර ඉලක්කය වන්නේ ස්වදේශික ප්‍රජාවට ලැබෙන ප්‍රතිපල වැඩිදියුණු කිරීම වන බවයි.





