ඔස්ට්‍රේලියාවට ආවට පස්සේ ඉක්මනින්ම රැකියාවක් සොයා ගන්නේ කොහොමද?

Jobs

Source: Getty / Getty Images

ඕස්ට්‍රේලියාවේ, බොහෝ රැකියා අවස්ථා විවෘතව ප්‍රචාරය නොකෙරේ, එබැවින් රැකියාවක් සොයා ගැනීමට, අපි ඕස්ට්‍රේලියානු ශ්‍රම වෙළඳපොළ තේරුම් ගෙන අපගේම අවස්ථා නිර්මාණය කළ යුතුය. සැඟවුණු රැකියා වෙළඳපොළට අවධානය යොමු කිරීම සහ සංක්‍රමණික රැකියා සේවා පිළිබඳ ඉගෙනීම රැකියා සඳහා ඇති බාධක යම් ප්‍රමාණයකට ඉවත්කරගැනීමට උපකාරී වේ.


මූලික කරුණු
  • සැඟවුණු රැකියා වෙළඳපොළට අවධානය යොමු කිරීමෙන් ඔබට රැකියාවක් සොයා ගැනීමේ අවස්ථා වැඩි වේ.
  • සංක්‍රමණික සහ සරණාගත සේවාවලට යොමුවීමෙන් රැකියා ලබාගැනීම වේගවත් කළ හැකිය.
  • සාත්තු සේවා අංශ, හෝටල් ක්ෂේශ්ත්‍රය වැනි වේගයෙන් වර්ධනය වන අංශ සහ සහ කාන්තාවන් සඳහා රැකියා ප්‍රවර්දනය කිරීම් ගැන සලකා බැලීම වැදගත් වේ.
රැකියාවක් සොයා ගැනීම කියන්නේ ඉතාම වැදගත් කාරණයක්.

ඔබ ඕස්ට්‍රේලියාවට පැමිණි විගස, ඔබගේ රැකියා අයිතීන් මොනවාදැයි වහාම පරීක්ෂා කර රැකියා අවස්ථා සොයා යාම ආරම්භ කිරීම අත්‍යවශ්‍ය වේ.

“යමෙකු ඔබට රැකියාවක් ලබා දෙන තෙක් බලා නොසිටින ලෙස NB NB Migration Law හි ප්‍රධාන නීතීඥ Agnes Kemenes පවසා සිටී

ඔබ විසින්ම රැකියාවක් සොයා යාමට නිභීත විය යුතු බව Agnes වැඩිදුරටත් පවසා සිටී.

රැකියා වෙබ් අඩවි සහ රැකියා සොයා දෙන ආයතන

Seek, CareerOne සහ Jora වැනි රැකියා වෙබ් අඩවි සහ LinkedIn වැනි සමාජ මාධ්‍ය ඔබට කුමන ආකාරයේ රැකියා අවස්ථා තිබේද සහ සක්‍රීයව සේවයට බඳවාගැනීම් සිදුවන සේවා අංශ පිළිබඳ යම් අදහසක් ලබා දෙනු ඇත.

ඔබට රැකියා ලබා දෙන නියෝජිත ආයතන ද සම්බන්ධ කර ගත හැකිය. රැකියා සඳහා බඳවා ගැනීමේ නියෝජිතායතන ඔබව සේවා යෝජකයන් සමඟ ස්ථිර හෝ කොන්ත්‍රාත්තුවක් ලෙස රැකියා ලබා දී එම ආයතන වලින් ගාස්තුවක් අය කිරීම සිදු කරයි. Labour hire ආයතන ඔබව ඔවුන්ගේ ආයතනය බඳවා ගන්නා අතර වෙනත් සේවා යෝජකයින් වෙත ඔබේ සේවාව කොන්ත්‍රාත් ක්‍රමයට ලබා දීම සිදුවේ.
Australia Explained - Job Applications
Recruitment, Job application, contract and business employment concept. Hand giving the resume to the recruiter to review the profile of the applicant. Source: Moment RF / Narisara Nami/Getty Images

සැඟවුණු රැකියා අවස්ථා සොයාගන්නේ කෙසේද?

බොහෝ රැකියා ප්‍රචාරණය නකිරීම හේතුවෙන් , රැකියා සෙවීම යනු ඔබ ඕස්ට්‍රේලියාවේ සේවා යෝජකයන් සමග සෘජුව හෝ වක්‍රව සම්බන්ධතා ගොඩනගා ගැනීමයි

එයින් අදහස් කරන්නේ ඔබේ Facebook කණ්ඩායම් වල උපකාර ලබා ගැනීම හෝ ඔබේ මිතුරන්ගෙන් ඔවුන්ගේ සේවා ස්ථානයේ අවස්ථා ගැන විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටීමයි.

සංක්‍රමණික සහ සරණාගත සේවා සපයන ආයතන

Settlement Services International (SSI) සරණාගතයින් සහ සංක්‍රමණික ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් විවිධ පසුබිම්වල පුද්ගලයන් සඳහා පුහුණු වැඩසටහන් සහ රැකියා මාර්ග වෙත හඳුන්වාදීම සිදුකරයි.

"අපි එය හඳුන්වන්නේ 'සාර්ථකත්වයේ පියවර 10' ලෙසයි," SSI හි රැකියා සේවා ප්‍රධානී Joudy Lazkany පවසා සිටී.

“ රැකියාව සොයා ගැනීමට ඔවුන්ට අවශ්‍ය සියලු දේ අපි ඔවුන්ට කියා දෙනවා. ඔවුන්ගේ සියලුම ලේඛන කටයුතු ඕස්ට්‍රේලියාවට සරිලන පරිදි පරිවර්තනය කරන්නේ කෙසේද, ඔවුන්ගේ විදේශීය සුදුසුකම් ඕස්ට්‍රේලියාවේ සුදුසුකම් වලට ගැලපෙන පරිදි සහතික කරගන්නේ කෙසේද, රැකියාවක් සොයන්නේ කෙසේද, ව්‍යාපාර පිලිබඳ පර්යේෂණ කරන්නේ කෙසේද, අප වැනි සේවාවන් සමඟ සම්බන්ධ වන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමට අපි ඔවුන්ට උදව් කර සිටිනවා යයි Joudy Lazkany පවසා සිටී.

ඔබ විදේශයක රැකියාවක් කළේ නම්, ඕස්ට්‍රේලියාවේදී එය කුමන ආකාරයකින් සිදුවේද යන්න SSI හට පෙන්වා දීමේ හැකියාව පවතී.

“උදාහරණයක් ලෙස, ඔබ ඩොලර් බිලියන ගණනක ව්‍යාපෘතිවල වැඩ කරන මැදපෙරදිග යාන්ත්‍රික ඉංජිනේරුවෙකු නම්, ඔබ ඕස්ට්‍රේලියානු රැකියා ක්ෂේශ්ත්‍රයට ඇතුළු වන්නේ කෙසේද? විදේශීය සුදුසුකම් පිළිගැනීම, රැකියා ස්ථානයේ ඉංග්‍රීසි දියුණු කිරීම, විශ්වාසය ගොඩනඟා ගැනීම, සමාජ සබඳතා ගොඩ නැගීම වැනි කටයුතු සිදුවෙමින් පවතින අතරතුර ඔබට වෙනත් ස්ථානයක රැකියාවක් ආරම්භ කළ හැකිද? වැනි කාරණා සලකා බැලීම SSI විසින් සිදුකල හැකිවේ.

SSI ආයතනය විසින් ඔබව එම ප්‍රදේශයේ ව්‍යාපාර වලට හඳුන්වා දීම සිදු කරයි.

AMES Australia ෆෙඩරල් රජයේ Workforce Australia වැඩසටහන සහ අනෙකුත් ස්වාධීන වැඩසටහන් හරහා සංක්‍රමණිකයන් සහ සරණාගතයින්ට නොමිලේ රැකියා සේවා සපයයි.

සංක්‍රමණිකයන්ට ඇති කුසලතා, සුදුසුකම් සහ සජීවී අත්දැකීම් ඉස්මතු කිරීමට කටයුතු කරන අතර මෙම වැඩසටහන් රැකියා ලබා ගැනීමට ඇති බාධක සඳහා විසඳුම් සෙවීමට කටයුතු කරයි.
රැකියා උපදේශන වැඩසටහන සංක්‍රමණිකයින්ට රැකියා ලබා ගැනීමේ අවස්ථා පුළු කරයි
Laurie Nowell, Public Affairs Manager at AMES.
AMES විසින් නිපුණතා සහිත සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු රැකියා වෙළඳපොළට හඳුන්වාදීම සඳහා Skilled Professional Migrants Program වැඩසටහන ද ක්‍රියාත්මක කරයි.

Portrait Of Female Aboriginal Australian Worker
Portrait Of Female Aboriginal Australian Worker On Solar Farm wearing Hi-Vis Workwear Credit: Thurtell/Getty Images

කාන්තාවන් සඳහා රකියා වෙළඳපොලේ ඇති අවස්ථා

කාන්තාවන් වැඩිවශයෙන් රැකියා සඳහා යොමු කිරීම NSW ප්‍රාන්ත රජයේ විශේෂ වැඩසටහනක් වී තිබේ. මෙම වැඩපිළිවෙල SSI ආයතනය හරහා ක්‍රියාත්මක වන අතර, එය ව්‍යාපාරවලට සහ වෙළෙඳ හෝ ඉදිකිරීම් අංශයට ඇතුළු වන කාන්තාවන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සිදුකරයි.

ව්‍යාපාර සඳහා කාන්තාවන් බඳවා ගැනීමට, රඳවා තබා ගැනීමට සහ සවිබල ගැන්වීමට ව්‍යාපාර සහ කාන්තාවන් සමඟ කටයුතු කරමින් සිටින බව Lazkany මහත්මිය පවස සිටී.

මෙම ව්‍යාපෘතිය හරහා කාන්තාවන් සවිබල ගැන්වීමේ අවශ්‍යතාවය ඉස්මතු කෙරෙන අතර ඒ හරහා තම පවුලට සිදුවන බලපෑම සලකා බැලීම සිදු කරයි.

සත්කාර සහ හෝටල් ක්ශේස්ත්‍ර වෙත අවදානය යොමුකිරීම වැදගත්.

මෙම රැකියා ක්ෂේශ්ත්‍ර සඳහා බොහෝවිට අවම සුදුසුකම් සහිත රැකියා අවස්ථා ලබා දෙන බැවින් AMES Australia මෙම අංශ සඳහා වෘත්තීය පුහුණුව පාඨමාලා පවත්වාගෙන යාම සිදු කරයි.

විශේෂ රැකියා නිපුනතා නොමැති සංක්‍රමණිකයින්ට සහ සරණාගතයින්ට මෙම සාත්තු සේවා සහ හෝටල් සේවා අංශ හරහා ඉතා ඉක්මනින් රැකියා වෙළඳපොළට ඇතුළුවීමේ හැකියාව පවතින බව Laurie Nowell පවසා සිටී.
සත්තු සේවා අංශය වේගයෙන්ම වර්ධනය වන අංශයකි. එහි මිලියන දෙකකට ආසන්න ජනතාවක් සේවය කරන අතර එය 2025 වන විට මිලියන 2.5 දක්වා ඉහළ යයි.
[Laurie Nowell, Public Affairs Manager, AMES Australia]
Australia Explained - Job Applications
A high angle view of a businesswoman talking to one of her colleagues while siting at her desk in the office. Credit: Willie B. Thomas/Getty Images

ස්වේච්ඡා සේවයේ යෙදීමේ වාසි මොනවාද?

“ඔබ ඔබව හඳුන්වා දෙන්න; එවිට ඔබ ඔබේ දක්ෂතාවය ඉබේම හඳුන්වා දෙනවා," යයි Agnes Kemenes පවසා සිටී.

“මෙරටට පැමිණෙන ඕනෑම සංක්‍රමණිකයෙක් විවිද සංස්කෘතියක් සහ ඇතැම් වෘත්තීන් සඳහා විවිධ කුසලතා රැගෙන එයි. ඔබ දිගු කලක් රැකියාවක් සොයමින් සිටින අයෙක්නම් ඔබ නිසැකවම ස්වෙච්චා සේවා ලබා දීමට කටයුතු කරන ලෙස Agnes Kemenes පවසා සිටී.

මේ හරහා , ඔබ අත්දැකීම් ලබා ගනිමින් සේවායෝජකයාට ඔබේ හැකියාව පෙන්වාදීමට අවස්තාව ලබෙනබව ඇය වැඩිදුරටත් පවසා සිටී.

Share
Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service