ඔස්ට්‍රේලියාවේ අද වන විට පවතින කුලී නිවාස වෙළඳපොලේ කුලී නිවෙසක් සෙවීම රැකියා සම්මුඛ පරීක්ෂණයක් මෙන් බැරෑරුම් ලෙස ගත යුතුය.
ඔස්ට්‍රේලියාවේ විශාලතම කුලී නිවාස වෙබ් අඩවිය වන rent.com.au හි ප්‍රධාන විධායක නිලධාරී Greg Bader ගේ උපදෙස් එයවේ.
කුලී නිවාස අයිතිකරුවන් සහ කුලී නියෝජිතයින් විදේශයන්හි සිට පැමිණෙන පුද්ගලයින්ට බාධා ඇති කළ හැකි ආදායම සහ references වැනි පුද්ගලික තොරතුරු ඉල්ලා සිටින බව ඔහු පවසයි.
"වඩාත්ම වැදගත් දේවලින් එකක් වන්නේ නිවාස කුලී ඉතිහාසයයි, එබැවින් ඔබ අලුතින් ඔස්ට්‍රේලියාවට පැමිණියේ නම් එය ලබාගැනීමට ඔබට නොහැකි වනු ඇත."
කෙසේ වෙතත්, ඔබට විකල්ප ඇති නිසා එම විකල්ප පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ඉතා වැදගත් වේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese
SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala
SBS Audio App: App Store හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
Online rental portals හෙවත් අන්තර්ජාල කුලී නිවාස වෙබ් අඩවි
කුලී දේපල සාමාන්‍යයෙන් ගෘහ භාණ්ඩ නොමැතිව ලබා දෙන අතර අවම වශයෙන් වසරක lease එකක් හෙවත් කල්බදුවකට යටත් වේ.
එම කාලය අවසානයේ එය ඉදිරියටත් සාමාන්‍යයෙන් දීර්ග කෙරේ.
rent.com.au, realestate.com.au සහ domain.com.au වැනි ප්‍රධාන කුලී නිවාස වෙබ් අඩවි කුලී නිවාසවල සතිපතා නිවාස කුලිය සහ එම නිවාස පරීක්ෂා කිරීමේ වේලාවන් සමඟ කුලී නිවාස ලැයිස්තුගත කරයි.
නිවෙසක් නැරඹීමේදී, අදාළ පරීක්ෂා කිරීමේ කාලය සාමාන්‍යයෙන් මිනිත්තු 15ක් පමණ පවතින බවත් සතියේ දිනවලට සාපේක්ෂව සති අන්තයේ සැලකිය යුතු ලෙස එම වේලාවන්වලට විශාල පිරිසක් සහභාගී විය හැකි බවත් මතක තබා ගත යුතුය.

කුලී නිවෙසක් සඳහා අයදුම් කිරීම
ඔස්ට්‍රේලියාවේ 800,000 ක් පමණ සිටින නිවාස හා දේපල නියෝජිතයින් නියාමනය කරන ඒකාකාර නීති සම්පාදනයක් නොමැති බැවින්, අයදුම් කිරීමේ ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වෙනස් විය හැක.
කෙසේ වෙතත්, සාමාන්‍යයෙන් කුලී නිවෙසක දේපලක් සඳහා online අයදුම් කිරීමට, ඔබට පහත සඳහන් දෑ අවශ්‍ය වේ:
- විදේශ ගමන් බලපත්‍රය හෝ රියදුරු බලපත්‍රය වැනි ඔබගේ ඡායාරූපය සහිත හැඳුනුම්පතක් සමග ලකුණු 100 ක්
- ආදායම සනාථ කිරීමට අවශ්‍ය ලියවිලි
- කලින් කුලී නිවාස හිමියන්ගෙන් ලබාගත් ඔබගේ කුලී ඉතිහාසය සහ ඔවුන් සම්බන්ධ කරගැනීමට අදාළ තොරතුරු
- Personal references හෙවත් ඔබ ගැන හොඳින් දන්නා පුද්ගලයින්ගේ තොරතුරු
නිවාස හා දේපළ නියෝජිතයන් සාමාන්‍යයෙන් ඔබේ තොරතුරු upload කිරීමට ඔවුන්ගේ online අයදුම්පතක් පිරවීමට ඔබව යොමු කරයි. ඔවුන් ලියකියවිලි සමාලෝචනය කර කුලී නිවැසියෙකු තෝරා ගනු ඇත.
විවිධ නියෝජිතයින් අයදුම්පත් බාරගැනීම සඳහා තරඟකාරී යෙදුම් භාවිතා කරන බැවින්, ඔබට ඔබගේ විස්තර වෙබ් අඩවි කිහිපයක ගබඩා කිරීමට අවශ්‍ය විය හැක.
Greg Bader ට අනුව, මෙම තරඟකාරී වෙළඳපොලේ රහස වන්නේ අයදුම් කිරීමට පෙර නියෝජිතයා සමඟ කතා කිරීම වේ.

කුලී නිවාස වෙබ් අඩවි සඳහා විකල්ප
ඔබට ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී ඉතිහාසය පිළිබඳ සාක්ෂි නොමැති නම්, වෙනත් විකල්ප තිබේ.
තමන්ට කුලී ඉතිහාසයක් හෝ payslips හෙවත් වැටුප් පත්‍රිකා නොමැති බැවින් මෙල්බර්න් හි සුළු පරිමාන ව්‍යාපාර හිමිකරු Nick මෙම තත්ත්වයට මුහුණ දුන්නේය.
කෙසේ වෙතත්, දේපලක් හිමිකරගෙන වසර 20 කට පසු කුලී වෙළඳපොළට තමන් ඇතුළුවන බවත් තමන්ගේ තත්වය පැහැදිලි කරමින් ඔහු තම දේශීය නියෝජිතයාට තමන්ව හඳුන්වාදීමේ ලිපියක් විද්‍යුත් තැපෑලෙන් යොමු කළේය.
"ඔවුන්ට මගේ tax returns ලබා දීමෙන් සහ දිගු කාලයකට පසු මා හට නිවෙසක් කුලියට ගැනීමට අවශ්‍ය බව ඔවුන්ට අවබෝධ කර දීමෙන් සහ මා වටිනා ගනුදෙනුකරුවෙක් බව ඔවුන්ට ඒත්තු ගැන්වීමෙන් මා නිවෙසක් කුලියට ගැනීමට සුදුස්සෙකු බව ඔවුන්ට ඔප්පු කළෙමි."
Greg Bader, සතියේ දිනවල තමන් කැමති ප්‍රදේශයේ නිවස හා දේපළ නියෝජිතයන් සම්බන්ධ කර ගැනීමට අනාගත කුලී නිවැසියන්ව දැඩි ලෙස දිරිමත් කරයි.
"කුලී නිවාස පරීක්‍ෂාවකදී ඔබව හඳුන්වා දීමට සහ සම්බන්ධතාවයක් ගොඩනඟා ගැනීමට ඇත්ත වශයෙන්ම වෙලාවක් නැහැ, සතියේ මැද දිනයක ගොස් ඔබ සොයන දේ පැහැදිලි කිරීමට සහ ඔබ ගැන මදක් පැහැදිලි කිරීමට ඔබට අවස්ථාව ලබා ගත හැකිය." ඔහු පැවසීය.

සමාජ ජාල වල පළ කරන නිවාස හා දේපල
ඇතැම් නිවාස හිමියන් තම නිවාස කුලියට දෙන බව දැනුම් දීමට සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල නිවේදනය කිරීමට තෝරා ගන්නා නමුත්, එහිදී සිදුවිය හැකි වංචාවන් පිළිබඳව ප්‍රවේශම් වීම වැදගත් වේ.
නිවාස පුද්ගලිකව පරීක්ෂා කිරීමකින් තොරව සහ ඔබ නීත්‍යානුකූල හිමිකරු හෝ බලයලත් නියෝජිතයා සමඟ පමණනක් ගනුදෙනු කරන බව තහවුරු නොකරගෙන කිසිවිටකත් දුරකථනයෙන් අදාළ කුලී නිවෙස කුලියට ගන්නා බවට පොරොන්දු නොවන්න.
අනෙක් අතට, ඔබ සිටිනා තත්ත්වයට සමාන තත්ත්වයන්ට පත් වූ පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමට ඔබේ සමාජ මාධ්‍ය ජාල හොඳ ක්‍රමයක් විය හැකිය.
නිශ්චිත තදාසන්න ප්‍රදේශවල බොහෝ නිව්ස් හා දේපළ වෙළඳාම් නියෝජිතයින් ඇත්ත වශයෙන්ම ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණි පුද්ගලයින් සඳහා පහසුකම් සපයයිrent.com.au හි ප්‍රධාන විධායක නිලධාරී Greg Bader
එවැනි එක් නියෝජිතයෙක් වන්නේ උතුරු මෙල්බර්න් ප්‍රදේශයේ Love & Co හි කුලී නිවාස අංශයේ ප්‍රධානී Bijan Rahimi ය.
තමන්ගේ ප්‍රාදේශීය Farsi භාෂාව කතා කරන ප්‍රජාව සමඟ සමීපව කටයුතු කරන ඔහු කටින් කට සහ සමාජ මාධ්‍ය පළ කිරීම් හරහා නිවාස සොයා ගැනීමට මිනිසුන්ට උපකාර කිරීම සඳහා භාෂාව සහ සංස්කෘතික බාධක පාලමක් කරගෙන ඇත.
AMES වැනි ප්‍රජා සත්කාර සේවා වෙතද Rahimi නිවාස සොයන නව අමුත්තන් සමඟ සම්බන්ධ කරයි.
“ඔවුන්ගේ පසුබිම දැනගෙන භාෂාව කතා කරන්න පුළුවන් නම් ඒක උදව් වෙනවා,” ඔහු පවසයි.
"ඔවුන් නිවෙසකට ඇතුල් කිරීම, මෙහි දේවල් සිදු කරන ආකාරය පැහැදිලි කිරීම, ඔවුන්ගේ වගකීම් මොනවාද සහ ඔවුන් රැකබලා ගන්නා බවට වග බලා ගැනීම, කුලී නිවැසියන්ට මුළුමනින්ම සහනයක් ගෙන දෙනවා,"
rent.com.au වැනි කුලී නිව්ස් වෙබ් අඩවි ඔබට නිවෙසක් කුලියට ලබා ගැනීමේදී දැන ගැනීමට අවශ්‍ය සියල්ල සපයයි.





